IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෛද්‍ය සමිතා සමන්මලීට ආසියානු පැරා ලෝකඩ පදක්කමක්

(ඩයනා උදයංගනී)

දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ‘කාන්තා කේවළ ඔරු පැදීමේ’ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය සමත් වූවාය.

ඇය ආබාධිත තත්ත්වයට පත්වූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මීට වසර 11කට පෙර පැවැති ප්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙනි.

වෛද්‍ය ශිෂ්‍යාවකව සිටියදී මෙම අනතුරට ලක්වීමෙන් පසු ඇයගේ ශරීරයේ ඉණෙන් පහළ  කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික වුවද ඇය දෛවයට අභියෝග කරමින් විශේෂ රෝද පුටුවක සහය ඇතිව සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළාය.

ඇය ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත්තේ ශ්‍රී ලංකාවට අභිමානයක් ද ගෙනඑමිනි.

වෛද්‍ය ශිෂ්‍යාවකව සිටියදී අනපේක්ෂිත ලෙස මුහුණ පෑ අනතුරින් පසු  බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පාලනාධිකාරයට එරෙහිව නඩු පැවරූ සමිතා එම නඩුවෙන් ජයගත් අතර ඇය වෙනුවෙන් කෝටි 18 ක විශාල වන්දියක් ගෙවිමට එම පාලනාධිකාරියට සිදුවිය.

මේ අතර පැරා ඔරු පැදීමේ තරගාවලියේදී පිරිමි ඔරු පැදීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට එම්. පී. ජයකොඩි මහතා සමත්ව තිබේ.

 



අදහස් (8)

වෛද්‍ය සමිතා සමන්මලීට ආසියානු පැරා ලෝකඩ පදක්කමක්

Karl Tuesday, 29 October 2019 05:19 PM

නියමයි! සුබ පැතුම්

:       0       468

විජිත් Tuesday, 29 October 2019 06:03 PM

සුබ පැතුම් !!!

:       0       0

Raveendra Tuesday, 29 October 2019 08:01 PM

පුතේ නුඹට අපගේ උණුසුම් සුබපැතුම් !!!

:       0       0

mahida Wednesday, 30 October 2019 01:14 AM

අනේ කකුල් දෙක තිබුණා නම් කොච්චර දෙයක් කරයිද?

:       0       0

sharm warn Wednesday, 30 October 2019 03:56 AM

ඔබේ නිහඩ ආදර්ශයට අපේ උණුසුම් සුභ පැතුම් සොයුරිය ...

:       0       12

upul galappaththi Wednesday, 30 October 2019 04:01 AM

සමිතා ඔබට අපේ සුභ පැතුම් !!!

:       0       4

යාපා Wednesday, 30 October 2019 05:08 AM

ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන. හදවතින්ම සුබ පතනවා..!

:       0       2

Srikantha Wednesday, 30 October 2019 08:41 AM

නියමයි... ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි. මගෙන් සුබපැතුම් !!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site