
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
වෛද්‍ය සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම කමිටුව පත් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා, රාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විජේසිංහ, විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න, විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන යන මහත්වරුන් සහ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
මේ වන විට වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිව තිබෙන බවත්, එම බලපෑම් ඉවත් කරන නැවතත් ස්වාධීන ආයතනයක් බවට පත් කරන ලෙසත් තමන් වෙත පැමිණිලි කළ පාර්ශව ඉල්ලා ඇතැයි ද ඇමැතිවරිය කීවාය.
ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇති වූ සිද්ධි, වෛද්‍ය සභාව තුළ පුරප්පාඩු වී ඇති නියෝජිතයින් පත් කිරීම සඳහා පැවැත්විය යුතු නිලවරණය දිගින් දිගටම කල්දැමීම, වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නොමැති වෛද්‍යවරුන් එහි ලියාපදිංචියට කටයුතු කිරීම, විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සඳහා පවත්වනු ලබන ඊ.ආර්.පී.එම් විභාගය කල්දැමීම සහ වෛද්‍ය සභාව තුළ එහි විෂය පථයට හා පවතින නීතිවලට පරිබාහිර පැමිණිලි විභාග කිරීම ආදී වශයෙන් තමා වෙත වෛද්‍ය සභාවට එරෙහි පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ද ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කළ ස්වාධීන ආයතනයක් බවත් එහි ප්‍රධානතම වගකීම රෝගී අයිතිවාසිකම් සුරකිමින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීම, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම හා වෛද්‍යවරුන් නියාමනය කිරීම බවත් ඇය කීවාය.
වෛද්‍ය සභාව ගන්නා තීන්දු තීරණ වල අවසන් වගකීම පැවරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට බව කී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉහත පැමිණිලි සම්බන්ධයෙන් අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහා මෙම විශේෂඥ කමිටුවක් පත් කළ බව ද කීවාය.
මීට අමතරව ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවෙන් ද වාර්තාවක් ඉල්ලා ඇතැයි කී ඇමැතිනි එම වාර්තාවන් ලැබුණු පසු අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළාය.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වෛද්‍ය සභාවේ කටයුතු ගැන හොයන්න පංච පුද්ගල කමිටුවක්
dasun Thursday, 17 September 2020 05:32 AM
මේ කමිටුව වෛද්‍ය සභාවේ කටයුතු ගැනත් හොයනවද.?