IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෛද්‍ය ෂාෆිගේ සී.සී.ටී.වී පද්ධතියේ දත්ත මකලා

(පුෂ්පකුමාර ජයරත්න)
 
වඳ සැත්කම් සිද්ධියක් සහ අසීමිත ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් ඔහුගේ නිවසේ සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් කොටසේ දත්ත මකා දමා ඇති බැවින් එම යන්ත්‍රය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (7) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් ෙවිභාගයට ගත් අවස්ථාවේදි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය .
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි විජිත පෙරේරා සහ කොස්තාපල් (44895) සිල්වා මහත්වරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ අධිකරණ නියෝගයකට අනුව පසුගිය මස 20 වන දින සැකකාර වෛද්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් ඔහුගේ නිවසේ සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් ඇතුළත් යන්ත්‍රයේ  පටිගතවූ කිසිදු දර්ශනයක් නොමැති බවත් එම දර්ශන සැකකාර වෛද්‍යවරයා විසින් හෝ එම යන්ත්‍රය සැකකරුට ලබාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් පිරිසක් විසින් සිතා මතාම මකා දමන්නට ඇතැයි සැක කරන බවත්ය.
 
එම පටිගත දත්ත සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඉතා වැදගත් බව අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාගාරයේ ඉල්ලීමකට අනුව එම යන්ත්‍ර කොටස වැඩිදුර පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ. 
 
සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදි ඔහුගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් ඇතුළත් යන්ත්‍ර කොටස කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගලවා පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබිණි. පසුව මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමෙන් පසුව වැදගත් නඩු භාණ්ඩයක් වන එම යන්ත්‍ර කොටස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සැකකාර වෛද්‍යවරයාට ආපසු ලබාදී ඇති බව අනාවරණය විය.
 
ඒ අනුව එම යන්ත්‍ර කොටස ආපසු ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය මස පැවති නඩු වාරයේදී අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම යන්ත්‍ර කොටස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස සැකකාර වෛද්‍යවරයාට නියෝග කළේය.
 
 අධිකරණ නියෝගයට අනුව සැකකාර වෛද්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලද එම පටිගත කිරීම් සහිත යන්ත්‍රය නඩු භාණ්ඩයක් ලෙස  අධිකරණයට ඉදිරිපත් කෙරිණි.



අදහස් (7)

වෛද්‍ය ෂාෆිගේ සී.සී.ටී.වී පද්ධතියේ දත්ත මකලා

eresh S kumara Friday, 07 February 2020 09:35 AM

කලින් අල්ලගත්තුවෙලේ ගන්න තිබ්බා. දැන් විකාර කියවලා වැඩක් නෑ. කිසිම ප්ලෑන් එකක් නෑ.

:       7       154

anuraFriday, 07 February 2020 09:48 AM

ශානිගේ වැඩතමයි...

:       57       265

NuwanFriday, 07 February 2020 07:38 PM

සහතික ඇත්ත.. කට්ටියම එකතුවෙලා වැඩේ කරලා තියෙන්නේ... සාෆිගේ සීසීටීවී නැවත පොලිස් භාරයට ගන්න නියෝග දුන්නු දවසේම මම කිව්වා ඕවා මකලා තියෙන්නේ කියලා.. ඒක අද හරියටම හරිගියා.

:       1       0

PradeepSaturday, 08 February 2020 02:31 AM

මුදලට සියල්ලම යටයි..

:       0       8

RanjithT Friday, 07 February 2020 09:38 AM

මෝඩකමට බෙහෙත් නැත...

:       100       73

අළුත්225ක් තෝරමු Friday, 07 February 2020 04:06 PM

මැතිවරණයක් ළඟ ළඟම ඇත..

:       0       1

Kiraa Friday, 07 February 2020 06:13 PM

පහුගිය කාලේ පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතවම කළ වැඩක්...

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site