(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද(04) අභාවප්‍රාප්ත විය.
මිය යනවිට ඔහු 89 හැවිරිදි වියේ පසුවිය. මාලඹේ සයිටම් පෞද්ගලික සරසවියේ නිර්මාතෘවරයා වන්නේ ද, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය.
ඒ මහතා හිටපු (එජාප)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පානදුරේ මන්ත්‍රී ධුරය හෙඹවූයේ ප්‍රනාන්දු මහතාය.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඉකුත් 2 වැනි දින කොළඹ අයි.ඩී.එච් රෝහලට ඔහු ඇතුළත් කර තිබූ අතර, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෙතෙම අද අභවප්‍රාප්ත වූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට නිවන් සුව...! රටට ඉතාමත්ම වටිනා තැනැත්තෙක් නැතිවුණා.
දර්ශනයක් ඇති මිනිසෙකුගේ පිටවීම. ඔබේ චිත්ත ශක්තිය හා අධිෂ්ඨානය ආදර්ශවත්ය. කණගාටුදායකයි...
ඔබතුමාට අජරාමර උතුම් නිවන් සම්පත්තිය ලැබේවා...!!!
නිවන් සුව ලැබේවා..!!!
ඔබතුමා, මේ අමනයින්ගේ රටේ තව දුරටත් ජීවත් නොවී මියයාම, ඇත්තෙන්ම දුකකටත් වඩා එක්තරා සතුටක්. ඔබතුමා මෙරටට දායාද කළ "නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල" හා සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය පීඨය ගැන නොයෙකුත් අවලාද නැගූ මාෆියා කල්ලිය ඇතුළු මේ රටේ සියයට 3ක් වූ නින්දිතම දේශපාලන පක්ෂය ගැන මම අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. මම නම්, මෙතුමාට ප්‍රාර්ථනා කරන්නේ මේ මන්ද බුද්ධික, අවිචාරවත්, අමනයින්ගේ දේශයෙන් සමුගෙන වෙනත් වැදගත් ජාතියක හා රටක නැවත ඉපදෙන්නයි!! සමාදානයේ සැතපේවා!!!
කල්ල මරේ... ඒ සල්ලිත් රාජපක්ෂලාට...
ඔබතුමාට නිවන් සුව අත්වේවා...!!!
ඔබට අජරාමර නිවන් සුවය පතමි...
ගොඩක් වහල් මන්ද මානසික උන්මත්තකයන් මෙතුමාව දන්නේ සයිටම් එක ගැන නිසා. ඊට පෙර මොහු කළ කී දෙයක් ගැන අහලාවත් නෑ. ඉතින් කටු කන බල්ලන් වගේ ඔහේ බුරනවා. වගුරුබිමක් ගොඩකර කර්මාන්තපුරයක් ඉදිකරලා කෙරුවේ පරිසර විනාශයක් කියලා කියවනවා. වගුරක් යන්න නොදන්නා මන්දබුද්ධිකයන්ගේ දැනුම ගැන එයින්ම සිතා ගත හැකියි. එසේ බැලුවොත් කොළඹ නගරයෙන් වැඩි හරියක්ම ඇත්තේ වගුරුය. දැක්මක් ඇති මිනිස්සුන්ට ලංකාව ගැලපෙන්නේම නැත...