IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෛද්‍ය නිලධරයන්ගේ සංගමය කළුතර රෝහල්වල වැඩ වරති

(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) දහවල් 12 සිට කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ රෝහල්වල පැය 24 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නාගොඩ රෝහලේ ක්‍රියාත්මක කරමින් තිබියදී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ මැර පිරිසක් පැමිණ එය කඩාකප්පල් කිරිමට විරෝධය දැක්වීම සඳහා එම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.



අදහස් (11)

වෛද්‍ය නිලධරයන්ගේ සංගමය කළුතර රෝහල්වල වැඩ වරති

sam Monday, 24 June 2019 11:50 AM

ඇමති මොනවා හරි කළා නම් ඇමතිගෙන් හරි, මැරයෝ මොනවා හරි කළා නම් මැරයන්ගෙන් හරි පළි ගන්නවා මිසක් අහිංසක ලෙඩුන්ගෙන් පළි අරන් හරියනවද?

:       223       578

thusithaMonday, 24 June 2019 12:39 PM

එහෙම බෑනේ. ඇමතියට බයයිනේ.

:       5       68

MaheeMonday, 24 June 2019 10:17 PM

ඔබ අහලා නැද්ද රෝග නිදානයට මිසක් රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරලා වැඩක් නැති බව. මෙතන රෝග නිදානය ඔය කියන මැරයෝ නෙමෙයිනේ. නිදානයට එරෙහිව තමයි මේ ගොල්ල ප්‍රතිකාර කරන්න හදන්නේ. හැබැයි, මම එහෙම් පිටින්ම දොස්තර වර්ජනවලට විරුද්ධයි. මේකටත් පිළිකුලින් යුතුව විරුද්ධයි. තැලෙන්නේ අපි නිසා.

:       0       0

sampath Monday, 24 June 2019 12:04 PM

සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කළයුතුයි මෙයාලා හැමදාම වර්ජන, තර්ජන, ගර්ජන, ජනතාව අසරණ වෙලා රෝහල්වලට යන්නේ පණ කෙන්ද බේරගන්න.. මොකක් හරි අල්ලන් මෙයාලා වර්ජන කරනවා. සල්ලි තියෙන කෙනා පුද්ගලික රෝහල්වලටත් විදේශවලටත් යනවා.

:       1       124

kamaniMonday, 24 June 2019 02:56 PM

ඔය දතාව ගෙදර යවන්න බැරිනම් එලොව හරි යවන්න. මහා පිළිලයක්.

:       319       269

චිත්‍රානන්දMonday, 24 June 2019 11:33 PM

දේශපාලනය මෙතනට වැඩක් නැහැ. රාජිත යමක් කරා. ඒක අපි කුහක නොවී පිළිගන්න ඕන. එයාව ගෙදර යවන්න ඕන නම් අදාළ තැන්වල පැමිණිලි දාලා වැරදි ඔප්පු කරලා එහෙමයි කරන්න ඕන. ජී.එම්.ඕ.ඒ. කියන්නේ තනිකරම දේශපාලනය කරේ තියාගෙන යන සමිති ශාඛාවක්. ඒක කවුරුත් දන්නවා. වෙන රටවල වෛද්‍යවරු අලුත් සොයාගැනීම්, පර්යේෂණ කරලා ජනතාවට යහපතක් කරද්දී අපේ අය ගෝත්‍රිකයෝ වගේ හැසිරෙන්නේ.

:       0       0

ප්‍රදීප් Tuesday, 25 June 2019 04:46 AM

නියමයි .....

:       0       0

රොෂාන් Monday, 24 June 2019 08:37 PM

රෝහල් වලට එන අහිංසක රෝගීන්ගෙන් බලෙන් අත්සන් අරගන්න මේ අය කවුද?

:       0       0

Rata Perata Tuesday, 25 June 2019 06:41 AM

GMOA ත්‍රස්තවාදී සංවිධානය වහාම තහනම් කල යුතුයි. රජය කරන්නේ නැත්නම් අපි කරනවා.

:       0       0

BamunuarachchiWednesday, 26 June 2019 01:03 PM

අම්මටසිරි මෙන්න මිනිස්සු. හැබැයි දොස්තර එනකොට පුටුවෙන් නැගිටිනවා.

:       0       0

thilakasiri Tuesday, 25 June 2019 12:00 PM

ඉස්සර තමයි වෛද්‍යවරු හිටියේ. වෛද්‍යවරයෙකු කියන්නේ සංසාර හේතු ඇති මහා ප්‍රාඥයෙක්. නියම වෛද්‍යවරයෙකුට සතෙකු හරි ලෙඩ වී සිටිනු දුටුවොත් ප්‍රතිකාර කිරීම තරම් ලොකු වැඩක් තවත් නැහැ. මේගොල්ලෝ මොන වෛද්‍යවරුද? කටපාඩම් කරලා අවුරුදු 5ක් ඉගෙනගෙන කොහොමද වෛද්‍යවරයෙක් වෙන්නේ. ලෙඩ්ඩු ලක්ෂ ගානක් අතගාලා ලබන පළපුරුද්ද නැතුව හරි වෛද්‍යවරයෙක් වෙන්න බැහැ. එහෙම සංසාර පුරුද්දක් නැති අය විභාගය සමත් කරන් වෛද්‍ය සේවයට ආවට දේසපාලුවෝ ගොඩටම තමයි යන්නේ. ලෙඩෙක් විමසලා ලබාගන්න අවබෝධය නිවන් දකින්න ඉවහල් වෙනවා වුනාට මෙයාලට හතර අපායේ දොර ඇරිලා. මෙයාල වගේ වෛරී සිතුවිලි ඇති අයගෙන් වෙදකම් නොගත යුතුමයි. මොවුන් වෛද්‍ය වෘත්තියට නුසුදුමය. වෛද්‍ය වෘත්තීය අතහැර දේශපාලනය කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site