(සුජිත් හේවාජුලිගේ )
රට "ලොක්ඩවුන්"(වැසීම )කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිලවශයෙන් නිර්දේශකර නැතැයිද හෙතෙම සඳහන් කළේය.
රජය සියලු තීන්දු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය හැමවිටම බැඳී සිටින බවත් මහාචාර්යවරයා පැවසුවේය.
දේශපාලන පක්ෂවල බළල් අත් වී සිටින ඇතැම් පුද්ගලයන්ට අද වුවමනා වී ඇත්තේ ආණ්ඩුව කුමන හෝ අයුරකින් පෙරළීමට බව පැවසූ ජයසුමන මහතා ඒ පහත් උත්සාහය සඳහා කිසිවිටෙකත් ඉඩ නොතබන බවද සඳහන් කළේය.
රට වැසීමට සෞඛ්‍ය අංශවලින් නිර්දේශ නිල වශයෙන් ලැබෙන්නේ නම් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමට නොපැකිළෙන බවත් කවුරු කුමක් කීවත් රටේ එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවත්වන පුද්ගලයන් මේ මොහොතේදී අමතක කිරීමට රජයට නොහැකි බවත් චන්න ජයසුමන මහතා කීවේය.
රටේ පවතින තත්වය ගැන ජනාධිපතිවරයා ප්‍රධාන රජය නිරන්තරවම විශේෂ සැලකිල්ලකින් සිටින බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් වසංගත තත්වය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය
COMMENTS
බොරු බේගල් කිය කියා ඉන්නවා... මිනිස්සු මැරෙනකල්...
එතකොට මෙච්චර දවසක් මේ රෝගය පිළිබඳව රටට කරුණු කිව්වේ පශු වෛද්‍යවරු වෙන්න ඇති. ඔයාලාගේ විශේෂඥයින් කියන්නේ ඔය කමිටුවට වාඩිවෙන එහෙයියන් වෙන්න ඇති. රට්ටු තවමත් බොහොම ඉවසීමෙන් ඉන්නේ. නිකන් කුණුහරප කියවන්න එපා..
පිස්සුද නැත්තන් හැටිද? මිනිස්සු කොයිවෙලේ මැරෙන්න වෙයිද කියලා බයේ ඉන්නවා. මෙයා කියනවා මිනිස්සු ආණ්ඩුව පෙරලන්න ලෑස්ති වෙනවා කියලා...
ඔය මහාචාර්යකම දුන්නා නම් ළමයෙකුට...!
රජයේ සිටින විශ්වාස නොකළහැකි තවත් පුද්ගලයෙකුගේ කතා මොනවටද?
මෙම පුවත කියවීමෙන් පසු කෙනෙකුට හැඟෙන එක දෙයක් ඇත. එනම් "විශේෂඥ දොස්තර 'මහත්තයලාත්' එක එක පට්ටිවලට බෙදී" අවුරුදු උත්සවයට කඹ ඇදීමේ පුරුදු පුහුණු වෙන බවක් නොවේද?
මේ මිනිහා දැන් පයිත්තියන් පැණි බීලාද කොහේද?
ආ... මේ පැණි සුමනෙනේ...!!!
ඇයි වෛද්‍යවරු මේ තරම් කල් උපදෙස් දුන්නේ වැරදියටද? බහුභූත..!
මේ මහාචාර්යතුමා තම දැනුමත් හංගනවා දේශපාලනය රැකගැනීමට... ලංකාවේ අවාසනාවන්තකමට බුද්ධිමත්, උගත් බහුතරයක් බලය ඉදිරියේ තමන්ගේ තත්ත්වය නැතිකර ගන්නවා.
නිකම් සෙවල හලන්නේ නැතිව ඉන්න හලෝ... මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය කමනි මෙන්ඩිස්, ශ්‍රී ලංකා සභාව... මේ අයටත් වැඩිය ලොක්කන් අපේ රටේ වෛද්‍ය ක්ෂේත්රයේ ඉන්නවද...? මේ අය සියලු දෙනාම කිව්වේ රට සති 3 කට වහන්න කියලා. ඒ කියලත් දැන් මාස කීයක් වෙනවද...? ඒ අය අදත් කියනවා... කරන ක්‍රමවේදය මලික් පිරිස් මහත්මයා බොහොම පැහැදිලිව විස්තර කරලා තිබුණා. රටේ පාලකයාගේ උද්දච්ච කම නිසයි මේ රෝගය රටේ හැමතැනම පැතිරුනේ. ඔහු ඇතුළු රට පාලනය කරන හොර රංචුවම මේ අවාසනාවන්ත තත්වයට වගකිව යුතුයි. බන්දුල ගුණවර්ධන කියලා තිබුණා... පොහොසත් රටවල් මාස ගණනක් වැහුවත් ඒ අයට ප්‍රශ්න නැහැ. ඒ අය පොහොසත්... නමුත් අපිට එහෙම කරන්න බැහැ.. අපි බොහොම දුප්පත් රටක් " කියා. සුද්දා අපේ රටින් යනකොට විශාල මුදල් සංචිතයක් අපේ රටට ඉතිරි කරලා ගියේ. එදා සිට අද දක්වාම රට පාලනය කරනවා කියමින් රටේ ධනය කොල්ලකෑවේ ඔය කෑගහන "දේශකාපාලුවන්" විසින්... ශ්‍රී ලංකාව යනු ඒ රට පාලනය කළ / පාලනය කරන අසික්කිත චවුර මිනීමරු දේශකාපාලුවන් රැසක් විසින් හොරාකන ලද, කලක් ඉතාම වාසනාවන්ත .... නමුත් අද අවාසනාවේ ගිලී ඇති දූෂිත පාලකයින් විසින් අන්ත අසරණ කර ඇති රටකි.
මේවා දැක්කාම අපිට නම් ආයෙමත් හොඳටම තහවුරු වෙනවා... අර 69 ලක්ෂය පත්කරගෙන තියෙන්නේ... නියම ගොන් රැළක් කියලා...
ජයසුමන මහතාණනි, ඔබ ඉන්නේ හිඳගෙනද? හිටගෙනද?
එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවත්වන පුද්ගලයින්ට ඇයි රජයට බැරි නිකන් දෙන්න? බැරි නම් ග්‍රාම සේවා මට්ටමෙන් හරි හොයලා බලලා පොලී නැතිව පස්සේ කපාගන්න කම් ඒ සති දෙකට විතරක් ණය මුදලක් දෙන්න...
වෛද්‍යවරු රට වහන්න කියනවා. ලොක්කා කට වහන්න කියනවා. වසංගතය බරපතල වෙන එක අහන්න දෙයක්ද? නිර්දේශ හරියට දෙන්න කියලා කියන්නේ "බුලත් කොලයක තියලා ඔප්පු කරන්න" කියලද?
ජාතික මට්ටමේ වෛද්‍ය විශේෂඥයින් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ශ්‍රී ලංකාව සඳහා කළ නිර්දේශ ටික පත්තරෙන්වත් දැක්කේ නැද්ද?
මහාචාර්ය කියන ගරු නම්බු නාමය විනාශ කරනවා. මහාචාර්යකමෙන් වැඩක් ගන්න බැරි මෙවන් අය තමයි දේශපාලනයට එන්නේ..
රට වහලා බෑ. තව හොරු ටිකක් නිදහස් කරගන්න තියෙනවා. තියෙන තව මොනවාහරි විකුණලාවත් කීයක්හරි ගසාකන්න ඕනෑනේ...
ආණ්ඩු පෙරලන්න තියා කෙලින් හිටගන්නත් බැරුව ඉන්නේ... කෝවිඩ් හැදිලා මුළු ඇඟම අප්‍රාණිකයි...
අම්මෝ මේක නම් පුදුම විහිළුවක්නේ... !!!
අපි හිතුවා මෙයා වියතෙක් කියලා... බලාගෙන ගියාම මහාචාර්යකම ගැනත් සැකයි. ඇයි මේ ටිකේම රට වහන්න කියන්නේ වෛද්‍යවරු නෙවෙයිද? ලංකාවේ නෙවෙයිද හිටියේ? දවස ගානේ මිනිස්සු මැරෙනවා. ඒ මැරෙද්දිද ආර්ථිකය හදන්නේ? මේ අය තමයි රට කන්නේ..
සිරි... කියපු දේ හරි. මොකද කෝවිඩ් කමිටුව රැස්වෙන්නේ ලොක්කගේ මූලිකත්වයෙන්. ඉතින් කවුරුවත් ලොක්කාට ඉහළින් යන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මෙයාටත් පත්තර කියවන්න වෙලාවක් වත් රූපවාහිනී පුවත් බලන්නවත් වේලාවක් නැහැ. අපි නම් හැම වෙලාවේම වෛද්‍යවරුන්, වරියන් දෙන උපදෙස් දකිනවා මට මතක් වෙනවා... කුඩාකාලයේ අහපු කවියක් ... ලැදිව රජෙක් බොරුබස් කී විගසකයා... නැතිව සෘධි බලයත් ඒ මිනිස්කයා... පොළව පලාගෙන ගොස්වැටුනි නරකයා... ඇමතිතුමෝ ඔය බස් කීම නරකයා...
නිර්දේශ අවශ්‍ය නැහැ... දැනටමත් ආදාහනාගාරයක් ඉස්සරහටම අය ඕනෑම කෙනෙකුට තත්වය කුමක්ද කියලා පේනවා.. මෙහෙම ගියොත් ලබන මාසේ වෙනකොට මෘත ශරීර ගංගාවල පාවෙනකොට මොලේ පෑදේවී...
දේශපාලන බලල් අත් නෙමෙයි, මිනිස්සු දැන් දන්නවා නුඹලා කවුද කියලා... ආයේ ඔයාලාට රෙද්දක් ඇඳගෙන ඡන්දෙකට යන්න බෑ මහ ලොකු මහාචාර්යතුමෝ... ඔයාටයි, ඔයාගේ ලොක්කන්ටයි කියන්න තියෙන්නේ එක දෙයයි.. අතට ගත්ත දේ කටේ දාගන්න පින නෑ... ආයේ අතට ගන්න ලැබෙන්නෙත් නෑ ඉතිං.. මෙච්චර තමයි.
මේ මිනිස්සුන්ට පිස්සුද?
මේ මිනිස්සුන්ට පිස්සුද? මෙයාලා කියන්නේ දොස්තරලා නිර්දේශ ලියාපදිංචි තැපෑලෙන් එවන්න කියලද?
මේ වගේ විහිළු හා බොරු වැඩ...
බබා හුකුං පාට්...!!!
ජෙප්පන් කියයි රටවහන්න ඊට පස්සේ අය මිනිස්සු කුලප්පු කරනවා 5000 ඉල්ලන්න. ජෙප්පන් සතේකට විශ්වාස කරන්න එපා.. රට වහන්න එපා.. එක එක්කෙනාට වහගන්න කියන්න. ගැන සුපර් මාකට් වල සෙනඟ නැහැ... තමන්ම ලෝක ඩවුන් වෙලා.
පිස්සුද එහෙම නැතිනම් උපන්ගෙයි හැටිද? වෛද්‍ය අංශ මොනතරම් කිව්වාද රට වහන්න කියලා. ආණ්ඩුව කියන්නේ රට වැහුවොත් ආර්ථිකය කඩාවැටෙනවා කියලා. ඒත්, දැන් කියන්නේ වෙනත් දෙයක්... අනේ මන්දා මෙහෙමත් ආණ්ඩුවක් හා දේශපාලකයින් ඉන්නේ මේ රටේ විතරක් වෙන්න ඇති...
එදාවේල හොයන් කන අයට රට ඇරලා... අනිත් අයට වහපල්ලා.. එතකොට ඒ අය එදාවේල හරි හොයාගනීවි...
වහන්න වගේ හදන්නේ...!!! ඔය පැන්නා බළලා මල්ලෙන් එළියට...
කරුණාකර කවුරු හෝ මෙම අසරණ මානසික රෝගියාට ඉක්මණින් බෙහෙත් අරං දෙන්න, පිං සිද්ධ වෙයි...!
ආණ්ඩුව රට වහන්නේ නෑ කියලා බැන බැන ඉන්නේ නැතිව ජනතාව ආරක්ෂක වුණා නම් ඉවරයිනේ. ආණ්ඩුවට රට වහන්න වෙන්නේ මිනිස්සු කිසි වගකීමක් නැතිව පිස්සු නටන නිසානේ...
ආණ්ඩුව රට වහන්නේ නෑ කියලා බැන බැන ඉන්නේ නැතිව, නළලේ පොහොට්ටුවක් තබාගෙන කට වහන් ඇවිදින්න...
මේ මිනිහා බීපු පැනිය දැන්ද කොහෙද ක්‍රියාකරන්නේ .පවිත්‍රාත් දැන් පටන් ගනීවි දොඩවන්න .මුන්ට මහාචාර්ය පදවි දීලා තියෙන්නේ සල්ලි වලට මං හිතන්නේ
ආණ්ඩුවට රට වහන්න වෙන්නේ ආණ්ඩුව මුලසිටම කිසි වගකීමක් නැතිව පිස්සු නටන නිසානේ.., යනුවෙන් නිවැරදි විය යුතුයි...
පේපර් සුදුසුකම් වලින් මිනිසෙකුගේ බුද්ධිය මැනිය නොහැක කියන එක සාක්ෂාත් කරන්න ම හැගී උදාහරණයක් තමයි. මේ මහාචාර්යතුමා. මේ මනුස්සය මොන ක්ෂේත්රයෙන් මහාචාර්ය උනාද කියන ගැටලුව මට ආවේ, අර පැණි බෙහෙත එක්ක ඔට්ටු අල්ලනකොට. අනෙක් කරුණ තමයි මේ සම්ප්‍රදායික දේශපාලන ක්රමයේ තියෙන රැවටීම හා මිනිසුන් ඇන්දවීම මුලික කොට කටයුතු කරන්නෙක්. මෙයා කියන දෙය වැඩිය බරට ගන්න නරකයි. උඩ ඉන්න උත්තමයෝ සතුටු වෙයිද කියල හිතල කථා කරන ඇමතිවරයෙක්.
මේ අය අපේ ලේ රත් කරලා මරලා දාන්න හදන්නේ මේ වගේ කථා කියලා...