IMG-LOGO

2024 ජුලි මස 17 වන බදාදා


වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙනුවෙන් එක්මෝ මධ්‍යස්ථානයක්

විනීතා එම් ගමගේ

 

හෘදය හෝ පෙනහළු අක්‍රීය වූ රෝගියකුගේ එම අවයව යථා තත්ත්වයට පත් කරගන්නා තුරු ජීවිතය සුරකින එක්මෝ යන්ත්‍ර සහිත නවීන පහසුකම් ඇති එක්මෝ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරිමේ පදනමක් ආරම්භ කිරීමට වෛද්‍ය සරණතිලක දන්තනාරායන මහතා පියවර ගෙන ඇත.

කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට දී මියගිය පළමු වෛද්‍යවරයා වන ගයාන් දන්තනාරායන සිහිකිරිම වෙනුවෙන් මෙම පදනම ආරම්භ කර තිබේ.

‘දොස්තර ගයාන් දන්තනාරායන අනුස්මරණ පදනම’ නමින් මෙය ආරම්භ කරනු ඇත.

තම පුතු මිය ගියේ පහසුකම් නොමැතිවීම නිසා බවත් තවත් රෝගියෙකුට එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා තමන් මෙම පදනම අරඹා එක්මෝ මධ්‍යස්ථානයක් ඇරඹීමට සෞඛ්‍ය අංශවලට සහය දෙන බවත් වෛද්‍ය සරණතිලක දන්තනාරායන මහතා පැවැසීය.

 

එවැනි මධ්‍යස්ථානයක් සඳහා එක්මෝ යන්ත්‍ර රාශියක් අවශ්‍ය නොවන්නේ යැයි ද කරාපිටිය රෝහලේ ප්‍රධාන මධ්‍යස්ථානය අරඹා එයට පහසුකම් දීමත් එක්මෝ යන්ත්‍රයක් සහිත ගිලන් රථයක් එම මධ්‍යස්ථානයට ලබා දීමත් තුළින් ජීවිත රැසක් බේරාගත හැකි බවත් හෙතෙම කියා සිටියේය.

එවිට අසාධ්‍ය රෝගියෙක් සිටින තැනකට වෛද්‍යවරයකු ඇතුළු  ගලවාගැනීමේ කාර්ය මණ්ඩලයක් සහිතව මෙම ජංගම රථය යවා රෝගියා ගෙන්වා ගෙන ප්‍රධාන මධ්‍යස්ථානයේ යන්ත්‍රවලට සම්බන්ධ කර ප්‍රතිකාර කළ හැකි වන බවත් තම පුතු එසේ ගෙන යන්නට පහසුකම් නොතිබු බවත්  ද හෙතෙම පෙන්වා දුන්නේය.

දැනට මෙරට ඇති එක්මෝ යන්ත්‍ර දෙකෙන් එකක් වන කරාපිටිය රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රය අනෙක් යන්ත්‍රය වන ළමා රෝහලේ ඇති යන්ත්‍රයට වඩා පැරණි එකක් වුවත් ඉතා ප්‍රශස්ත මට්ටමින් එය භාවිතා කරන බවත් මේ වනිවටත් එම යන්ත්‍රයට සම්බන්ධ කර දිවිරැකදී ඇති පිරිස 40 කට ආසන්න වන බවත් මේ පිළිබඳ කළ සොයාබැලීම්වල දී අනාවරණය වූ බව ද වෛද්‍ය දන්තනාරායන කියා සිටියේය.

විශේෂඥ වෛද්‍යවරුන් නැති කමින් ළමා රෝහලේ ඇති යන්ත්‍රය භාවිතා නොවන බවත් එක්මෝ යන්ත්‍ර රාශියක් ගෙන ඒම නොව යන්ත්‍ර කිහිපයක් ගෙන්වා අධිතාක්ෂණික යන්ත්‍ර වන ඒවා සඳහා දැනුම කුසලතා සහ කැපවීම ඇති වෛද්‍යවරුන් පුහුණු කිරීම යැයි ද හෙතෙම කියා සිටියේය.



අදහස් (5)

වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙනුවෙන් එක්මෝ මධ්‍යස්ථානයක්

Raveendra Tuesday, 16 February 2021 11:53 AM

පුද්ගලික සායනවලින් රෝගීන් නොමරා මරාගෙන කන දොස්තර මුදලාලිලාටත් මේ සඳහා රෝගීන්ගෙන්ම සූරා උපයාගත් මුදල් ප්‍රදානය කිරීමට සිත් පහළ වේවා...!!! ඔවුන්ගේ "මනස" දියුණු වේවා...!!!

:       5       38

විපරමා Tuesday, 16 February 2021 12:59 PM

සමහර දොස්තරලා ඉන්නවා චැනල් වලින් තොර ලෝකයක් නැති තරම්... ලෙඩ්ඩු ගසාකන දොස්තරලාට ඇස් කන් ඇරේවා...!!!

:       1       22

MISHAL-MATARA Tuesday, 16 February 2021 03:03 PM

ඔක්කොම ජනතාව කරනකන් බලන් ඉන්න ලංකාවේ දේශපාලන... මෙහෙමත් දේශපාලකයින්ට ගිය රටක්... උදා: මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය අමුද්‍රව්‍ය, දැන් එක්මෝ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ පදනමක් ආරම්භ කිරීම...

:       4       24

ලලිත් අම්බලන්ගොඩගේ Wednesday, 17 February 2021 04:30 AM

ඔන්න මහජන දේපල ගසා කාපු අයට පිනක් දහමක් කර ගන්න හොද අවස්ථාවක්.

:       0       6

Sidath Wednesday, 17 February 2021 06:06 AM

ඒ කාලේ රාගම පැත්තේ මිනිස්සු නම් දන්නවා තාත්තගේ බෝසත්කම. හැබැයි මේ මියගිය දොස්තර මහත්මයා නම් ගුණයහපත් මනුස්සයෙක්.. දෙමව්පියන් කරන පව් ළමයින්ගේ පිටින් හරි යනවා කියන්නේ ඒකයි...

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ
2024 ජුලි මස 17 3 0

රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාල


බදු පැහැර හැරී වැල්ලවත්තේ සමාගමකට සිතාසි
2024 ජුලි මස 17 77 0

භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීම පැහැර හැරී වැල්ලවත්තේ පුද්ගලික සමාගමකට අගෝස්තු 26 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට


ඔන්ලයින් ණය ගෙන පොලු තියලා
2024 ජුලි මස 17 439 0

කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකර ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ලයින් සමාගම් මග


බස්නාහිර ලක්ෂ 50 සිටින සුවිසල් නගරයක් කරනවා
2024 ජුලි මස 17 409 0

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඇමැති බන්දුල ඇමැතිකම ඇපේට තියයි
2024 ජුලි මස 17 1135 0

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකී


ජල බිල අඩු කරන තීරණය ලබන සතියේ
2024 ජුලි මස 17 245 0

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින අතර මෙම සතිය ඇතුලත ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි ජල


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 124 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 988 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1867 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site