
( ලක්ෂ්මී ජයකොඩි)
වතු හාම්පුතුන්ගේ සම්මේලනය විසින් යෝජනා කොට කම්කරු අමාත්‍යවරයා වෙත බාරදී ඇති වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම පිළිබද යෝජනා සඳහන් වාර්තාව තමන් පිළි නොගන්නා බව ලංකා කම්කරු කොංග‍්‍රසය පවසයි.
වතු කම්කරුවන්ගේ වර්තමාන දෛනික මුලික වැටුප වන රුපියල් 700 සඳහා අනෙකුත් දිමනා එක් කොට දෛනිකව රුපියල් 1105 වැටුපක් ලබාදීමට වතු හාම්පුතුන්ගේ සම්මේලනය යෝජනා කර ඇති අතර වතු කම්කරු වෘත්තීය සම්ති යෝජනා කර සිටින්නේ වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 1000 විය යුතු බවයි.
මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දැක්වු වතු නිවාස හා ප‍්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි විය යුතුය යන ස්ථාවරයේ සිට ලංකා කම්කරු කොංග‍්‍රසය පසුබසින්නේ නැති බවත් මෙමස අවසානය වනවිට වතු කම්කරුවන්ට සුබාරංචියක් ලැබෙනු ඇති බවත්ය.
පොරොන්දු වු පරිදි කම්කරු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරදීම මහජන නියෝජීතයින් වන තමන්ගේ යුතුකම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබදව වතු හාම්පුතුන්ගේ සම්මේලනය , රජය හා වතු වෘත්තීය සම්ති අතර පසුගියදා පැවැති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් විය.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතු කම්කරුවන්ට රු. 1000 ක දෛනික මූලික වැටුපක් ඕනෑමයි