IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට රජයෙන් රුපියල් 50ක්

(අජන්ත කුමාර අගලකඩ)

 

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 50කින් වැඩිකිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා වැයවන මුදල පියවීමට රජයෙන් රුපියල් කෝටි 120ක මුදලක් වෙන් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(26) පැවැති කැබිනට් රැස්වීමේදී වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

වතු කම්කරුවන් සඳහා වතු සමාගම් මගින් ගෙවන මුදලට අමතරව දිනකට රුපියල් 50ක මුදලක් රජයෙන් ගෙවනු ලබන අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 120ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කෙරෙනු ඇත.



අදහස් (7)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට රජයෙන් රුපියල් 50ක්

Bamunuarachchi Tuesday, 26 March 2019 03:19 PM

එ්ක හොඳ වැඩක්... ඒත් රුපියල් 50 ක්? අඩුගණනේ පාන්ගෙඩියක් ගන්නවත් බැහැනේද?

:       28       0

td Tuesday, 26 March 2019 04:26 PM

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 50කින් වැඩිකිරීමට රජය තීරණය කර ඇත. ඔවුනට රුපියල් 1000 වැටුපක් අද සමාජයේ ජීවත්වීමට අවශ්‍ය වේ. රජය ලංකාවේ තිබෙන ප්‍රොපේන් ගෑස් සමාගම් සමග සාකච්ඡා කර ගෑස් මිල රුපියල් 2කින් වැඩිකොට එම ලබන ආදායම වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ලබාදීමට රජයට නොහැකිද?

:       0       0

ruwan kotuwelle Wednesday, 27 March 2019 03:03 AM

මෙය ඉතා වැරදිය . ලංකාවේ වහල් සේවයන් පැවතිය යුතු නැත . සුද්දා ඔවුන් ගෙනාවේ කම්කරු වහල් සේවටය . ඔවුනුත් කන්න අඳින්න අවශ්‍ය මිනිසුන්ය . අපි ලජ්ජා විය යුතුය

:       81       78

Bamunuarachchi Wednesday, 27 March 2019 08:34 AM

සුද්ද ගෙන්නාවේ කම්කරු වහල් සේවයටනම් දැන් අපි ඒගොල්ලන්ට යන්න කියමු ඔබලා වහල් බැවින් නිදහස් එමනිසා ආපසු ඔබලාගේ රට යන්න කියලා නේද? යයිද?

:       4       12

prabha Wednesday, 27 March 2019 11:52 AM

එතකොට දළු කඩන්නේ බමුණුද?

:       0       5

BamunuarachchiWednesday, 27 March 2019 04:31 PM

ඇයි සිංහල මිනිස්සු දළු කඩන්න බයද? ප්‍රබාලා ලැහැස්ති වුනේ අපිට කියලා දළු කඩවන්න තමයි. නමුත් උන්ගේ අලුවත් නැතිවුණා නේද?

:       0       0

nimal Wednesday, 27 March 2019 02:56 PM

ඇත්තෙන්ම මෙය හරිම සෝචනීයයි.. සම අයිතිවාසිකම් හැම පුරවැසියෙකුටම පොදුසේ තිබිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site