(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිට්ලර් එක රැයකින් තම දේශපාලන සතුරන් විනාශ කළා සේ වත්මන් රජය එක වාර්තාවකින් තම දේශපාලන සතුරන් විනාශ කරන්නට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
" මෙය දේශපාලන සතුරන්ගෙන් පළි ගැනීම සඳහා නිර්මාණය කළ කොමිසමක් ලෙස නම් කළ යුතුයි. ප්‍රජා අයිතිය නැති කළාට නායකයන් විනාශ කරන්නට බැහැ. රටේ ජනතා අධිකරණයෙන් ඒ නායකයන්ගේ අනාගතය තීන්දු කරාවි"යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
ඒ වුණාට සජිත් මහත්තයෝ, අපේ හාමුදුරුවරු ඉල්ලුවේ හිට්ලර් කෙනෙක්නෙ. ඉතින් හිට්ලර් එදා කරපු වැඩ නොකර අපේ හිට්ලර් මහත්තයාට වෙන මොනවා කරන්න කියලද ඔබතුමා මේ කියන්නේ? මට හිතෙන විදිහට නම්, අපේ හිට්ලර් මහත්තයා හෙට අනිද්දට චීනෙත් ආක්‍රමණය කරයි වගේ? ඉන්දියාව වුණත් බයේ වෙවුලමින්ලු ඉන්නේ අපේ හිට්ලර් මහත්තයට?? කාටද ආඩම්බර??
කරපු හොඳ පස්සෙන් එනවා කියන්නේ ඕකටයි. ඕක අලුත් දෙයක් නොවෙයි ඔබලාම කරපු දේවල්