
Update: 11.00 a.m
පර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තැබීය.
Update: 10.59 a.m
රටේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා නායකත්වය ලබාදීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
"ජනතාව අපේක්ෂා කරන සෞභාග්‍යය සැළසුම් ක්‍රියාත්මක කරනවා. ඉදිරි වසර කීපය ඇතුළත කලාපයේ වැඩියෙන්ම සංවර්ධනය වන රටක් බවට ලංකාව පත් කිරීම අපේ සැලසුමයි.කර්මාන්ත සේවා සහ කෘෂිකාර්මික අංශ වල සියලු සංවර්ධන සැලසුම් අප ක්‍රියාත්මක කරනවා. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි .අද අප කටයුතු කරන ආකාරය මත අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අප සියලුම දෙනා අනාගත පරම්පරාවට වගකිව යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කතාව කථාව අවසන් කරමින් කීය. පුරා පැයකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා රාජාසන කතාව පැවැත්වීය.
Update: 10.57 a.m
මේ වසර ඇතුළත ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශීඝ්‍රයෙන් සිදුවන ඩිජිටල්කරණයට සමගාමීව ඊට අදාළ නෛතික වටපිටාවද යාවත්කාලීන කිරීමට අප කටයුතු කරනවා.දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට මෙන්ම සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතට මේ වන විට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.අනාගත ලංකාව තාක්ෂණයෙන් බල ගැන්වුනු රටක් බවට පත්කිරීම අපේ අරමුණයි.ලෝකයේ ඕනෑම රටක් සමග තරග කළ හැකි වටපිටාවක් අනාගත පරපුරට ලබා දීම ලබා දීම අපේ අරමුණයි.
Update: 10.50 a.m
රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කරන අතර ඉහළ ඉහල ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇරැඹිය යුතු දැයි සාකච්ඡා කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රටේ සෑම ප්‍රදේශයකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට අප මේ වන විට කටයුතු කර තිබෙනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත සෑම පාසලකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට අප කටයුතු කරනවා. ඊ තක්සලාව සංකල්පය රාජ්‍ය විශ්ව විද්‍යාල වලටත් දැන් විවෘත කර තිබෙනවා .
Update: 10.46 a.m
නව ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පාසල් අතර පරතරය අවම කිරීම සඳහා ඉදිරියේදී සෑම පාසලකට ම මූලික පහසුකම් ලබාදීමට ලබාදීමට කටයුතු කරනවා. තාක්ෂණ අධ්‍යාපනයේ වැදගත්කම අප හොඳින්ම හඳුනාගෙන තිබෙනවා. තාක්ෂණ සහ විද්‍යා විෂය හදාරන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කොට තිබෙනවා. සෑම විශ්ව විද්‍යාලයකම ධාරිතාව වැඩ කිරීමට කටයුතු කරනවා. විශ්වවිද්‍යාල සඳහා අලුතින් සිසුන් දසදහසක් බඳවා ගැනීමට අපට හැකියාව ලැබුණා.
Update: 10.42 a.m
ඉදිරියේදී වාහන ආනයනය සඳහා අවසර දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
හැකිතරම් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරන්නට අප කටයුතු කළ යුතුයි . කර්මාන්ත මුහුණ දෙන බරපතළම ගැටලුව වන්නේ බලශක්ති පිරිවැයයි . 2030 වන විට බල ශක්ති අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනිය බලශක්තියෙන් ලබා ගැනීමට අප එකඟ වී තිබෙනවා. මින් ඉදිරියට ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට මොනම හේතුවක් නිසාවත් අවසර දෙන්නේ නැහැ.
Update: 10.38 a.m
හරිත කෘෂිකර්මය ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණේ අරමුණ හරියාකාරව සන්නිවේදනය නොවීම නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
"යම් වැරදි වැටහීමක් ඇති වුණා .හරිත සංකල්පය යන යන සංකල්පය වගකිවයුත්තන් පවා කාබනික පොහොර සංකල්පයට ලඝු කිරීමෙන් වැරදි පණිවිඩයක් සමාජයට ගියා. ඒ සමහර තීන්දු මහජන දුෂ්කරතාවයන්ට හේතු වූ නිසා යම් වෙනස් කිරීම් කරන්නට අපට සිදු වුණා. සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගැන වඩා ඵලදායී ලෙස ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.ජෛව පොහොර භාවිතය ප්‍රවර්ධනය කොට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීම අපගේ අරමුණයි
Update: 10.37 a.m
රටේ විදේශ සංචිත අඩු වුණේ ආණ්ඩුවේ ආන්ඩුවේ පාලනයෙන් තොරව සිදු වූ ක්‍රියාදාමයක් නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අප මුහුණ දී ඇති බරපතලම ගැටලුව වන්නේ විදේශ විනිමය ගැටලුවයි. ආණ්ඩු ගණනාවක් මුහුණ දුන් මෙි ගැටලුවේ උච්චතම අවස්ථාවක අප මුහුණ දී සිටිනවා. අප රට බාර ගන්නා විට සංචිත තිබුණේ ඇමෙරිකා ඩොලර් බිලියන 7.2 පමණයි . මේ දක්වා පැවැති සියලු රජයන් වල ණය අපට ගෙවන්නට සිදුවී තිබෙනවා.ආනයන සීමා කිරීමේදී ජනප්‍රිය නොවන තීන්දු ගන්නට සිදුවුණේ රටේ මුදල් ඉතුරු කර ගැනීම සඳහායි. corona නිසා නිසා සංචාරක ආදායම නැති වුණා.විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් අහිමි වුණා. රට වසා තැබීම නිසා විදේශ ආයෝජන ලබා ගැනීමට නොහැකි වුණා.සංචිත අඩු වුණේ අපේ පාලනයෙන් තොරව සිදු වූ මේ ක්‍රියාදාමය නිසයි.
Update: 10.32 a.m
2022 යනු ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගන්නට සිදු වන වසරක් මම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
වගා කළ හැකි සෑම ගොඩ මඩ ඉඩමක්ම යොදාගනිමින් සියලුම දෙනා එක්ව වගාව වගාව සංගමයක් ආරම්භ කළ යුතුව තිබෙනවා.පුරන් කුඹුරු වගා කිරීම සඳහා තරුණ පරපුරෙන් සහාය අපට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
Update: 10.27 a.m
රටේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අප හමුවේ තවත් අභියෝග රැසක් තිබෙනවා ඒවා නිරාකරණය කර ගැනීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් අවශ්‍යයි . ජනතාව මුහුණ දෙන මුහුණදෙන ආර්ථික දුෂ්කරතා අප හොඳින්ම වටහා වටහා ගෙන තිබෙනවා. මේ වසර අවසානයේ දීම රුපියල් බිලියන 220 ක සහන පැකේජයක් ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.අභියෝග මැද වුවත් මේ සහන දෙන්නෙ රජය මේ ප්‍රශ්න ගැන සංවේදී නිසයි .
Update: 10.24 a.m
ජනතාවට බරක් නොවන කාර්යක්ශම අධිකරණ සේවයක් ස්ථාපිත කරන බව ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නීතියේ ප්‍රමාදය නිසා පීඩා විඳින ජනතාවට විසඳුම් ලබාදීමටත් ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව කේන්ද්‍ර ස්ථාන කිරීමේ නීති හඳුන්වා වීමත් අප සිදු කරනවා.වඩාත් කාර්යක්ෂම යුක්තිය පසිඳලීමේ කටයුතු සඳහා යල්පැනගිය නීති යහපත් යාවත්කාලීන කිරීමට අප කටයුතු කරනවා.අධිකරණ පද්ධතිය පද්ධතියේ ඩිජිටල්කරණය කිරීම සඳහා ද අප කටයුතු කරනවා ද තිබෙනවා.අපරාධ නීතිය, සිවිල් නීතිය සහ වාණිජ නීති නීති ප්‍රතිසංස්කරණය යටතේ නීති 98 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරනවා.
Update: 10.18 a.m
කිසිම ආකාරයකට මානව හිමිකම් කඩවීම් සිදු කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
"අප ජාත්‍යන්තර නීති වලට ගරු කරනවා.පසුගිය කාලයේ ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරනවා. සියලුම ජාතීන්ට සුරක්ෂිත රටක් අප ගොඩ නගනවා. අප කිසිවිටෙ විටෙක ප්‍රමුඛතා අමතක කරන්නේ නැහැ වසර පහක් ඇතුළත නිශ්චිත වැඩකොටසක් කරන්නට අප පොරොන්දු වුණා.නමුත් අපේ වගකීම් ඉටු කිරීම අප පැහැර හරින්නේ නැහැ. අප මේ වන විට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර තිබෙනවා. ජනතාව හා පොලිසිය අතර සබඳතාවය ශක්ති සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා අප කටයුතු කර තිබෙනවා"
Update: 10.18 a.m
රටේ සියලු පුරවැසියන්ගේ ගෞරවය එකසේ ආරක්ෂා කරන අතර ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
"ජාතිවාදය අවුස්සන උස් උගැන්වීම් නතර කරන්නැයි මෙය තවදුරටත් කරන දේශපාලකයන් ගෙන් ඉල්ලා සිටිනවා. රටේ ස්වෛරිත්වය ට සහ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙන අතර ජාත්‍යන්තර ප්‍රජාව කරන නිරීක්ෂණ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට කටයුතු කරනවා. සෑම රාජ්‍යයක් සමඟම මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපේ අරමුණයි.කිසිදු වෙනස් කමකින් තොරව ජනතාව සඳහා පහසුකම් සැලසීම අපේ සංහිඳියාවෙි අරමුණයි. උතුරේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන ලෙස උතුරේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා."
Update: 10.11 a.m
ගෝලීය වසංගතයෙන් පසු සාර්ථක එන්නත්කරනය නිසා රටේ සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කරන්නට හැකියාව ලැබී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දෙන්න අප කටයුතු කළා. මොනතරම් දුෂ්කරතා තිබුණත් සෞඛ්‍ය කටයුතු සඳහා පිරිවෙන කරන්නට අප කටයුතු කළා. රෝහල් පද්ධතියට අලුතින් ඇඳන් තිස් පන්දාහක් එකතු කළා.ගෝලීය වසංගතය පාලනය සම්බන්ධයෙන් බොහෝ රටවලට සාපේක්ෂව අප ප්‍රශස්ත මට්ටමක සිටිනවා.අපට සාමාන්‍ය ජීවිතය නැවත අරඹන්නට හැකියාව ලැබී තිබෙනවා.විවිධ මත වාද තිබුණත් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ රටේ යහපතයි.ඒ නිසා සැමට එකට එක්ව කටයුතු කරන්නට මහජන නියෝජිතයන් ලෙස අප සැමට වගකීමක් තිබෙනවා.
Update: 10.05 a.m
වත්මන් අභියෝග ජයගැනීම සඳහා සහාය වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කතාව අරඹමින් පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
"උදා වූ 2022 නව වසර රටවැසියන්ට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ මහජනතාවගේ හඬයි. ඒ නිසා ඔබ සියලු දෙනා රටට ජාතියට ඔ්ප කියන සුවිශේෂී කණ්ඩායමක්. ඔබ මෙන්ම, අතීත ජන වරමින් ජනපති ධුරයට පත්වූ මමත් ජනතාවට වගකිව යුතුයි. මට ඡන්දය දුන් මෙන්ම නොදුන් ජනතාව වෙනුවෙන් ද ඒ වගකීමේ වෙනසක් නැහැ. වත්මන් අභියෝග ජයගැනීම සඳහා සහාය වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා."
Update: 09.55 a.m
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණිමෙන් පසු අද (18) පෙරවරු 9.50 ට පමණ පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කෙරිණ.
මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

Update: 09.45 a.m
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය විවෘත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත විය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහත්වරුන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසල දී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබීය.

පාර්ලිමේන්තු කටයුතු ඇරඹීමට සූදානම්
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18) උදෑසන 10.00ට විවෘත කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු සභාවාරය ඇරැඹිම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මැතිසබයේදී පෙරවරු 10.00 ට ඉදිරිපත් කෙරෙනු ඇත .
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
COMMENTS
අද ඉතින් පම්පොරි කෝටියයි. මම අරව කෙරුව මෙව්ව කෙරුව කියල ඉතින්, මාර වදන් ටිකක් අහන්න පුලුවන් වෙයි ඉතින්.
කරපුව නොවෙයි, වර්තමාන අර්බුදය දෑසින් දකින්න. ඒ ගැන අවංකව කතා කරන්න , ජනතාවට කරුණු පැහැදිලි කරන්න. අර්බුදය ජය ගැන්මට කෙටිකාලීන විසඳුම් දක්වන්න. දූෂන ගැන, එම නිළධාරී මැති ඇමතිවරු ගැන විවෘතව කතා කරන්න , පොහොර අර්බුදයක් ඇතිකරීීම ගැන ස්වයං විවේචනය කරන්න. කට මැත දොඩවන ඇමතිවරුගෙ කට වහන්න. එතකොට නැතිවෙච්ච ජනප්‍රියතාවය ටිකක් ලැබෙයි. හැබැයි මේ ටික කරන්න පුළුවන්ද?
පට්ටපල් බේගල් ටිකක් දෙසාබානවා..හොරකන් කරපු සල්ලි ආපහු දීලා හිටපියව්.ආයි තොපිට චන්දේ දෙන්නෑ..බෝම්බ එකක් දෙකක් නෙමෙයි පරමානු බෝම්බ ගැහැව්වත් තොපිට ආයෙ දෙන්නෑ
ලොක්ක පර ලෝකෙද
ඉතාම විශිෂ්ට කතාවක් මැතිතුමනි .ඔබතුමාගේ නායකත්වයෙන් අපේ රට දියුණුවට පත් වෙන හැටි අපි ආඩම්බරයෙන් බලන් ඉන්නවා
හොරකන් කරපු සල්ලි ටික දුන්නා නන් අපිට ඇති...ආයි බොලාලට චන්දේ නන් අපෙන් ලැබෙන්නේ නෑ..පාස්කු බෝම්බ නෙමෙයි පරමානු බෝම්බ ගැහැව්වත් ඒක සිද්ධ වෙන්නේ නෑ.ඒ නිසා මේ අවුරුදු 3 උපරිම හොරාකන තරමක් තමයි
එක ඇත්ත රටේ ඩොලර් අර්බුදයක් ඇතිඋනේ මේ ආණ්ඩුව ක්‍රියා හින්ද නෙමෙයි ,සර් ගේ අයියගේ ආණ්ඩුවේ වැඩ නිසා ,එත් ඉතින් එහෙම කියන්නත් බැහැ මොකද හැම තීරණයක් ම ගන්නේ පවුලේ ඔක්කොම ටික එකතුවෙලානේ
මීට කලින් පත් වුන සියලු නායකයන් ද, මේසේ සිත් ගන්නා සුළු පොරොන්දු කොතරම් දී ඇද්ද?. විස්වාස කිරීමට උත්සුක නොවෙමු. ක්‍රියාව දෙස අවධානය යොමු කරමු..
අලුත් වසරට අලුත් පච ටිකක් ,හෙන හතම වදින්න ඕනේ
අනේ මේ ,දීපු මේ අවුරුදු දෙකට රට කාපු ටික ඇති..තව අවුරුදු 3 ක් අපිට ඕන නෑ.තවත් රට කාලකන්නි කරන්න ඉඩ දෙන්නේ නෑ
ගම රාල ..හීන බල බලා ඉඳලා තමයි මුරුංගා ගහ කැපුවේ.මේ රාල මුරුංගා ගහ කපලා ඉවර වෙලා හීන ටික බලන්න පටන් අරන්.ලොකුම විහිලුව .කලින් පැවති රජයන්ගේ ණය ගෙවුවා තිබුන සල්ලි වලින්.ඒ කියන්නේ අපේ අයියා කරපුවාට ගෙවන්න වුනා ,කියන එකද?
මෙතුමා කිසිම දේශපාලන පක්ෂයකට අයත් නෑ. යමක් කර පෙන්නූ නිසයි රට, දැය , සමයට ආදරය ඇති දේශපාලන පක්ෂ බදාගෙන නොසිටින ජනතාව මෙතුමා ව පතකර ගත්තේ. කොරෝනා නිසා රට දැඩි අපහසුතාවයකට පත්වුණා. එන්නත්කරණය සාර්ථක නිසා යම් අස්වැසිල්ලක් තියෙනවා. ඉදිරි වසරවල රටට යහපතක්ම වේවි යැයි අවධානයෙන් බලා සිටිමු.
පහුගිය ආණ්ඩුවල් ගත්තු ණය දැන් වර්තමාන ආණ්ඩුව ගෙවනවලු. මේක තමයි ඉතිහාසයේම වුනේ. දේශපාලන නොදැනුවත්කමේ ප්‍රශ්න. අනික පහුගිය ආණ්ඩුවල් ගත්තු ණය කියන්නේ මහින්ද අයිය ගත්තු ණය. හම්බන්තොට වරායට සහ සූරියවැව ක්‍රීඩා පිටියට වියදම් කරපුවට වඩා ගත්තු ණය වැඩි.
කාර්යක්ශම අධිකරණ සේවාව කියන්නේ, ඉදිරියේදී අධිකරණ සහ බන්ධනාගාරත් රටට අවශ්‍ය නැහැ. ඒ තරම් වේගයෙන් නඩු සේරම නිදොස්කොට නිදහස් කරනවා.
වැඩිහරියක් ම තියෙන්නේ එතුමා ඇති කරපු අභියෝග තමයි , පලදාවක් ගන්න බැරි කාබ නික පොහොර නාටකය , ගෘහස්ත ගෑස් බෝම්බ ....
ලෝකයම පත්වෙලා තියන මේ වසංගත තත්වය උද අපිත් ආපස්සටන් ගියා.රජයට පුළුවන් තරම් බැන්නා .වර්ජන කළා.තව නොයෙක් දේවල් වලින් මිනිස්සු හෙම්බත් ඒත් යමක් කරනවා කියලා දෙන බලාපොරොත්තු ආයෙත් මිනිස්සුන්ට පුංචිම ආශ්වාදයක් වෙන්න පුළුවන් .කොහොම හරි රට මේ වැටිලා තියන අවාසනාවන්ත තත්වයෙන් මුදවා ගන්න ඔබතුමාට හැකි වේවා
අපොයි දැන් නම් හොඳටම සෞභාග්‍යය සැළසුම් ඇති. කුඩු දුමියව උඩ දාගෙන රට යන තැන අපිට පේනවා..
රස්සෙක් පිජ උනාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..එත් කිංස්ලි උනත් දැනගන්න ඕනෙ මේ තරම්ම මේ මනුස්සයව රවට්ටන්න හොඳ නෑ කියල..මොකද ලියල දෙන දේ බලන් කියවනවා ඇරෙන්න තේරුම් ගන්න පුලුවන් කමක් මේ මනුස්සයට නැති නිසා...
මම තමයි හොඳටම කෙලේ
තවම සුදානම් වෙනවද?
දැන් පරක්කු උනා වැඩියි නේද මහත්තයෝ ? වියතුන් එක්ක එනවා කියල චන්දදායකයින්ට බොරු කියල විශ්‍රාම ගිය හමුදාවේ අයයි, එතනෝල්, කුඩු, රත්තරන්, කසිප්පු, අරක්කු වගේ දේවල් වලට නම ගෑවුන, වැස්සකටවත් පාසලකට නොගිය, මිනීමැරුම් වලට එල්ලුම්ගස් යවපු, හොරු, වංචා කාරයෝ, දුශිතයෝ කියල නම් පට බැඳුනු අයයි ලංකරගෙන වැඩකරන්න බැරිබව දැන්වත් ත්රුම් ගත්තොත් කාට නැතත් රටට වැඩක් වෙයි.
අභියෝග ගන්නේ ඔහෙලද, සාමාන්‍ය මිනිස්සුද? අභියෝග අයගෙන තමයි මිනිස්සු හාමතේ පෝලිම්වල ඉන්නේ. කෝ ගෑස්? කෝ කිරි පිටි? කෝ එළවළු? කෝ විදුලිය? පම්පෝරි ගහනවා ගෝ ග්‍රීන් කියල. අපට කන්න තියෙන්නේ ගෝ ග්‍රීන් තමා. කිංස්ලිට පිංසිද්ධ වෙන්න.
මම යුද්ඩෙ කොලා මම යුද්දේ කොලා කිව්වට ...මේ ලොක්ක රිවර්ස් ගැසට් ගහන විදිහට ඉස්සර යුද්දේ කරන කාලේ ෆොන්සේකා නොහිටියා නම් යුද්දේ කොරන හැටි බලා ගන්න තිබ්බා..අපේ මුලු යුද හමුදාවම සමූල ඝාතනය කොරලා අපිට මෙහෙන් මූදට පනින්නයි වෙන්නේ.ඔහේලගේ පවුලේ බයිලා දැන් අපි හොඳටම අඳුරනවා
කවද්ද යන්නේ ඔයා
මේව ඉතින් කවුරුත් ලස්සනට රචනාකරල ඉදිරිපත්කරන්න ඉතා පහසුයි. කියනව වගේ නොවෙයි කරන එකයි අමාරු. එහෙම කියන දේ කරන පාලකයො හිටියනමි හිටියේ අතේ ඇගිලි ගනනටත් අඩුවෙන්. මේ ආණ්ඩුවෙනම් පසුගිය කාලෙ කල දේවල් බලන කොට ඔය කියන දේවල් වලින් අල්ප මාත්‍රයක්වත් කරල පෙන්වයි කියන එක ඉතාමත්ම සැක සහිතයි.
සීනි වලින් මිලියන 13500 රටට අහිමි උනේ ළඟ ඉන්න කීප දෙනෙක් හම්බ කර ගත්තේ කොරෝනා හින්දා නෙමෙයි. ගෑස් වල සංයුතිය වෙනස් කරලා අම්මා වරු තුවාල කරේ කොරෝනා නෙමෙයි .ගොවියාගේ පොහොර ටික නැති කරලා බඩු මිල වැඩි වෙනකම් බලන් හිටියේ කොරෝනා නෙමෙයි.රට පුරා ගෑස් ,භූමි තෙල් ,කිරි පිටි පෝලිම් ඇති කරේ කොරෝනා නෙමෙයි. වරදක් පිළිගෙන එය හදාගෙන යන බව වත් කියන්නේ නැති ඔබ ගැන කවර කතාද .මේවා බලලා අපේ දරුවොත් බොරු කියන්න ඉගෙන ගන්නවා. බලයට ආවෙත් බොරු කියලා දැනුත් ඉතින් ඒකමනේ
වර්තමාන විදේශ විනිමය ගැටලුවට ප්‍රධාන හේතුව නම් 2010-14දී ගත් ණයයි. බොරුනම් අයියාගෙන් අහලා බලන්න.
රටේ විදේශ සංචිත අඩු වුණේ ආණ්ඩුවේ පාලනයෙන් තොරව සිදු වූ ක්‍රියාදාමයක් නිසා නොවේ. එක්තරා සහෝදර සමාගමක් පාලනයකින් තොරව රටේ මුදල් මංකොල්ල කාපු නිසයි. ඇත්තම කියන්න...
බඩගින්නත් එක්ක දහසක් දුක් කම්කටුලු මැද ජීව්ටැහැ වන මේ රටේ බහුතර ජනතාවට සුරංගනා කුමක්ද ?ඕවා දවස ගානේ කියලා ජනතාව රැවටීමේ පල විපාක නේ මේ අද විඳවන්නේ
වහල්ලු ඉන්නකම් ඔබතුමාට ජය
වැමරිකන් අස්සා... මරු කියවනවද නැත්නම් අයවැය කියනවද
දවල්ද?
වෙනත් දියුණු රටවල නායකයින් කියන කතා පරිවර්තනය කරගෙන තමන්ගේ වගේ දොඩවනවා වගෙයි මට නම්.. අර කොහෙන්ද මන්දා හිනා යනවා ගහන පුරාජේරු පම්පෝරි වලට...?
අනේ දැන් මේක අයින් කරන්න...
විදුලි වාහන ගෙනාවට විදුලිය නිපදවන්නේ තෙල්වලින්... එතකොට සෘජුව වියදම්වල තෙල් ප්‍රමාණයට වඩා විදුලියට තෙල් වියදම වැඩියි... ඒක හරියන්නේ ගල් අඟුරු හෝ න්‍යෂ්ටික බලය තියෙන රටකට විතරයි. මම බලශක්ති විද්‍යාව පිළිබඳ ඉංජිනේරුවෙක් විදිහට මේ කතාව කියන්නේ. මටනම් තේරෙන්නේ විෂයය යන්තම් අතපත ගාපු අය මෙතුමාට කළ නොහැකි දේවල් උලුප්පලා පෙන්නනවා. ලංකාවේ බලශක්ති අර්බුදයක් නෑ.. තියෙන්නේ කෘතිමව නිර්මාණය කරපු දෙයක්... පාරවල්වල වාහන තදබදය අඩුකිරීම හැර කිසිම විසඳුමක් නෑ. ඊට අමතරව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කළ යුතුයි. වාහන නැවතුම් මධ්‍යස්ථාන, තට්ටු ගොඩනැගිලි ඉදිකළ යුතුයි.
අභියෝග හමුවේ නොසැලෙමින් ජනතාවගේ අතමිට සරු කරමින් ඔබතුමා යන ගමනට හැමෝගේම ආශිර්වාදය තියෙනවා.
ඉන්ධන ටැංකි ගිවිසුම අවලංගු කළ යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන්න. පැන්ඩෝරා වංචාවට සම්බන්ධ නිරුපමා / තිරු නඩේසන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ වාර්තාව නිකුත් කර මහා භාණ්ඩාගාරයට අවභාවිත කළ මුදල් ලබා ගන්න.
පෙට්‍රල් ශෙඩ්එකේ කැෂියර්ට පුළුවන්ද රට පාලනය කරන්න ඔක්කොම ඇනගෙන...
අවුරුදු 70 ක්ම ඔයා බයිලා ගැහුවා සුරංගනා ලෝක මේවා .අද ජනතාව වැටිලා ඉන්න දුෂ්කර තත්වය තවම නෑ.ලෝකේ තියන බන්කොලොත්ම රාජ්‍ය බවට පත්වෙනකම් ඔය බයිලා ගහයි
කරපු හරිය හොඳටම ඇති. දැන් වත් කරදර නොවී චන්දයක් තියන්න
මේ කියල තියෙන ඒවා දිහා බලපුවාම අනිවාර්යෙන් ඊළඟ අවුරුදු 3දී මේක අනල අච්චාරුවක් කරනවා කියලා පැහැදිලියි...
"අපරාධ නීතිය, සිවිල් නීතිය සහ වාණිජ නීති ප්‍රතිසංස්කරණය යටතේ නීති 98 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරනවා" කියනකොට මට අර මිනීමැරුම් චෝදනාවකට උසාවියෙන් එල්ලුම්ගස් ඇරපු කවුදෝ කෙනෙක් දැන් සභාපති පුටුවක ඉඳගෙන ඉන්න හැටි මතක් වුනේ මොකද මන්දා අප්පා....!!!