(ඉන්දිකා රාමනායක)
වත්තල හේකිත්ත අයියාන් සබ්රිමලේ කෝවිල අසලදී ඊයේ (13) සවස වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
වත්තල පොලිසිය , කොළඹ අපරාධ කොට්ඨාසය , බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසය සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය යන පොලිස් ඒකක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම ඝාතනය සඳහා ටී 56 ගිනි අවි දෙකක් උපයෝගි කරගෙන ඇති බවත් ඉන් උණ්ඩ 30 ට අධික ප‍්‍රමාණයක් එල්ල කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.
දැනට සිදුකරන පරීක්ෂණ අනුව බුම්මා හා පූකුඩු කන්නා නැමැති පාතාල සාමාජිකයන්ගේ කල්ලි සාමාජිකයන් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට පුද්ගලයන් 20 ට අධික ප‍්‍රමාණයකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳයි..