IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වතුකරය සංවර්ධන කරා ගෙනයන්න එජාපෙන් සැලසුමක්

(නිමල කොඩිතුවක්කු)

වතුකරය වේගවත් සංවර්ධනයක් කරා රැගෙන යාමට අවශ්‍ය සැලසුම් එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ ගෙන ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාතය මංගල සමරවීර මහතා පැවැසීය.

එම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ වතුකරයේ තරුණයන්ට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට පිවිසීම සඳහා අතහිත දෙන්නැයි තමා රාජ්‍යය බැංකු වෙත උපදෙස් ලබාදී ඇතැයි  අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් හා ජනමාධ්‍ය අමාතය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (07) පැවති වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවරධන අධිකාරිය පිහිටුවීමේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

වැවිලි ප‍්‍රජාව ජාතික සංවර්ධන ක‍්‍රියාවලියට දායක විය හැකි පරිදි  සමාජමය වශයෙන් හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වේ.

මෙහිදී වැවිලි කාලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස චන්ද්‍රා ෂාෆ්ටර් මහතාද , අධ්‍යක්ෂ වරුන් ලෙස එම්.වාමදේවන්, ආචාර්ය එස් චන්ද්‍රබෝස්, බී.ගෞතම යන මහත්වරුන් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අතින් පත්වීම් ලැබූහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාතය මංගල සමරවීර මහතා මෙසේද කිය.

     ‘‘ එක්සත් ජාතික පෙරමුණු රජය වතුකරය වේගවත් සංවර්ධනයක් කරා රැගෙන යාමේ පියවරක් වශයෙන් මෙවැනි බලසහිත අංග සම්පූර්ණ අධිකාරයක් පිහිටුවීම ගැන අපි සතුටු වෙනවා. අප ආර්ථිකයට විශාල ශක්තියක් වුණත් ඒ හා සමාන ගැටළු තියෙන මේ වතුකරයේ ජනතාවට සංවර්ධනයේ වාසි වේගවත්ව විධිමත්ව ගෙන ඒමට මෙවැනි අධිකාරයක් හරහා පුළුවන් වෙනවා.

”ගම්පෙරළිය” ඒ වගේම ජනාධිපතිතුමාගේ ”ග‍්‍රාම ශක්ති” වැනි කඩිනම් සංවර්ධන යෝජනා ක‍්‍රම දියත් කරමින් ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු කළ අති විශාල ග‍්‍රාමීය සංවර්ධන අවධියක් පසු කරන මේ මොහොතේ වතු අංශය වෙනුවෙන් නව ගම්මාන සංවර්ධනය කිරීමේ අධිකාරියක් පිහිටුවීම ඉතාම කාලෝචිත වගේම වැදගත් පියවරක් වනවා.

 

විශේෂයෙන්ම ගම්පෙරළිය යටතේ අපි ලංකාව පුරා මේ වසරට පමණක් රුපියල් බිලියන 48 ක සංවර්ධන යෝජනා ක‍්‍රියාත්මක කිරීමට දැන් කටයුතු කරමින් ඉන්නවා. එහෙමත් නැත්තං එක ගම්මානයක කට රුපියල් මිලියන 300ක් මේ වෙනකොටත් ලබා දීල තියෙනවා.

ඒ තුළින් ග‍්‍රාමීය යටිතල පහසුකම් වගේම ප‍්‍රධාන ධාරාවේ ආර්ථිකයෙන් දුරස් වී සිටින මේ රටේ විශාල ජනතාවක් බලාත්මක කිරීම අපේ අරමුණක්. ඒ වගේම ග‍්‍රාම ශක්ති වැඩසටහනක් රුපියල් බිලියන ගණනක සංවර්ධන යෝජනා ක‍්‍රම දියත් කරමින් ග‍්‍රාමීය ජනතාව ආර්ථිකව බලගැන්වීමේ විශාල මෙහෙවරක් සිදු කරනවා.  

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සංවර්ධනයට වෙනමම අමාත්‍යාංශයක් අපේ රජය ලබාදීලා තියෙනවා.  දිගම්බරම් ඇමතිතුමා සහ තේ වතු ආශ‍්‍රිත ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයින් සියළු දෙනාටම දැඩි කැපවීමෙන් ජනතාවට සේවය කිරීමේ අවස්ථාව දැන් ලැබිලා තියෙනවා.

මේ කඳුකර තේ වතු ආශ‍්‍රිත කලාපයේ ජීවත් වන ජනතාවට කෘෂි වගාකරුවන් විදියටත් බව භෝග, පළතුරු, මල්, ඒ වගේම සත්ව පාලනය වැනි නූතන කෘෂි ආර්ථික ක‍්‍රියාකාරකම් ගණනාවක යෙදෙන්නත් පුළුවන්.  වතු ආශ‍්‍රිත ජනතාවට හැකිතාක් ඔවුන්ගේ පාරම්පරික කෘෂිකාර්මික හැකියාවන් තවදුරටත් දියුණු කරගනිමින් කෘෂි ව්‍යවසායකයන් බවට පත්වී රටේ ජාතික ආර්ථිකයේ වැදගත් කොටස්කරුවන් බවට පත්වීමට අතහිත ලබා දෙන ලෙස  මම දිගම්බරම් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මුදල් අමාත්‍යාංශය විසින් එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා යෝජනා ක‍්‍රමය අපි හඳුන්වා දීල තියෙනවා. ඒ නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයට එන්න අතහිත දෙන්න කියලා මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන ලංකා බැංකුවට, මහජන බැංකුවට, ප‍්‍රදේශීය සංවර්ධන බැංකුවට කියල තියෙනවා.

ඒ වැඩසහටහන යටතේ යෝජනා රාශියක් තියෙනවා. සමහර ණය උපාධිධාරීන්ට පොලිය රහිතව අපි දෙනවා. මිලියන 700 දක්වා අපි ණය මුදල් ලබා දෙනවා. මේ ණයවලින් 100% ඉඳල 50% වෙනකන් පොලී මුදල අප විසින් අදාළ බැංකුවලට ගෙවනවා.

අපි මේ ණය යෝජනා ක‍්‍රම හඳුන්වල දෙන්න ජංගම සේවා තියෙනවා. ඒ මගින් වතුකරයේ තරුණයන් ව්‍යාපාරිකයන් බවට පත් කිරීමේ අපේ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් අපි කියන්න කැමැතියි” යැයිද අමාත්‍යරවරයා වැඩි දුරටත් පැවැසීය.

 



අදහස් (0)

වතුකරය සංවර්ධන කරා ගෙනයන්න එජාපෙන් සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site