(රංජන් කස්තුරි)
වතුකරයේ පාසල් 9 ක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් කෝටි 30 ක මුදලක් ප්‍රදානය කර තිබේ.
ඒ අනුව මධ්‍යම පළාතේ වතු පාසල් 6 ක් ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල පාසල් එක බැගින් ද වන සේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය.
වතුකරයේ පාසල් හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් විනෝද් කේ.ජේකබ් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද යන මහත්වරු කොළඹ දී ඉකුත් දා අත්සන් තැබූහ.
අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ඉන්දීය ශ්‍රී ලංකා සහයෝගීතාවය වඩා ශක්තිමත් කරමින් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ විවිධ ව්‍යාපෘතීන් දිවයින පුරා ක්‍රියාවට නංවා ඇත. උතුරු පළාතේ පාසල් ගොඩනැගිලි රැසක් ඉදිකිරීම සහ නවීකරණය කිරීම ද ඉන්දීය ප්‍රදාන යටතේ සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd