ඉදිරි අය වැයේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුපට රුපියල් 50 ක් එකතු කිරීමට රජය තීරණය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඒ අනුව දැනට රුපියල් 700 ක් ලෙස පවතින වතු කම්කරු වැටුප රුපියල් 750 දක්වා වැඩි වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති සැකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රු 1000 දුන්නේ නැත්නම් ආණ්ඩුවෙන් එලියට බහිනවා කියපු කට්ටිය දැන් බඩුමුට්ටු එකලස් කරනවා ඇති
කියන්න වචන නැහැ. ලැජ්ජයි.
වතු කම්කරුවෙකුට දවසට 500ක් හොඳටම ඇති. මේ වැඩෙන් වතු සමාගම් බංකොලොත් වෙයි.
සෝම ඩුබායි වලට වෙලා හුඟක් කල්ද? එහෙමත් නැත්නම් 2500න් මාසයක් කන්න පුළුවන් කියපු කෙනාගේ කවුරු හරිද?
මාසේ පඩිය 100,000 ලක්ෂයයි, ගෙවල්කුලිය 100 000 ලක්ෂයයි, වාහන පොමිට් එක 500,000,00 කොටි 5 යි. එක දවසක් පාර්ලිමේන්තුවේ රැස්වුනොත් 15 000 යි. නිල උත්සවයකට ගියොත් 15,000 වාහන නිලවශයෙන් 3 යි පැට්‍රොල් අසීමිතයි .... තව ගොඩාක් තියෙනවා කියන්න. කොමිස් කෝටිගණන්. අවුවට, වැස්සට තෙමිතෙමි, දහඩිය පෙර පෙරා මහන්සි වෙන මේ දුප්පත් මින්ස්සුන්ට රුපියල් 50 යි, චි ලැජ්ජයි දුකයි අසික්කිතයි... මේ මහජන සේවකයෝ ද ....?
මෙතන තියෙන්නේ දෙන ප්‍රශ්නේ නෙවෙයි. කවුද දෙන්නේ කියන ප්‍රශ්නේ. මේ රු50 දවස ගානේ ආණ්ඩුවෙන් දෙන්නේ කොහොමද ඇමතිවරු කැමති විදියට, කර්මාන්තය පාඩුනම් තේ නිෂ්පාදන ආයතන මිලියන ගණන් ලාබ ලබන්නේ නෑනේ. බදු ගෙවන මිනිස්සුන්ට තව බරක් එකතු වෙන එකයි එකෙන් වෙන්නේ. තේ සෙස් බදු වගේ ආදායමක් තේ කර්මාන්තය වෙනුවෙන් කැප කරන්නේ නැතිව, අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවෙන් එකත් අදින්නේ.
දවසකට වැඩිපුර මාළු පාන් ගෙඩියක් කන්න පුළුවන්. කොච්චර ලොකු පඩි වැඩි වීමක්ද? අපි කවුරුත් මේ ගැන සතුටු විය යුතුයි.
ඉස්කෝලේ ළමයින්ට හා ගුරුවරුන්ට ටැබ් දෙන්න රුපියල් මිලියන දහස් ගණන් වැයකරන රටක අහිංසක දුගී කම්කරුවාට වැඩිවෙන්නේ රුපියල් පනහයි. අනේ මෙහෙමත් වැඩ...!
යහපාලන රජය බඩු මිල අඩු කර, රාජපක්ෂ යුගයට වඩා මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා. 500 කින් ජීවත් වෙන්න බැරි නැහැ