(අජන්ත කුමාර අගලකඩ)
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක් ගෙවීමට ඉදිරියේදී කටයුතු යොදන බවත්, ඒ ගැන සාකච්ඡා කර තිබෙන බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා අද(16) පුවත්පත් කර්තෘවරුන් හා විද්‍යුත් මාධය්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී එසේ පැවසීය.
රාජ්‍ය අංශයේ ප්‍රතිරූපය වෙනස් කළ යුතු බව කී ජනාධිපතිවරයා ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන්ගේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතු බව කීවේය.
තම රජය යටතේ මාධ්‍ය නිදහසට බාධාවක් නොවන බව කී ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කරමින් අඩුපාඩු පෙන්වාදීම මාධ්‍යවල වගකීම බවද කීවේය.
බලය බෙදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති රාජපක්ෂ මහතා උතුරේ දේශපාලන පක්ෂ බලය බෙදීම ගැන කතාකරන්නේ තම බලය පවත්වාගෙන යාමට බවත්, ඒවා කරන්න බැරි බොරු වැඩ බවත් සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය නිවේදන නිකුත් නොකරන්නේ මක්නිසාදැයි පුවත්පත් කතුවරයෙක් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකවරයකු පත්කරනු ඇති බව කීවේය.
රට පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු උවදුර ගැන නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සෑම ප්‍රදේශක්ම පිරිසිදුව පවත්වාගෙන යන ලෙස ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දී ඇති බව සඳහන් කළේය.

COMMENTS
ඉතාමත් හොඳ ක්‍රියාවක්... හරියට ආහාරයක්වත් නැතිව කහට කෝප්පයක් බීලා තමයි මේ මිනිස්සු වැඩ කරන්නේ.
කම්කරුවන්ට මේ වැටුප ලබාදීම ඇත්තටම සාධාරණයි. එහෙත් තේ දළුවලට ඉහළ මිලක් නොලැබුණොත් අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවිය හැකියි.
කාලෙකට පස්සේ දීපූ පොරොන්දු ඉටු කරන නායකයෙක් අපිට පහල වෙලා තියනවා.
තාප්ප වල චිත්‍ර ඇන්දාම, හිස් ටින් විසි කලාම ඩෙංගු මදුරුවන් මැරෙනවද?
මේ මිනිස්සු ටික කොහොමහරි ගොඩ දාන්න ඕනි. රටට විශාල වශයෙන් දායකත්වයක් දෙන මිනිස්සු කොට්ටාශය.