
(ඉන්දිකා රාමනායක)
පොලිස් සැරයන්වරයකු වෙඩි ප්රහාරයකට ලක්ව මියගිය තිරුක්කෝවිල් පොලීසියේ නිලධාරීන් සිව් දෙනාට පොලිස්පතිවරයා උසස්වීම් ලබාදී ඇතැයි මූලස්ථානය කියයි.
මිය ගිය පොලිස් සැරයන්(44132) අබ්දුල් කාදර් මහතා උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් ද,පොලිස් කොස්තාපල් (8861) ඒ නවිනාත්, පොලිස් කොස්තාපල් (78857) ටී බී කේ පී ගුණසේකර, පොලිස් කොස්තාපල් රියදුරු (17382) ඩී.එම්.ටී එච් කුමාර මහත්වරුන් සැරයන් නිලයට උසස්කර ඇත.
මෙම උසස් කිරීම් දෙසැම්බර් මස (24) සිට බලපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
COMMENTS
වෙඩි තැබූ සාජන්වරයා අසනීපයෙන් සිටියා කියා ඔහුගේ අම්මා කියනවා. ඔහුට කාලයක් නිවාඩු නුදුන් බවත් කියනවා. නියපොත්තෙන් කඩන්න තිබුණු දෙයක් පොරවෙන් කපනවා වගේ ප්රශ්නේ මුලින්ම විසඳීමක් නොකර ජීවිත හතරක් විනාශ වුණාට පසුව මියගිය අයව පොලිස්පති කළත් වැඩක් තිබේද? ඒ අතර ඊයේ පෙරේදා ආධුනික පොලිස් කාන්තාවකට අතවර කිරීමට උත්සාහයක් ගැන කියැවුණා. අහෝ රටකට ගිය කලක්...
උසස් වීම් දීලා මදි. මේවගේ දේවල් නැවත නොවෙන්න දැනුවත් කරන්න ඕන. කායික හිංසනය වගේම මානසික හිංසනය ගොඩක් නරකයි. හැම රජයේ පුද්ගලික ආයතනයකම මේක සිද්ධ වෙනවා.
ෂාහ් පුදුමයි. තවත් නිලදාරියෙක්ව උසුළු විසුළු වලට ලක් කිරීම රාජකාරියේ කොටසක් කියා දන්නේ අදයි?
ආබාදිතයකුට උසුළු විසිළු කරන්නේ නිවටයින්ය. අද ප්රසිද්ධ පුවත් පතක මැරුම් කෑ මේ නිවටයින් හතරදෙනා ගැන ලියා තිබෙන කතුවැකිය කියෙව්වානම් මොවුන්ට උසස්වීම් දෙනවා තබා මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න නොදෙනු ඇත. කොටින්ගෙ වෙඩිපහටරට ලක්ව ආබාදිතව සිටින මේ පොලිස් නිලදාරියාට කල උසුළු විසුළු වලට ඔහුට අතින් පයින් ගහ ගන්න බැරිය. ඒ මොහු ආබාදිත නිසා ක්රීයාකාරී කම් 50% නැතිවී ඇති නිසාය.. කල හැකි දේ ඔහු කර ඇත. මොවුන් මියගොස් ඇත්තේ රාජකාරියක් කිරීම ගොස් නොවේ .සහෝදර නිලධාරියෙකුට පාච්චල් කිරීමට ගොස්ය. නිවට වැඩ කරන්න ගොස් මැරුනාම උසස් වීම දීම වීරකම් කර මැරුණු අයට කරන අවමානයක් ලෙසයි මම නම් දකින්නේ.