(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමන්ති රණසිංහ)
යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු මුල්ලේරියාව රත්බිම මාවතේ නිවසක් ඉදිරිපිටදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
තුවාල ලැබූ ව්‍යාපාරිකයා මුල්ලේරියාව රෝහළට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මියගොස් ඇත්තේ 38 හැවිරිදි තැනැත්තෙකි.
ව්‍යාපාරිකයා සිය නිවසේ ගරාජයට කැබ් රථය දැමීම සඳහා ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි පුද්ගලයකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආරක්ෂාව මෙතරම් තිබියදීත් මෙවැනි දේ වෙනවනම් ආරක්ෂාව නැති කාලේ බෝම්බ ගහපු එක ගැන කවර කතාද...