IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘‘වඩු කර්මාන්තය නවීකරණය කරන්න රජයේ උපරිම සහය ලබාදෙනවා‘”

(අංජුල මහික වීරරත්න)

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ වනගහණය 28% ක් පමණ වන බවත්, එය තවත් වැඩි දියුණු කළ යුතු බවත් පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් හා දේශපාලනඥයින් පිරිසක් සමඟ අද (10)  අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

     ‘‘අපේ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ රටේ වඩු කර්මාන්තය දියුණු කිරීමයි. වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය ආධාර උපකාර රජය විසින් ලබා දෙනවා. ඒ වගේම රටේ දැව සම්පත ආරක්‍ෂා කිරීමත් රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස අප සලකනවා. රටේ සමස්ථ වනගහණය මේ වන විට 28% ක පමණ අගයක් ගන්නා අතර, අපට අවශ්‍ය වන්නේ එම ප්‍රමාණය තවත් වර්ධනය කර ගැනීමටයි. ඒ අනුව රටේ දැව සම්පත වර්ධනය කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

ජනාධිපතිතුමා පසුගියදා සඳහන් කළේ රටේ වනාන්තර ආරක්‍ෂා කර ගැනීම පිළිබඳව පමණයි. එතුමා පැවසුවේ රටේ තිබෙන ජංගම වඩු කර්මාන්ත ශාලා සහ චේන්ෂෝ තහනම් කිරීම පිළිබඳවයි. ජංගම වඩු කර්මාන්ත ශාලා සහ චේන්ෂෝ භාවිතය ඉහළ යනවා නම් රටේ වනගහණය 28% ටත් වඩා පහළ මට්ටමකට පත් වෙනවා.

කිසිම අවස්ථාවක රටේ වඩු කර්මාන්තයට බාධා වන ආකාරයට මැදිහත්වීමට අපට අවශ්‍ය නැහැ. රටක් ලෙස වඩු කර්මාන්තය සාර්ථකව ඉදිරියට ගෙන යා යුතුයි. 2003 වසරේදී අපි වඩු කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කළා. නමුත් එම වැඩකටයුතු ඉදිරියට කර ගෙන යෑමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. එම නිසා වඩු කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන අපි නැවත ක්‍රියාත්මක කරනවා. මෙම ක්ෂේත්‍රය නවීකරණය කිරීමේදී ගැටළු ගණනාවක් මතු වෙනවා.  මුදල් ගැටළු, අලෙවි කිරීමේ ගැටළු සහ තාක්‍ෂණය ලබාගැනීම පිළිබඳ ගැටළුත් මීට බලපානවා.

මොරටුව ප්‍රදේශය තාක්‍ෂණික දැනුම ඉතා හො¼දින් භාවිත කළ හැකි නගරයක්. මොරටුව විශ්ව විද්‍යාලය, අප අලූතින් ආරම්භ කළ ඒ.ටී.අයි. ආයතනය හරහා සාම්ප්‍රදායික වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය තාක්‍ෂණය ලබාගත හැකියි.

මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් මොරටුව ප්‍රදේශයේ සිටින නිසා මේ වැඩකටයුතු කරගෙන යෑමේ ගැටළුවක් ඇතිවන්නේ නැහැ. වඩු කර්මාන්තය පිළිබඳව අමාත්‍යංශයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛය සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. මේ වනවිට අමාත්‍යංශ ලේකම්වරයාත් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා.

මෙම කර්මාන්තය විශාල කර්මාන්තයක් ලෙස දියුණු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ දැනුම ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකර විදේශ රටවල්වලටත් ලබාදිය යුතුයි. එම නිසා ඉදිරියේදී වඩු කර්මාන්තයට හොඳ අනාගතයක් තිබෙන බව පැවසිය යුතුයි. මේ පිළිබඳව එරාන් වික්‍රමරත්න ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සකස් කර අපට වාර්තාවක් ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

ඒ අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාදෙන ණය සහන වඩු කර්මාන්තයටත් ලබාදීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. අප රටේ වගකිව යුත්තන් ලෙස කටයුතු කළ යුත්තේ මෙවැනි කර්මාන්ත දියුණු කිරීමටයි. මෙම කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට සාර්ථකව මුදල් ලබාගත හැකි ආකාරයට මෙම කර්මාන්තය සංවර්ධනය කළ යුතුයි.

අපේ එම පරමාර්ථය සාර්ථක කර ගැනීමට මෙම කර්මාන්තය තුළ නවීකරණයක් සිදු කළ යුතුයි. ඒ සඳහා ඔබේ අදහස් සහ ආණ්ඩුවේ සහභාගීත්වය අවශ්‍ය වන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙක් සහභාගීවී සිටියහ.‘‘

ඡායාරූප - අගමැති මාධ්‍ය අංශය



අදහස් (11)

‘‘වඩු කර්මාන්තය නවීකරණය කරන්න රජයේ උපරිම සහය ලබාදෙනවා‘”

td Monday, 10 June 2019 04:28 PM

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහාය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස්කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය. වඩු කර්මාන්තය නවීකරණය පාසැල තුළින්ම පුහුණුවක් ලබාදී පිළිගැනීමේ සහතිකයක් ලබාදීම ඉතාම වටිනේය. පාසලින් පිටවන තරුණයන් සමාජය පිළිගන්නා දැනුමක් සහ පිළිගතහැකි සහතිකයක් තිබේ නම් රැකියාවන් ඕනෑතරම් තිබේ. එම රැකියාවන්ට විශාල මුදලක් ගෙවීම් කරනු ලැබේ. රටතුළත්, පිටතත්, ලොවටත් පුහුණු සේවකයන් නොමැතිකම දැනීගොස් තිබේ. දියුණු රටවල් දැනුමක් සහ පිළිගතහැකි සහතික ලත් අයවලුන් හට එම රටවල් රැකියා දොරටු විවෘත කොට තිබේ. එම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න රට චීනය වේ. පාසල්වලට වුවමනා සියලු ලීබඩු පාසැල තුළින්ම නිපදවා ගැනීමේ ක්‍රමයක් ඇතිකළ යුතුය.

:       61       42

chandima Monday, 10 June 2019 05:08 PM

අන්න හරි.... උඩ පැනල‍ා දෙන්නා උඩින්ම ගිහින් හයේ එකක්ම එන්න. බොහොම කලාතුරකින් මේ වගේ හොඳ බෝලයක් වැටෙන්නේ. මගේත් උපරිම සහය, මෙයා මාර පොරක්නේ... තමන්ගේ වැඩේ කරගෙන අනුන්ට වල කපනවා. මාත් මේ අපේ ගමේ වඩු මඩුවට එන ලස්සන ගෑණු ළමයෙකුට බැල්ම දැම්මා විතරයි. වඩු මඩු වහන්න හදනවා.

:       0       123

samanthaMonday, 10 June 2019 06:07 PM

අනේ මෙයයි මමයි ගහන හයේ පාරවල්? කැඳ බීලා වගේ ඔහොම තට්ටු දාල හරියන්නේ නැහැ. ප්‍රෝටීන් උගුරක් වත් බීලා වනන්නකෝ හතර අතේ.., බලන් ඉන්න උන්ටත් නිදිමත නැතුව ගිහිල්ල හුරේ දාන්න. කොහෙද මුළු ටීම් එකටම ඉන්නේ පැන්ෂන් කාරයින්නේ? කොල්ලෝ ඔක්කොම අතිරේක ක්‍රීඩකයෝ. කවද ඉතින් මැච් දිනන්නද?

:       6       86

Kriss Monday, 10 June 2019 05:48 PM

යාන්තම් ජාමේ බේරගත්තා නේද?

:       4       36

Rasika Monday, 10 June 2019 08:21 PM

ජනාදිපති එකක් කරනවා , අගමැති තව එකක් කරනවා, පොලිස්පති එයට ඕනේ දේ කරනවා,, සුව ඇමති කටට එන එක කියනවා.. මේ අතරේ බෝම්බ පිපිරෙනවා. මුස්ලිම් අන්තවාදය ඔවුන්ගේ භීෂණය රට තුල පතුරනවා.. ආණ්ඩුව දැන් වහාම ඡන්දයකට යන්න ඕනේ. රටේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ. නැත්නම් තව දුරටත් රටක් ඉතුරු වෙන්නේ නැහැ..

:       0       1

de silva Monday, 10 June 2019 10:07 PM

දුරදිග නොබලා කියපු කතාවක් අල්ලාගෙන මෙයා ලකුණු දමාගන්න හදනවා , මේ කිහිප දෙනාම ( රනිල්, මෛත්‍රී ,මහින්ද ) හදන්නේ බොර දියේ මාලු බාන්න, එකෙකුටවත් ඡන්න්දේ දෙන්න එපා.

:       1       7

jayath Tuesday, 11 June 2019 02:45 AM

මෙයා කොච්චර කපටිද කියනවා නම් ජනපතිට ටොක්ක අනින්නේ ඔලුව අතගාලා... ඕක මෙයා අතින් කියවුණා නම් ජනපති අද කියන ඒවා බලන්න තිබුණා. ඔය ජනපතිගේ ප්‍රකාශයේදී "ජංගම" වඩු මඩු කියලා කිව්වේ කොහේදීද කියලා අපට කියනවද? ගරු අගමැතිතුමනි..

:       0       2

lalithm Tuesday, 11 June 2019 03:11 AM

පිටරට ලී ගෙනැවිත් බඩු හදල විකුණන්න වෙන්නෙත් පිටරට බඩු වලටම තමා. ජනපතිතුමාට කව්රු හරි ලී ආනයනකරුවෙක් ලෙඩ දම්මනවා. මේ කතාව අගමැතිතුමා කාලීනව කරපු හොඳම කතාව. මෝඩ වැඩ නොකර රබර් වගේ ලී හොඳින් පාඩම් කර කල් තබා ගැනීමේ තාක්ෂණය මොරටුව විශ්වවිද්‍යාලය වත් මුල් කරගෙන දියුණු කරමු. වෙන මහෝගනී වගේ වන වගා වලට කුඩා ඉඩම් හිමියන්ට උදව් කරන්න.

:       0       32

සේන Tuesday, 11 June 2019 05:16 AM

අයෙක් වඩුමඩු වහන්නට කතා කරන අතර, අයෙක් වඩු කර්මාන්තය දියුණු කිරීමට කතා කරයි. දෙකම සිදු නොවන වග පැහැදිලියි.

:       1       1

MP Tuesday, 11 June 2019 05:32 AM

පච! කටින් බතල ! බ්‍ර්ස්ලට්වලට දෙවෙනි නැහැ මේක - ඡන්ද ගුණ්ඩු!

:       0       11

iruni Tuesday, 11 June 2019 06:59 AM

මෙතුමා නිවැරදියි.. හොඳටම පිස්සු කුඩු මතේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 6 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 599 0

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 289 0

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 498 3

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


ආණ්ඩුව පඹ ගාලක පැටලිලා
2025 මැයි මස 09 33 0

ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 918 6

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1274 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 328 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site