(මහින්ද නිශ්ශංක)
අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද (25) දහවල් වටලනු ලැබීය.
එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි අකර ඇති බවද අධිකාරිය පවසයි.
මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ.
ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම පුරවැසියන් කරදරයක වැටි සිටින මෙවන් අවස්තාවක බොරදියේ මාළු බාන මෙම ආයතනයේ නම පැහැදිලිව මහජනතාවට දැනගනුමට සියලුම මාධ්‍ය වල පලකරන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
එතකොට ප්‍රවාහන ගාස්තු සහ එම සේවාව දෙන්න යන ගාස්තු. එයට සාධාරණ මිලක් නොදුන්නොත් මෙවැනි සේවාවක් දෙන්න කව්රුත් ඉදිරිපත් වෙන්නේ නැතිවේවි. කියන මිල නම් ගසා කෑමක් තමා. අනික අපි කොහොමත් පරිප්පු ගත්තේ රු. 160-200 ගණනේ තමයි මේ දවස්වල. රු 65/= පරිප්පු සහ 100 සැමන් දුන්නේ සමුප සහ සතොස. ඒවායේ පෝලිමේ ගියාම කොරෝා හැදිලා ඉවරයි. සමුපකාරේ හිස් තට්ටු විතරයි. අනිත් කඩවල සැමන් ලොකු 240-320 පොඩි 170/=
මේ රටෙ අසරණ පාරිබෝගිකයන් ට කියන්න තියෙන්නේ ඔය මේ රටේ තියන "සුපිරි : කියන හුඟක් ඒවා සුපිරි නැහැ මතක නේ පහුගිය කලේ එක්තරා සුපිරි නම තියන බේකරියක් කොරපු දේ . මේකත් ඒකෙම පැතිකඩක් .
සුරා කන්නෙක් හින්දා සම්පුර්ණ විස්තර පල කරන්න. තවද එම ආයතනයේ අධ්‍යක්ෂකවරු කළමනාකරණයේ සම්පුර්ණ විස්තරද පලකරන්න. පාරිභෝගිකයා විසින්ම මෙවැනි ශිෂ්ට සමාජ විරෝධීන්ව අයින් කරන්න කාලය ඇවිත්. නැතිනම් ශිෂ්ඨ සමාජයේ පරිත්ත්යගයක් හැටියට අධ්‍යක්ෂකවරුන්ට හා කළමනාකරුවන්ට කොරෝනා ඩොස් එකක් දෙන්න.
කළ දුටු කල වළ ඉහගන්ඩ බලන් ඉන්න වෙළෙන්දෝ අපේ රටේ ඕන හැටියේ ඉන්නවා. ඒ වගේම නිවෙස් වලට බඩු ප්‍රවාහනය කරන කොටත් ගෙවීමක් කරන්න වෙනවා. සාධාරණ අයකිරිමක් වෙන්ඩත් ඕනේ?
ලලිත් බොරු කියන්න එපා. අපි කීල්ස් එකෙන් සහ කාගිල්ස් එකෙන් පරිප්පු රු:65/- ටත් ලොකු සැමන් ටින් රු:80 ටත් ගත්තා. එක් ආයකුට උපරිම සැමන් ටින් තුනක සීමාවක් තිබුනා.
කප්රුක තමයි අනිවා ...