(අජන්ත කුමාර අගලකඩ)
වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා - වැඩබලන නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති

කර්මාන්ත හා මැණික් කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා - වැඩබලන කර්මාන්ත වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති

බනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ මහත්මිය - වැඩබලන මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ බනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිනී

වැඩබලන ඇමැතිවරු තිදෙනාගේ දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.
රිෂාඩ් බදියුදීන් රාවූෆ් හකීම් සහ කබීර් හෂීම් යන අමැතිවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් වීම හේතුවෙන් එම ඇමැතිධූර පුරප්පාඩු වී තිබිණි.
COMMENTS
'වැඩ නොබලන' ඇමතිලා හැට හුටහමාරක් ඉන්නා රටේ 'වැඩ බලන' ඇමතිලා දෙතුන් දෙනෙක්වත් ඉන්න එක හොඳයි.
අනේ දෙවියනේ මේ නරිනාටක බලන්න අපිත් පව් කරපු හැටි...
මේ, පුද්ගලයින් මොන.. යම් හේතුවක් නිසා හෝ හිටපු මැති.. අැමැතිවරුන් වගේ.. අපේ රටට .. අපේ සංවර්ධනයට එරෙහිව තම රාජකාරිය පාවා දුන්නොත්.. සිද්ධවෙන දේවලුත් මේ දිව්රුම්පත්‍රවල සඳහන්ද?
දුටුවිට මාතෘකාව මතකය දුව යන්නේ ..// වැඩ බැරිගෙයි බබානිස්ලාට නොවන්නේද ..// බැරි පුළුවන් මොකක් වුනත් රජවරු නොවේද..// මෙතෙක් කලක් ගත් වැටුපට යුතුකම් ඉටුකළාදෝ..//
මේ දිව්රුම්පත්‍රවල බෝම්බ නිපදවීම, පිපිරවීම, ඊට සහය දීම නොකරන බවට සහ කරන්නවුන් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට බලපෑම් නොකරන බව සඳහන් කරන්නේ නම් මැනවි..
මෙයාලා ඔටුවෝද? දිගටම මෙයාලව තියා ගන්න. කලින් අය නියෝජනය කළේ මුස්ලිම් ජනයා පමණයිනේ. මෙයාලා සමස්ත ජනතාවම නියෝජනය කරයි. සියල්ලන්ට සමානව සලකාවි. පාර්ලිමේන්තුවේ සියල්ලන්ට තියෙන්නේ එක ඡන්දයක්නේ...
බුද්ධික පතිරණ හොඳ තේරීමක්...
අර ගොල්ලෝ ආපහු ආවොත් .....
ඇයි රන්ජාට නොදුන්නේ?
බුද්ධික පතිරණ මහතාට දුන් අමාත්‍යාංශ නැවත අන්තවාදීන්ට දෙන්න එපා...
ඛනිජතෙල් සංවර්ධනය සම්බන්ධ අමාත්‍යාශයක් තිබුණත් මෙතෙක් කල් සිදුකළ සංවර්ධන කටයුතු මොනවාද? තෙල් සම්පත් සමීක්ෂණවල තත්වය කුමක්ද? කිසිවක්ම සිදුකර නැත්නම් අමාත්‍යාංශය ආරම්භ කළදා සිට මෙතෙක්කල් ඒ වෙනුවෙන් වැයකල මුදල කොපමණද? යනාදී අමාත්‍යාංශයේ ප්‍රගතියේ විස්තර ප්‍රසිද්ධ කරන්න.
ඔව්, ඔව් මේ රට වෙනුවෙන් කරන්න වැඩ බලන්න දේවල් එමටයි මෙයාලට. එ්කනේ මේ රට මේ තරමට දියුණු කට්ටිය රට වෙනුවෙන් දහදිය හෙළනවා. ජනතාව ඉන්නේ මාර සැපසේ..
අපට අඩු තවත් සුපිරි වාහන සෙට් එකක් ලංකාවට.. කාටද ආඩම්බර...
මොන පක්ෂේ දිනුවත් බුද්දික පතිරණ වගේ අයට ඇමතිකමක් දෙන්න ඕනේ. අනෙක මේ ඇමතිකම ඔහුට හොදටම ගැලපෙනවා. අපි හිතනවා ඔහු සියලු දෙනාට සාධාරණයක් කරාවි කියලා. විශේෂයෙන් නැගෙනහිර සහ උතුරේ අවතැන් වූන සිංහල ජනයට සාධාරණයක් ඉටුවේවි කියලා බලාපොරොත්තු වෙනවා.. මේ වගේ අමාත්‍යංශයක් කවදාවත් අන්තවාදීන්ට දෙන්න එපා. බුද්දික පතිරණ කියන්න වැඩක් කරන්න පුළුවන් තරුණ මන්ත්‍රී කෙනෙක්..
මේ බනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිකම දෙන්න ඕනෑ දැනඋගත් දක්ෂ තරුණ කෙනෙකුටයි. මේ වගේ බකන්නිලා ගෙන ඉන්න අය පත්කාලම, රටට ඇති සෙතේ මොකක්ද? ඒ අයගේ ව්‍යාපාර වලට නම් මොන මොනවා හරි කරගනී. රටට නම් සත 5ක සෙතක් නැහැ. පඩි ගෙවන අපේ බදු මුදල් අපරාදේ...