(දයාසිලී ලියනගේ)
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩ බිම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය යැවීමට අවශ්‍ය මුදල් නොතිබීම නිසා එම අමුද්‍රව්‍ය වැඩබිම් වල කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වය නිසා වැඩබිම් වලින් ලැබෙන ආදායම ද නිසි ලෙස නොලැබෙන බැවින් සේවක වැටුප් ගෙවීම ද දින ගණනාවක් ප්‍රමාද වී ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සඳහන් කරයි.
පසුගිය කාලය පුරාම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා වැටුප් ගෙවා ඇත්තේ දින කීපයක් ප්‍රමාද වූ බවද වාර්තා වේ.
වැටුප හා ජීවන අංක දීමනාව හැර අනෙකුත් කිසිම දීමනාවක් නොදුන් බවද ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සඳහන් කරයි.
සාමාන්‍යයෙන් සෑම මසකම 25 වැනිදා වන විට වැටුප ගෙවිය යුතු වුවත් මෑතකදී සිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයන්ට වුවත් වැටුප ගෙවා ඇත්තේ ඊළඟ මාසයේ මුල සතියේ බවද දැනගන්නට ඇත.
සේවක වැටුප සඳහා මාසයකදී රුපියල් මිලියන 150 ක පමණ මුදලක් වැය වන අතර වැඩ බිම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට මිලියන 400 ක් 450 ක් අතර ප්‍රමාණයක් වැය වෙයි.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රජයේ ඉදිකිරිම් හිමිවිය යුතුව ඇතත් පසුගිය කාලය පුරාම එම අවස්ථාව නිසි ලෙස හිමිවී නැති බවද සේවක සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩුවල එහෙම වුණත් මේ ආණ්ඩුවේ එහෙම වෙන්නේ නෑ..
සර්.., මේ දවස්වල ගමේ වැඩ නගරෙට ආවාම අපිවත් කියන්නම්...
2000 වර්ෂය පමණ වනතුරු, ඉංජිනේරු සංස්ථාවට ඉදිකිරීම් කොන්ත්‍රාත් වැඩ තිබුණා. ඉස්සර රජයේ ඉදිකිරීම් වැඩිපුර කෙරුවේ සංස්ථාව. Pilling section එකට ගොඩක් වැඩ තිබුණා. දැන් එහෙම එකක් තියෙනවද කියා දන්නෙත් නැහැ. ඉතින් පාඩු නොලබයිද?. රජය අවධානය යොමුකරන්නේ පෞද්ගලික අංශය නගාසිටුවීමට මිස රට නගා සිටුවීමට නොවේ. ඒකයි රජයේ ආයතන පිරිහෙන්නේ...
සර් උන්නා නම් ඔහොම වෙන්නේ නෑ..