IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැඩබිමකට එරෙහිව ගම්පහ විදුහලක මව්පියෝ විරෝධය පාති

(තිලකරත්න  දිසානායක)

ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් කිරිදිවිට ගැමුණු කනිෂ්ඨ විදුහලට යාබද ඉඩමක කොන්ක්‍රීට් නිෂ්පාදිත වැඩබිමක් ස්ථාපනය කිරීමට යාම පිළිබඳව සිසු දරුවන්ගේ මව් පියවරුන් විරෝධය පළ කරති.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා කොන්ක්‍රීට් නිෂ්පාදනය කිරීම පිණිස අක්කර දෙකක පමණ පාසලට යාබද  පෞද්ගලික ඉඩමක චීන සමාගමක් මගින් මෙම වැඩබිම මේ වනවිටත් ආරම්භ කොට ඇත. 

මේ සදහා පාසල සහ වැඩ බිමෙහි සීමාව වෙන්වන ලෙසින් පාසල් ගොඩනැගිල්ලෙහි සිට අඩි පහක පමණ දුරින් තහඩු යොදා ආවරණය කිරීමට සැලසුම් කොට ඇති බවත් මින් පන්ති කාමර අදුරු වන අතර වාතාශ්‍රය පවා නොලැබෙන තත්ත්වයක් මෙන්ම වැඩ බිමෙහි සවි කෙරෙන කලු ගල් කැඩීමේ යන්ත්‍ර මගින් නිකුත් වන අධික ශබ්දයත් , දූවිල්ලත් දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට දැඩි බාධාවක් වනු ඇති බවත් මව් පියන් පෙන්වා දෙති. 

මෙම ගැටළුව පවතින විදුහලෙහි එකම පාසල් ගොඩනැගිල්ලෙහි 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් 300 ක් පමණ දෙනෙකු අධ්‍යාපනය ලබන අතර වසර කිහිපයක් සදහා මෙම වැඩබිම ආරම්භ කළහොත් දරුවන්ගේ  අධ්‍යාපන කටයුතුවලට බාධාවීම මෙන්ම රෝගී තත්ත්වයට පත්විය හැකි බවද මව් පියෝ පවසති. 

වැඩ බිමෙහි තහඩු ආවරණය ඉදිකෙරෙමින් පවතින ස්ථානයට මව් පියන් පිරිසක් අද (4) පැමිණ මින් සිදුවන අපහසුතාවය පෙන්වා දුන් අවස්ථාවේ එහි පැමිණි වැඩ බිම් පරීක්ෂකවරයෙකු වන උදය පුෂ්පකුමාර මහතා සදහන් කර සිටියේ,  වසර තුන හතරක කාලයක් සදහා භූමිය ලබාගෙන ඇති අතර වැඩබිම සදහා පරිසර අධිකාරිය මගින් අනුමැතිය ලබා ගෙන ඇති බවත් වැඩබිමෙන් පාසලට බලපෑමක් ඇතිවේයැයි සිතිය නොහැකි බවත්ය.

පාසල අසල වැඩ බිම පවත්වා ගෙන නොයන ලෙසට විදුහල් සංවර්ධන කමිටුව මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන්ද , මවි පියන් විසින්  ජනාධිපතිවරයාත්, ප්‍රසන්න රණතුංග, නාලක ගොඩහේවා, අජිත් මාන්නප්පෙරුම යන මැති ඇමතිවරුන්ගෙන්ද ඉල්ලීම් කොට ඇත.

මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ. මල්ලවආරච්චි මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කොට සිටියේ, පාසල් සංවර්ධන සමිතිය කළ ඉල්ලීම ගම්පහ අතිරේක දිසාපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත යොමු කළ බවය.



අදහස් (3)

වැඩබිමකට එරෙහිව ගම්පහ විදුහලක මව්පියෝ විරෝධය පාති

sam Thursday, 05 August 2021 01:21 PM

මේ පාලකයින්ට ඕවා ගානක් නැහැ .උන් නූගත්තු හින්දා ඉගෙන ගන්න එවුන්ව පේන්න බෑ .ළමයි ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි .මතක තිය ගන්නවල ඉදිරියට එන චන්ද වලදී ඕවාට හරි පිළිතුරු දෙන්න .අනිවාර්යෙන්ම මේ ආණ්ඩුවේ හෙන්චයියෙක් ඔය ඉඩම විශාල මිලකට බද්දට දීලා ඇති

:       46       145

sharm warn Friday, 06 August 2021 10:06 AM

කොළඹ පාසල් දෙක තුනකට හොට ගහන්න ඇවිල්ලා, හොට පටලවාගෙන මාරුවෙන්න වුණා. දැන් පොඩ්ඩක් ඈතට ගිහින් සුපුරුදු සෙල්ලම දාන්න බලනවද? ගම්පහ කට්ටිය උඩින් මේ ඡන්ද දුන්නනේ. ඔන්න ප්‍රතිඵල එනවා.. සතුටින් භුක්ති විඳින්න.

:       0       0

Sunil Thursday, 12 August 2021 12:47 PM

දරුවන්ගේ අනාගතය අඳුරු කරන මේ වැඩේට නම් ඉඩ දෙන්නම එපා .මුන් ඔක්කොම බූරුවෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site