(ලලිත් නවරත්න)
ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුර සඳහා එම තනතුර කලින් හෙබවූ වඩත්ත පිරිවන් කෘත්‍යාධිකාරී වඩත්තේ සෝමානන්ද හිමිපාණන් වහන්සේම නැවතත් පත්වූහ. මෙම තනතුර සඳහා තෝරා ගැනීම ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

මෙම තෝරාපත් ගැනීම වෙනුවෙන් ඉකුත් පෙබරවාරි මස 23 දින එම ස්ථානයට රැස්වූ අතර එම අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ දෙපාර්ශවයක් අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ලේඛකාධිකාරී තනතුරට ස්වාමීන් වහන්සේ නමක් පත්කර ගැනීමට නොහැකිවිය.
පසුව ආණමඩුව ප්‍රාදේශීය ලේකම් දීපිකා චාන්දනී මහත්මියගේ මැදිහත් වීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් සුනන්ද දේශප්‍රිය මහතාගේ මෙහෙය වීමෙන් මෙම ලේඛකාධිකාරී ධූරය වෙනුවෙන් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මේ සඳහා ඉදිරිපත් වී ඇති ස්වාමීන් වහන්සේ දෙනම වෙනුවෙන් රහස් ඡන්දයක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ශාසනාරක්ෂක බලමණ්ඩල සාමාජික භික්ෂූන් වහන්සේ 28 නමක් වැඩම කළහ.
මෙම ධූරය සඳහා ඉදිරිපත්වූ ආණමඩුව ආනන්දාරාමාධිපති කුඩාවැවේ විජිතනන්ද හිමිපාණන් වහන්සේ ඡන්ද 11ක් ලබාගත් අතර වඩත්ත පිරිවෙන් කෘත්‍යාධිකාරී වඩත්තේ සෝමානන්ද හිමිපාණන් වහන්සේ ඡන්ද 17ක් ලබා ගනිමින් මෙම වර්ෂය සඳහා ශාසනාරක්ෂක බල මණ්ඩල ලේඛකාධිකාරී තනතුරට තේරී පත්වූහ.
COMMENTS
බුදු හාමුදුරුවොත් මේ විදිහට තනතුරු, පදවි ප්‍රදානය කරලා තියෙනවා අතීතයේදී. මේ බුද්ධ පුත්‍රයෝ බුද්ධ වචනය එලෙසම පිළිපදිනවා ඉතාම පැහැදිලියි.
තනතුරු.. තනතුරු.. තනතුරු.. සියල්ල අතහැරිය යුත්තේ මේ අපි..!!!