(වයි. ඒ. එස්. වීරවංශ)
‘ජනාධිපතිවරණය ලං වෙනවාත් සමඟම එක එක තේමා පාඨ එනවා. ගියවර හලාල් ප‍්‍රශ්නය ගෙන ආවා. මෙවර විල්පත්තුව ගෙනල්ලා. මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඩැහැගනන්න විවිධ උපක‍්‍රම භාවිතා කරනවා. මුළු රටම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ. වැඩ්ඩන්ට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (24) බළන්ගොඩ කිරුළ නොරටුන්ට - අවුල මෙරටුන්ට යන තේමා පාඨය යටතේ පැවති සංවාදශීලි ජන හමුවේ දී අදහස් දක්වමිනි.
මෙම රැස්වීම බළන්ගොඩ ගෝල්ඩන් සන් සිටි උත්සව ශාලාවේ දී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද කීය.
‘මේ ආණ්ඩුව බලයට ආපු දා සිටම ස්දේශීකයා ගැන සිතුවේ නැහැ. අද ගම්මිරිස් මිල පහළ බැහැලා. ස්දේශිකයාට බදු පිට බදු ගහනවා. මිනිසුන්ගෙන් පන්න පන්න බදු ගන්නවා. විදේශියන්ට ඒ නීති රීති නැහැ. විදේශිකයන්ට බදු සහන ඉඩම් සින්නක්කර දෙනවා. විදේශ විනිමය පනත වෙනස් කළා. කළු සල්ලි අරගෙන මේ රටට විදේශීකයන්ට එන්න අවශ්‍ය නිතිරීති සම්පාදනය කරනවා. මේ රටේ නීතියක් තිබෙනවා කිසියම් මාධ්‍ය ආයතනයක් විදේශීකයන්ට ගන්නා බැහැ කියලා. නමුත් ලයිකා මොබයිල් ආයතනය මේ රටේ මාධ්‍ය ආයතනයක් මිලට ගත්තා.
මේ රටේ ඉඩම් සිතියම් ගත කරන්න කැබිනට් අනු කමිටුවක් පත් කළා. එහි ඇමෙරිකානුවන් සිව් දෙනෙකු ඉන්නවා. අපේ රටේ ඉඩම් මැන වෙන් කරන්න අපේ මිනින්දෝරුවන්ට හැකියාව තිබිය දීත් ඇයි ඇමරිකාවට දෙන්නේ. ලංකාවේ නීතියක් තිබෙනවා එක පුද්ගලයකුට අක්කර 50 කට වඩා ගන්න බැහැ කියලා. නමුත් ඒ නීතිය වෙනස් කරන්න නව පනතක් ගේන්න සැලසුම් කරනවා. ඉඩම් බැංකුවට මගින් තමයි මේ රටේ ඉඩම් පාලනය කිරීමට කටයුතු සූදානම් වන්නේ. ඒ අනුව විදේශිකයින්ට ඕන තරම් ඉඩම් මිල දී ගැනීමට පුළුවන්.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කාටද දැඩිව වුවමනා වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා රනිල්ට දිනන්න බැරි නිසා 20 වැනි සංශෝධනය ගෙන එන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා ඔබතුමා හැදිලා ඉන්න.
"මේ රටේ ඉඩම් සිතියම් ගත කරන්න කැබිනට් අනු කමිටුවක් පත් කළා. එහි ඇමෙරිකානුවන් සිව් දෙනෙකු ඉන්නවා.. අපේ මිනින්දෝරුවන්ට හැකියාව තිබියදීත් ඇයි ඇමරිකාවට දෙන්නේ " එතකොට ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකන් සම්බන්ධයක් නැද්ද?
සුනඛයෙකුගේ පිහිටක් නැතිව මැක්කෙකුට පැවැත්මක් නැත.
අපි වැඩ දැක්කානේ කලින්, හොර පාස්පෝට්, රජයේ ගෙවල් නෑයන්ට දීපුවා, අනුන්ගේ පොත් තමන්ගේ වගේ එලි දක්වපු ඒවා, කොච්චර වැඩ දැක්කද මහජනතාව ඔය වැඩකරයන්ගේ...?
පසුගිය කාලයේ බලය තියනකොට මෙයා හොඳ හොඳ වැඩ පෙන්නුවා. එ් රසට තමයි මෙයා නැවත වැඩ්ඩා වෙන්න හදන්නේ... අනේ මෙය හදන රටවල්...
ගෙවල්වලට ගිනි තියන්නේ නැතිව ඕන දෙයක් කියලා ඡන්දය ඩැහැගන්න...
අපේ රටේ සියලුම දේශපාලන පක්ෂ මැතිවරණ අපේක්ෂකයින් තේරීමේදී "මධ්‍යම කාරක සභාව" කියා එකක් උපයෝගී කරගන්නා අතරේ මේ උන්නැහේගේ කණ්ඩායම කරන්නේ "එක පුද්ගලයෙකුට" සියලුම තීරණ ගැනීමට බලය පැවරීමයි. එයා කියන ඕන දෙකට අපි ඇත උස්සනවා කියලනේ කියන්නේ. ඒක වෙන්න ඇති ‘වැඩ්ඩන්නට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’කියන එකේ තේරුම. ඔය ලණු කන පිරිස දවසින් දවස අඩුවේගන එන බවයි පෙනෙන්නේ. විශේෂයෙන් ජනාධිපති අපේක්ෂකයා කවුද කියන බලලා මල්ලෙන් එලියට පැන්න දවසේ ඉඳලා.
මෙන්න දේශ ප්‍රේමි වීරවංස මහත්තයා ඇමරිකානුවෙක් රටේ ජනාධිපති කරන්න හදනවෝ
ඔක්කොටම කලින් රටේ සිවිල් නීතියවත් ඉගෙන ගත්තොත් හොඳයි. රාජ්‍ය තාන්ත්‍රික ලියවිලි වලට සාවද්‍ය තොරතුරු සපයපු උදවිය රටේ හරි වැරදි කතා කරනකොට විහිළුවක් .
කට හන්දා හැදෙන, කට හන්දම නහින පුද්ගලයෙක් මෙයා...
කිසිම ආදායම් උපයන වෘත්තියක් හෝ පාරම්පරික දේපලක් නැති සමහර උදවිය දේශපාලනයට පැමිණි ගමන් අක්කර ගණන් දේපල ලැබිලා හතර වරිගයම පොහොසත් වෙනවා. හැබැයි ඊට පසුව අනෙකුත් මිනිසුන්ගේ ඉඩකඩම් ආයෝජන ප්‍රශ්න ගැන කතා කරනවා...
මෙදා පාර විමල් වීරවංස දොට්ට....
මෙයා තමයි හොර ගුවන්ගමන් බලපත්‍රයකින් ඉතාලියට කුඩු / හෙරොයින් ඇද්දේ.. මෙයාගේ අඹුවත් එ්කට සම්බන්ධයි... මේ වගේ වංචනික ගොරකයෝද රටවල් හදන හැටි කියන්නේ...
මෙතුමා ලක්මවට ආදරය කරන කෙනෙක්
එක පැත්තකින් විදේශ ආයෝජකයින්ට රටට එන්ට කියා වැදගෙන ඉන්නවා. අනික් පැත්තෙන් ඒ අයට ඉඩම් දෙන්ට බෑ කියා බෙරිහන් දෙනවා. එතකොට විදේශ ආයෝජකයින් රටට පැමිණ ඔවුන්ගේ ව්‍යපෘති සාදන්නේ අහසේද?
ලංකාවේ නීතියක් තිබෙනවා එක පුද්ගලයකුට අක්කර 50 කට වඩා ගන්න බැහැ කියලා ඔයා කියනවා. එ්කත් මේ රටේ පුරවැසියකුට. එහෙමනං කොහොමද ඇමරිකානු ඩෝල් සමාගමට සෝමාවතිය, උල්හිටිය, බුත්තල යන ප්‍රදේශවල අක්කර දාස් ගණන් සින්නක්කර ලියලා ඔයාත් කැබිනෙට් එකේ ඉන්නකොට ඔයාගේ මහින්දද දුන්නේ?
නිවාස ඇමති ඉන්න කාලේ නැගෙනහිර රජයේ ඉඩම්වල නිවාස හදලා ජන අනුපාතය අනුව බෙදලා දුන්න නම් අද වෙනකොට නැගෙනහිර දේශපාලන බලය මහා ආණ්ඩුව සතුවෙනවා. එහෙම නම් මුස්ලිම් දේශපාලකයෝ ඡන්ද බලය පෙන්නලා වැරදි වැඩ කරන්නෙත් නැහැ ඒවා වහ ගන්නෙත් නැහැ. එදා ගෝඨාභය මහත්මය යුද්ධය නොකර හිටියා නම් දෙමළ ඡන්ද නැති වෙයි කියලා අද කවුරුවත් ඔහු ඉල්ලන්නේ නැහැ. කෙලින් වැඩ කළ නිසා ඔහු අද ජනාදරයට පත්වුණා.
වැඩ්ඩෙක් කිව්වේ ඔහේ ගැන නෙමෙයිනේ. කරපු වැඩ අපි දන්නවා. ඒවට නඩුත් තියනවනේ... තමුන් ඔච්චර වැඩ්ඩෙක් කියලා හිතනවා නම්. තනි පක්ෂයක් විදිහට ඡන්දෙට ඇවිත් දිනලා පෙන්වන්න. අනුන්ගේ රෙදි හෝදනවට වඩා පරදින එක නේද නම්බුකාර? මේවා කිව්වට ඔහේ දන්නේ නැහැ. ඇමරිකාවට බැනබැන නිවාඩුවට හොලිවුඩ් ගියේ නැත.
අන්ගුලිමාලත් පසුව සුවපත් වූ බව බෞද්ධ උගැන්වීම වේ.
අද මුළු රටම ඉල්ලන්නේ ගෝඨාභය වෙන්න පුළුවන්. හැබැයි අද මුළුරටම එපා කියන්නේ හොර ඉඩම් ලියපු, හොර පාස්පෝර්ට් හදපු, රටේ සල්ලි හොරකම් කරපු, ගැලරියට කෑ ගහන වීරවංසවයි.
මෙච්චර කල් උන්නා... ඇයි ඔය වැඩ්ඩන්ට වැඩ පෙන්නගන්න බැරි වුනාද? අගමැති අවුරුදු දහයයි, ජනාධිපතිත් දහයයි.. තව මොනවද ඉල්ලන්නේ පාස් පොර්ට් එකක් හදාගන්න බැරි කෙනා කොහෙද රට හදන්නේ?
අනේ විමලෝ...
දැන් මහින්දව සූප්පලා ඉවරද? ගෝඨාව අල්ලගත්තේ.. තමුන්ට හුඟත් කමක් නැති නිසා තමයි එක එකාට කඩේ යන්නේ කට පොඩ්ඩක් අඩුවෙලා... මොලේ පොඩ්ඩක් වැඩි වුණානම්, මේ ගොයියාගේ. වටිනාකම කියලා වැඩක් නැහැ. ඉඩම් ඇමතිකම දැරුවා. මේ ලෝකේ. දෙයක් දන්නේ නැතිව... ඒ නිසානේ පවුලේ කට්ටියට නෑදෑයින්ට නොමිලේ නිවාස ඉඩම් බෙදලා දුන්නේ. දැන් මුදලට ආණ්ඩුව විකුණන්නේ.... ඒක ප්‍රශ්නයක්. කරගන්න එපා. දැන්වත් ශිෂ්‍යත්වය කරන බලන්න. නූගත්කම තමයි ඉදිරියට එන්නේ... මොන දේ කරන්න ගියත්... මෙයාට ඉගෙන ගන්න බැරි වුනේ භීෂණය තිබුණු නිසාලු... රෝහණ විජේවීර ඇතුළු අනික් සැවොම රුසියාවටත් ගියා ඉගෙනීම අවසාන දක්වා. මෙයාට, පස්වෙනි පන්තියට යන්න බැරිවුණා. ඒ නිසානේ ජෝඩුව වයස අඩුවෙන් දාලා පාස්පෝට් හැදුවේ.
වැඩ්ඩන්ගේ වැඩ පේනවා නඩු විභාග කරන කොට...
කවුරු මොන දේවල් කීවත් මෙතුමාට ඡන්ද ලක්ෂ තුනකට වැඩිය තියන කෙනෙක්... නොදන්නා අයට දැන ගන්න කියන්නේ. කිසිම හොරකමක් නීතියෙන් ඔප්පු වී නැත.
මෙච්චරකල් දාපු වැඩ හින්දා තමයි ජනතාව හරි සතුටින් කාලය ගත කරන්නේ. ජනතාවට කෙසේ වෙතත් මෙයාලට සැප. ආයේ රිංගන්න හදන්නේ සැප ගන්න. ආයේ කව්රුත් ගිවිසුම් ගහලා නැතෙයි?
බමුණා නිදිද ?
ලයිකා මොබයිල් ආයතනය විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට අයිති ව්‍යාපාරයක්... ඔහු මඩකලපුව ප්‍රදේශයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක්... දැන් පදිංචිය එංගලන්තේ. විමල් වීරවංස මොනවද දන්නේ? ඔහුත් හිටපු මහින්දගේ ආණ්ඩුවෙන් ඩයලොග් සමාගම මැලේසියානු සමාගමකට සම්පුර්ණයෙන් වික්කා. ඔහු ඒ ගැන මොකද කලේ? තමුන් කිසිදෙයක් දන්නෙත් නෑ වගේම බොරුවෙන් රටත්, ජනතාවත් රවට්ටනවා.
තමන්ගේ කටින් වර්චස් පිට කරන එකම පුද්ගලයා හැටියට මොහු ගිනස් වාර්තාවට ඇතුලත් කළ යුතුයි.
බමුණා මේක දැක්කෙ නැද්ද?
ඔය ඔක්කොටම කලින් පොහොට්ටු-බුලත් දීඝය සාර්ථක කරගෙන ඉන්න. වැඩ කරන්න, රට හදන්න ඊට පස්සේ පුළුවන්.
අතුර ළමයෝ. ඔයාගේ යාලුවා ගරාජ් එකකට යන්න ඇති, ලූස් නට් එක තද කරගන එන්න. එත්, මලකඩ කාලා හින්දා වැඩේට ටිකක් පරක්කු වෙන්න පුළුවනි.