(කේ.බුද්ධික කුමාරසිරි සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවැත්වෙන කොරෝනා එන්නත්  මධ්‍යස්ථානයට යන පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මීගොඩ වැටරැක දුම්රය ස්ථානය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මාස හතරක දැරියක ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මීගොඩ සෝමරත්න මාවතේ පදිංචිව සිටි ප්‍රියානි  චන්දිකා (57) ඇයගේ මිණිපිරිය වන කේසි විරසිංහ ( මාස 3) ත්‍රීරෝද රථ රියදුරු වන  පාදුක්ක වටරැක පදිංචි ඩි සිරිනන්ද (49) නමැති තිදෙනෙකි. 

දැරියගේ මව වූ 36 හැවිරිදි සචිනි සමරසේකර තුවාල ලබා  ඇති අතර ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. ඇගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

තිරෝද රථය පාදුක්ක දෙස සිට ගොඩගම  දෙසට ධාවනය වෙමින් සිටියදී  ගොඩගම සිට පාදුක්ක දෙසට ධාවනය වූ ලොරි රථය තිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.