
(අංජුල මහික වීරරත්න)
නියත වශයෙන්ම 2023 අගභාගයේදී ආණ්ඩුව පෙරළා දමන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ක්‍රියාකාරී හමුවකදී එජාප සභාපතිවරයා කීවෙි ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් නොමැතිකම නිසා රට මහා විනාශයකට තල්ලු වෙමින් තිබෙන බවයි.
මෙම විනාශයෙන් ජනතාවත්, රටත් මුදාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය දැනටමත් පියවර ගනිමින් සිටින බව කී අබෙිවර්ධන මහතා ආණ්ඩුව සෑම ප්‍රශ්නයකටම කොරෝනාව ඉස්සරහට දාගෙන කටයුතු කරන බවද සඳහන් කළේය.
COMMENTS
පෙරලන්න ඉස්සෙල්ලා තද කරලා අමුඩේ ගහගන්න...
අයියෝ මෙයාද මේ ආණ්ඩු පෙරලන්න හදන්නේ.., හැබැයි මෙයා යහපාලන ආණ්ඩුව පෙරලලා, යූඇන්පී එක බිංදුවට වට්ටන්න උදව් කරපු බව නම් අපි දන්නවා...
ආණ්ඩුව කොහොමත් එච්චර කල් යන්නේ නැහැ... ඒත් එජාපයට නම් ආයේ නැගිටීමක් නැහැ.
ඡන්දයෙන් නින්දා සහගත පරාජයක් ලැබූ කෙනෙක් ආණ්ඩු පෙරළන්න කතා කරනවා. ඔහෙලව ප්‍රතික්ෂේප කරලා ඉවරයි.
3% චන්ද අරන් ආණ්ඩුව පෙරලන්නේ කොහොමද?වැලි,පස්,ගල් ජාවාරම් කාරයෝ ටික පමණක් පොහොට්ටුවට චන්දෙ දුන්නත් 3% කට වැඩිය ගන්න පුළුවන්
බක බක බක බක
ඉස්සෙල්ලාම ඡන්දයක් දිනලා මන්ත්‍රිකමක් අරගෙන ඉන්නකෝ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නැති වෙන්නේ නැහැ. ඊළඟ ඡන්ද තරගය තියෙන්නේ මේ පක්ෂ දෙක අතරයි. පොහොට්ටුව සහ ටෙලිෆෝනය ක්ෂය වෙනවා...
උනුත් එකයි. මුනුත් එකයි... අපිට කවුරු ආවත් වැඩක් නැහැ. එන්නෙත් නැහැ..
මේ යෝදයා සේනාධිපතිත් එක්ක වෙන්නැති මේ වැඩේට අත ගැහුවෙ
රනිල් මේ මනුස්සයාට මොනවා හරි හොඳට කවලා තියනවා වගෙයි.නැතිනම් මෙයාව නටවන්න පුළුවන් අතීත සිදුවීමක තුරුම්පුවක් රනිල් ගාව තියනවා වෙන්න පුළුවන්
ආණ්ඩු පෙරළීම කොහොම වුනත්, මෙයා දැනටමත් පෙරළිලා. 2010 මහ මැතිවරණයේදීත් මෙයා පරාදයි. මෙයාගේ කතාව හරියට රෝහල් අයි.සී.යූ එකේ ඔක්සිජන් සමග ඉන්න රෝගියක්, තවත් රෝගියකුට ලේ දැන් දීම කරන වගේ වැඩ.
මෙයා හැමදාම නැකත් හදනවා...