(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 50,000 බැගින් ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතියද ලැබුණ බව කී අලුත්ගමගේ මහතා අදාළ මුදල ලබන සතියේ සිට ලබාදෙන බවද සඳහන් කළේය.
මෙි වන විට වී කිලෝව රුපියල් 92 සහ 95 අතර මුදලකට මිලදී ගන්නා බව කී අලුත්ගමගේ මහතා ගොවීන්ට වගා හානි වන්දිය ද ලැබුණු පසුව කිසිම ආර්ථික අහේනියක් ඇති වීමට ඉඩක් නැති බව ද බවද සඳහන් කළේය.
රසායනික පොහොර තහනමෙන් පසුව නියමිත වෙලාවට කාබනික පොහොර ලබා දෙන්නට නොහැකි වූ නිසා නිෂ්පාදනයේ අඩුවක් සිදු වූ බව කී අලුත්ගමගේ මහතා ගොවීන්ට කිසිදු අසාධාරණයක් වන්නට ඉඩ නොදෙන බව තමා මුල සිටම පැවසූ බවද සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
දෙනකොට බැරියැයි. ඕවා අතින් දෙන මුදල් නොවේ. ජනතාවගේ බදු මුදල්.
රට බංකොලොත් කරලා ඉවරයි... දැන් එනවා මෙතන වන්දි ගෙවන්න.
විසිදාහක පොහොර දුන්නානම් තිස්දාහක්ම ඉතුරු වෙනවනේ..?