රොමේෂ් මධුෂංඛ
දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශ්වරන් යෙදවීම මේ වන විට තමන් ඇතුළු පක්ෂය අවුරුදු 5 ක් පුරා විඳවන බවට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේය.
මන්ත්‍රවරයා මේ බව කියා සිටියේ මුලතිව් දිස්ත්‍රීක්කයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී මාවේයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘විග්නේෂ්වරන් මහත්තයා අපි දෙමළ ජාතික සන්ධානයෙන් දේශපාලනයට ගෙනල්ලා විශාල පවක් කරගත්තෙ ඒකේ වැඩි කොටසක් මම තමයි කරල තියෙන්නේ දැන් අවුරුදු 5 ක් තිස්සේ අපි ඒක විඳවමින් ඉන්නවා දැනුත් එහෙම තමයි. මේ ඊයේ පෙරේදත් විග්නේශ්වරන් මහත්තයා දෙමළ ජාතික සන්ධානයට චෝදනාවක් කලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව විග්නේශ්වරන් මහත්තයයි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් මහත්තයයි ප්‍රතික්ෂේප කරන්න කිව්වා අපේ සන්ධානයෙන් මෙම ගැටලුව විසඳනවාට විග්නේෂ්වරන් විරුද්ධයි ඒකයි ඔහු මෙහෙම ප්‍රකාශ කරන්නේ ඔහු හිටපු විනිසුරු වරයෙක් කියනවා නමුත් ඔහුට විරුද්ධවත් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් තියනවා කොහොම හරි විග්නේෂ්වරන් සම්බන්ධයෙන් සහ අපේ දේශපාලන ඉදිරි ක්‍රියා පිළිවෙත සමබන්ධයෙන් තීරණය අපි නුදුරේම ප්‍රකාශ කරනවා එතකන් අපේ ජනතාව ඉවසන්න කියලයි මම කියන්නේ යනුවෙනි.
COMMENTS
ඔය දේශපාලුවෝ කරන්නෙම බඩ වඩාගන්න එකනේ, ප්‍රමාදවෙලා හරි තේරුම්ගත්ත එකනම් ගොඩක් වටිනවා.
දැන්ද තේරුනේ? කොහොම හරි විග්නේශ්වරන්ව ඉදිරිපත් කලේ ඉන්දියාවේ වුවමනාවට. දැන් හරි තේරුම් ගන්න ඉන්දියාවට කිසිම වුවමනාවක් නැහැ අපේ රට වැසියන් ගැන. ඔවුන් හැමවිටම අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහනවා. මේවා ඔබලා ඇතුළු අපේ දේශපාලකයන්ට තේරෙන්නේ නැහැ. පැහැදිලිවම අද උතුරටත්, දකුණටත් එක හා සමාන ප්‍රශ්නයි තියන්නේ. විරැකියා, ජීවන වියදම්, දූෂණ, වංචා. ඒ හැර උතුරු, නැගෙනහිර ඉඩම් නිදහස් කළයුතුයි. ඒ නිසා මන්ත්‍රීතුමා, රටේ පොදුවෙන් බලපාන ප්‍රශ්නවලට මැදිහත් වෙන්න. අද විපක්ෂ නායක ධුරයත් ඔබලා ළඟ තියන්නේ. රටේ තියන පොදු ප්‍රශ්න අමතක කරලා කටයුතු කරන එක අනාගත පරපුරට කරන සාපයක්...
ඕක මොකද්ද. ලක්ෂ 62 පුදුම පවක්නේ කරලා තියෙන්නේ , එක ඔයිට වඩා සිය ගුණයක් වැඩියි.
දේශපාලකයෝම තමයි මේ රට වනසන්නෙත්.