(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)
දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට සහන සැලසීමේ ජනාධිපති කොමිසමට ලබාදී ඇති පුළුල් බලතල අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
පෙත්සමේ මෙසේද සදහන් වේ.
මෙම කොමිසමට සාමාන්‍ය කොමිසමට වඩා පුළුල් බලතල ලබා දී ඇත.
මේ හේතුවෙන් සමහර පුද්ගලයන්ට අගතියක් සිදුවී වී ඇත. මාධ්‍ය වාර්තා අනුව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් විභාග වීම නැවැත්වීමට නීතිපතිට නියෝග දීමට පවා මෙම කොමිසමට බලය තිබේ.
ඒ අනුව මේ තුළින් තමන්ගේත් , ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කාර ආයතනය සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලා තමයි ඔය දේශපාලන පලිගැනීම් කරන්න උල්පන්දම් දුන්නෙ. ඒක තමයි මේ මුලින්ම පැනගෙන කෑ ගහන්නේ
ඉතාම හොඳයි. මම මේ ආයතනය ගැන කිසිම පැහැදීමක් නෑ. නමුත් එක එක කොමිසම්වලට අධිකරණයත් පාලනය කිරීමට බලතල දීම ඉතාම වැරදියි. අධිකරණය ස්වාධීන නොවීම ගැන බෙරිහන් දෙන අය කට අරින්නේ නැති වෙලාවක මේ ආයතනයෙන් හරි ඒ වැරැද්ද නිවැරදි කිරීමට උත්සාහ කිරීම අගය කලයුතු දෙයක්. වැදගත්වන්නේ පුද්ගලයා නොව ක්‍රියාවයි.
පාක්‍යසෝති මේ අමාරුව මුකුත් නෙවෙයි, යහපාලානේ මගින් බිලි ගන්න උත්සහ කල රණවිරුවන් මේ කොමිසම හමුවට ගිහින් ඒවා හෙළි කිරීමයි. මේ අයට විරෝධය දැක්විය යුතුය.