(ක්‍රිෂාන් ජීවක ජයරුක් )
රට පුරා ලාෆ්ස් ගෑස්වල හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව පවසති.
විශේෂයෙන්ම බොහෝ වෙළඳසල්වල ගෑස් නොමැති බව පවසන බව ඔවුහු මැසිවිලි නගති.
ගෑස් අලෙවි නියෝජිතයන් පවසන්නේ පසුගිය දින කිහිපය තුළ ගෑස් සමාගම මගින් තමන් වෙත ගෑස් නිකුත් කර නොමැති බවයි.
මේ නිසා ගෑස් හිගයක් වෙළෙඳ පොලේ ඇති වී තිබෙන බවට ඔවුන් සදහන් කරයි.
ඇතැම් පාරිභෝගිකයින් ලාෆ්ස් ගෑස් සිලින්ඩරය රැගෙන ලිට්රෝ වෙලදසල්වලට ගොස් තිබෙන අතර මේ දක්වා එම වෙළෙදසල්ලිෙන් ලාෆ්ස් ගෑස් හුවමාරු කිරීමට දැනුම් දී නොමැති බව වෙළෙඳුන් බව එම පාරිභෝගීකයෝ පැවසූහ.
වෙළෙඳ පොළේ අවශ්‍යතාවයෙන් සියයට 70වක් ලිට්රෝ සමාගම ද සියයට 30ක් ලාෆ්ස් සමාගම මගින් ද සපයනු ලබයි.
COMMENTS
අපි දැන් 69 එක්ක ජයටම කිරිබත් කනවා.
අපිට මෙහෙම වෙලා මදි..