
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ලීසිං හා ණය වාරික ගෙවීමේදී සහනයක් ලබාදෙන්නැයි ඉල්ලා 'ලීසින් හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය' සංවිධානය කළ උද්ඝෝෂණයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය සඳහා වෙන්වූ ස්ථානයේ දී අද (30) පැවැත්විණි.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ආදායම් අහිමි වී සිටින තමන් ලීසිං හා ණය වාරික ගෙවාගත නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටින බව විරෝධතාවට සහභාගී වූවෝ පැවසූහ.
ඔවුන් ඉන් අනතුරුව මහ බැංකුව දක්වා පාගමනින් ගොස් ඒ වෙත සංදේශයක් ද භාර දුන්හ
(ඡායාරූප: ශාන්ත රත්නායක)








COMMENTS
සාධාරණ උද්ඝෝෂණයක් .බැංකු ත් හරියට ගිනි පොලී කාරයෝ වගේ.රජයේ මැදිහත් වීමක් ඕනෙමයි .
මෙහෙම උද්ඝෝෂණ රැල්ලක් මගේ ජීවිතේට දැකලා නෑ. ලොක්කා වැඩි කල් අදින එකක් නෑ නේද?
ලෝකේ පුරා පැතිරුණු මෙහෙම ව්‍යවසනයක් මීට කලින් දැකලා තියෙනවද?
අන්න සරණ ගුණවර්ධනත් නිදහස්...
ලංකාවේ තියෙන සංවිධාන, වැසිකිළි යන්නන්ගේ සංගමය කියලා එකක් තාම නැද්ද? දන්නේ නැති නිසා ඇහුවේ...
අවුරුදු ගාණක් මේ වෙනුවෙන් අපි ඉල්ලීම් කරනවා. ඊළඟ එකට මම සහභාගි වෙනවා.
අදහස් දාන අයට ජොබ් එක හරි තියෙනවා.. මෙ අයගේ ජොබ් එක තමයි වාහනයේ වැඩ...
ජයග්‍රහණය තෙක් සටන් කරමු...