ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් ලොව උසම නත්තල් ගස මෙක්සිකෝව විසින් නිර්මාණය නිර්මාණය කරනු ලැබ තිබේ.
මෙම නත්තල් ගස මීටර් 27,84 (අඩි 90) උසින් යුක්ත වන අතර ප්ලාස්ටික් බෝතල් 100,000 ක් පමණ මේ සඳහා යොදාගෙන ඇත.
පාසල් 70 කට වඩා වැඩි සංඛ්‍යාවක සති හතක් තුළ එකතුවී තිබූ ප්ලාස්ටික් බෝතල් එක්කර මෙම නත්තල් ගස නිර්මාණය කර ඇති අතර පසුගිය සෙනසුරාදා දින එය ප්‍රදර්ශනය කිරීමටද ඔවුන් කටයුතු කර තිබිණි.
මෙය ලොව උසම ප්ලාස්ටික් බෝතල් නිර්මාණය ලෙස ගිනස් වාර්තා කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි මාධ්‍ය සඳහන් කර තිබිණි.
(63226 )
COMMENTS
අපි දැන් ගිනස් වාර්තා තියන්න නත්තල් ගසේ හදන්නේ නැද්ද?