(රංජන් කස්තුරි)

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකා ලෙස අචාර්ය සුසන්ත පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී.

විදුලි ඉංජිනේරුවකු ලෙස 1984 ලංකා විදුලි බල මණ්ඩලයට එක් වූ සුසන්ත පෙරේරා මහතා 1989 වසරේදී ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වනියා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව  එහිදි බලශක්ති කළමනාකරණය හා ප්‍රතිපත්ති විෂය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) තනතුර ඇතුළු ඉහළ තනතුරු ගණනාවක්ම සේවය කර ඇති සිසුන්ත පෙරේරා  මහතා විදුලිබල කේෂත්‍රයේ වසර 37කට ආසන්න අත්දැකීම් ඇති පරිනත විදුලි ඉංජිනේරුවෙකි.  නව තනතුරට පත්වන විට විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස ඔහු සේවය කළේය.