
(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කරනු ලැබ ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
මීට පෙර එම සභාපති ධූරයේ කටයුතු කළ මහාචාර්ය ජයන්ත ද සිල්වා මහතා මෑතක දී පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමෙන් පසුව පුරප්පාඩු වූ එම තනතුරට මහාචාර්ය ලලිත් ගමගේ මහතා ව පත්කර ඇත.
මහාචාර්ය ගමගේ මහතා අද (01) නව තනතුරෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිහිටුවීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ මහාචාර්ය ලලිත් ගමගේ මහතා ඔහු එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා හා උපකුලපතිවරයා ලෙසද කටයුතු කළේය. දීර්ඝ කාලයක් තිස්සේ තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වූ හෙතෙම ලංකා මෘදුකාංග පදනමේ සභාපති, ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ තොරතුරු ජාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පොකුරු සභාපති සහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතයේ සභපති ධූරයට පත් කරන විට (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටි අතර ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ද වූයේය.
මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ගමගේ මහතා අතර කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගෙන එහි අනුබද්ධ මහාචාර්යවරයකු සේද කටයුතු සේවය කරනු ලබයි.
වසර 2000 දී ඔහු අධ්‍යයන නායකත්වය සඳහා වසරේ විශිෂ්ටතම තරුණ පුද්ගලයා සම්මානය දිනා ගත්තේය.

COMMENTS