(කාංචන කුමාර ආරියදාස )
රජරට ප්‍රදේශවල ව්‍යාප්තව ඇති සේනා දළඹු විශේෂය නුවරඑළිය ඇතුළු කන්ද උඩරට ප්‍රදේශයට බෝවීමේ ඇති ප්‍රධානතම අවස්ථාවක් මඟ හැර දැමීමට අද (15) දඹුල්ල පොලිසිය සමත් විය.
දඹුල්ල නගරය හරහා බඩඉරිඟු ගස් විශාල ප්‍රමාණයක් පිරවූ ලොරි රථයක් ධාවනය වෙමින් පවතින බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට ලැබුණු තොරතුරක් මත මෙම ලොරි රථය පරීක්ෂා කිරීමෙන් පසුව එය පොලිස් බාරයට ගෙන තිබේ.
මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට තොරතුරු ලැබී තිබුණේ සේනා දළඹුවන් විශාල වශයෙන් පැතිර සිටින මරදන්කඩවල ප්‍රදේශයේ සිට අස්වැන්න නෙලා නැති බඩඉරිඟු ගස් පිටින් නුවරඑළිය වටවල ප්‍රදේශයේ කිරි ගවයන්ගේ ආහාර සඳහා රැගෙන යන බවයි.
මෙම සතුන්ගේ බිජු සහිත බඩ ඉරිඟු ගස් කන්ද උඩරට ප්‍රදේශයට රැගෙන ගිය හොත් එම ප්‍රදේශයේ එළවළු වගාවන් තේ වගාවන් වලට හානි විය හැකි බවද දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරෙහි සඳහන්ව තිබුණු බව පොලිසිය කියයි.
බඩඉරිඟු ගස් පිටින් පිරවූ ලොරිය දඹුල්ල පොලිසියට රැගෙන විත් පරික්ෂා කිරීමේදී විශාල වශයෙන් එහි සේනා දළඹුවන් මෙන්ම බීජ රැසක් දක්නට ලැබුණු බවද දඹුල්ල පොලීසිය කියයි.
මේ පිළිබඳව සොයා බලා කෘෂිකර්ම අංශ දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් බඩ ඉරිඟු ශාක ප්‍රවාහනය කළ පිරිස් කියා සිටින්නේ මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.
බඩඉරිඟු අස්වැන්න නෙලීමට පෙර කිලෝවක් රුපියල් 13 බැගින් සත්ව ආහාර සඳහා ලබා ගන්නා අයට අලෙවි කළ බවත් ගොවීහු කියති. මේ හේතුව නිසා තමන්ගේ අස්වැන්නෙන් එක් පැත්තකින් පාඩු දෙකක් සිදුව ඇති බව ගොවීහු පවසති.




COMMENTS
මෙය මෙරට දූෂිත දේශපාලකයින්ගේ සහයත් ඇතුව ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මක වන අති විශාල කුමන්ත්‍රණයක් කියල හිතෙන්නේ මට විතරද?
මෙය භයානක තත්ත්වයක්. මෙම ව්‍යසනය රට පුරා ව්‍යාප්ත වීම වලක්වන්න හමුදාවට බාර කරන්න. රාජ්‍ය බුද්ධි සේවාවන් මෙය ගැන සොයා බලන්න. තවද රෙගු නිලධාරීන් අතරට හමුදා නිලධාරීන්ද යොදවන්න. මෙය කාලෝචිත බව මගේ අදහසයි.
මෙවැනි දේවල් ගැන මීට වැඩිය සැලකිලිමත් විය යුතුය. අනාරක්ෂිතව මෙතරම් දුරක් රැගෙනවිත් ඇත. කොතරම් දුරකට දළබුවා ව්‍යාප්ත වෙලාද දන්නේත් නැත. දියුණු රටවල මෙවැනි දේවල් සදහා ගන්නේ ඉතා දැඩි ක්‍රියාමාර්ගය. මේ නිසා තමා ගුවන් තොටුපොලවල්වල එළවලු පලතුරු විනාශ කරන්නේ. දැන් තේරෙනවා නේද? කලින් අදහස් දාපු කට්ටියට? රටට ගොවියට පාරිබෝගිකයට සමස්තයක් ලෙස වෙන හානිය?
බලයේ ඉන්න මිනිසුන්ට මොළය තියෙනවද දන්නේ නැහැ . මොළය තියෙන මිනිසුන්ට බලයට එන්න දෙන්නේ නැහැ . මම ඉන්න රටේ මෙවැනි දේවල් ජාතික අපරාද ලෙස සලකා එය මර්දනය කිරීමට පියවර ගන්නවා . එම පාලකයන් රටට ආදරෙයි . ලංකාවේ මත් ද්‍රව්‍ය හැම තැනම , පාතාලය පිළිකාවක් වගේ, ණය බර අහස උසට එයට අමතරව මේ වගේ රටේ ආර්ථිකය විනාශ කරන දේශීය හෝ බහුජාතික කුට උපක්‍රම. මේවා මර්දනය කිරීමට බදුමුදලින් යැපෙන සියලුදෙනා දිවා රැය නොබලා වැඩ කරනවද ?
මේ ආණ්ඩුව කෘෂිකාර්මන්තයට හිතැත්තෝ නෙමෙයිනේ. මේක එයලගේම භයානක සෙල්ලමක් වෙන්න පුලුවන්. මේ වගේ දෙවලින් වාසි ලැබෙන්නේ පිට රටින් මේ අහාර ගෙනවන අයට ( මේකට සාර්ථක බෙහෙතක් නැති නිසා පලිබෝධනාශක අයතන ඉන්න ඉඩ අඩුයි......... එහෙම නැත්තම් විශාල වගා ඉඩම් කාර්මික වැඩ සදාහා අත්පත්කගන්න හදන පිරිස් ඉන්නත් පුලුවන්.
මම දැනට වසර 35ක් පමණ පරීක්ෂණ කරලා අඩු වියදම් සෞඛ්‍ය ආරක්ෂක විදියට නිවසේ මදුරුවන් පලවාහරින ක්‍රමයකට පේටන්ට් එක අරන් තියනවා. කරන්නේ පැඟිරි තෙල් නැනෝ ලේයරයක් අප නිවාස තුල හදනවා. මේකට කෘමින් හරි සංවේදී වෙනවා. මාසයකටම මධ්‍යම පාන්තික නිවසකට වැයවන්නේ අවුන්ස 1/2ක් පමණි. රජයට ඕනේ නම් බිත්තර දාන්න කලින් කෘමියා පලවා හරින්න මේ ක්‍රමය පාවිච්චි කරන්න උපකරණ හදල දෙන්න මට පුළුවන්. එතකොට වකුගඩු රෝග වලින් මගේ ජාතිය බේරගන්න පුළුවන්.