(නිමල කොඩිතුවක්කු)
මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ කිරිමට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටයුතු කර ඇත.
ඒ අනුව 2021 අප්‍රේල් මස 01 දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් මස 30 දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව ඉහත කල්ඉකුත්වීමේ දින සිට මාස 12 ක් දක්වා දීර්ඝ කොට ඇත.
එමෙන්ම රියදුරු බලපත්‍රයේ නිශ්චිතව දක්වා ඇති පරිදි 2021 ඔක්තෝබර් මස 01 දිනෙන් ආරම්භ වී 2022 මාර්තු 31 වන දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව ඉහත කල් ඉක්තුවීමේ දින සිට මාස 06 කින් ද දීර්ඝ කර ඇත.
මේ අනුව රියදුරු බලපත්‍රලාභීන් මෙම කාලසීමාවෙන් පසුව රියදුරු බලපත්‍ර අළුත්කිරීමේදී ප්‍රමාද ගාස්තුවශයෙන් අයකරනු ලබන දඩ මුදල ගෙවීමකින් තොරව රියදුරු බලපත්‍ර අළුත් කරගැනීමට හැකි වේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි පිරිස් ලක් වූ අපහසුතාව හේතුකොටගෙන මෙම තීරණය ගත් බව ද ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2545
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලයිසන්එකේ ආයු කාලය වසරකින් දික් කරයි
chamila Monday, 04 October 2021 09:25 PM
එතකොට 2021 අප්‍රේල් 1 ට පෙර කල් ඉකුත්වුන බලපත්‍ර සඳහා ?