
(විනීතා එම් ගමගේ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතා වන රජයේ රෝහල්වල භාවිතා කිරීම නීතීවිරෝධී කටයුත්තකැයි ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන අජිත් අමරසිංහ මහතා පෙන්වා දෙයි.
වසර දහස් ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඇති සැකයක් නොව ප්‍රශ්න පවතින්නේ එය භාවිතයට ගැනීමට සූදානම් වන ක්‍රමවේදය පිළිබඳව යැයි ද අමරසිංහ මහතා කිය.
බටහිර ක්රමයේ පුහුණු වෛද්‍යවරයකු විසින් ආයුර්වේද ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය ක්රමයක ඖෂධයක් රෝගියෙකුට තුණ්ඩුවව ලියා දීම බරපතල වෘත්තිය ආචාර ධර්ම කඩකිරීම් ගණයට වැටෙන වරදක් බවත් එයට දඬුවම වන්නේ ලියාපදිංචිය අහෝසි කිරීම වන බවත් පෙන්වා දුන් අමරසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති බෙහෙතක් රජයේ රෝහලක නියම කිරීම ද එවැනි වරදක් වන්නේයැයි පෙන්වා දුන්නේය.
මෙරට නිෂ්පාදිත ඖෂධයක් වුවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට පෙර සායනික පරික්ෂණවලට යොමු කර යම් යම් මට්ටම්වලින් පරික්ෂා කර ඇත් ද ඖෂධය ක්රියාකාරිද වැනි තත්ත්වයන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි පෙන්වා දුන් වෛද්‍ය අමරසිංහ අධිකාරියේ ලියාපදිංචිය ලබා ගැනීමට ඉදිරිපත් කළ හැක්කේ අනතුරුව යැයි ද කියා සිටයේය.
මෙම නිත්‍යානුකූල ක්‍රමවේද කිසිවක් නැතිව එම පැණිය බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රෝහල්වට භාවිතයට නිර්දේශ කිරීමෙන් පවතින ක්‍රමවේද උල්ලංඝණය කිරීම ද, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විහිළුවකට හා හෑල්ලුවට ලක්කිරීමක් ද සිදුවන්නේ යැයි කී අමරසිංහ මහතා එයත් බරපතල වරදක් වන්නේ යැයි ද කීය.
COMMENTS
එතකොට දොස්තර මහත්තයො ඔය මෙඩිකල් රෙප් ලා ලියන්න කියලා දෙන බේත් ඒ වෙළෙඳ නාමයෙන්ම කියන්නේ ඒවා ඒ ලියාපදිංචිය අරන්ද කියලා හොයලාද?
අනේ මේ අයට බෙහෙතක්වත් හදාගන්න බෑ. නිකන් බෙරිහන් දෙනවා.
කාට හරි ගානක් යනවානම් කසාය මුට්ටි ගණන් පොවයි උදේ හවා.
දැං රෝහල් පිරිලා අවසන් වූනාම ආයුර්වේද රොහල් භාවිතා කරන බවක් සඳහන් වුනා. ඒකත් වෘත්තිය අපචාරයක් වේවි ,කුහක කම හැර වෙන කුමක්ද ? මෙතැනදී බලන්න ඕන රෝගීන් මිය යෑම වැලැක්වීම මිසක් එක එක අයට ළකුණු දමා ගැනීම නොවේ!!
ලංකාවට ගේන බෙහෙත් වලින් කොමිස් හම්බුවෙන්නෙ නැහැනෙ සිංහල බෙහෙත් සාර්ථක වූනොත්
තමන්ගේ වෙදකමේ ලෙඩේට බෙහෙතක් නැති නිසා, ලෙඩ්ඩුන්ට උඩබලාගෙන ඉන්න කියන එකද මෙයාගේ වෘත්තීය?
සර්ගෙයි සර්ගෙ එහෙයියො කියන දේවල් ටිකයි තමයි චක්‍රලේඛ කියල කලින්ම කිව්වනේ. දැන් ඉතින් කියන දේ කරලා පැත්තකට වෙලා ඉන්න එකයි තියෙන්නෙ.
බටහිර වෛද්‍ය විද්‍යාවේ ඔය ලියන බෙහෙත්වල සයිඩ් ඉෆෙක්ට් ගැන දොස්තරලා කී දෙනෙක් දැනුවත්ද.?
ආචාර ධර්ම අනුවම කටයුතු කරන අයනේ මේ කතා කරන්නේ අනේ මගේ රට
මහත්තමයා.ඕනෑම බෙහෙතක් ලංකාවට ගෙන්නපුවාම වරායෙන් හෝ එයාර්පෝර්ට් එකෙන් එලියට දෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් පස්සේ.. ඒ ඕනෑම බෙහෙතක ඒවට වෙන්වෙන බැජ් නම්බර් එකක් තියෙනවා.. ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් එකෙන් ඒ නම්බර් එක යොදලා චෙක් කරන්න පුළුවන්. සම්පූර්ණ විස්තර එනව එතනින්. නිශ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය වගේ..එහෙම නැහැ කියන්නේ හොරෙන් ගෙනාව ඒවා. මම මේ සරලව කිව්වේ.. අපිට ඕනෑ විදියට බෙහෙත් ප්‍රමෝට් කරන්න බැහැ..
මේ අදහස් දැක්කම 69 ලක්ෂයක් බයියෝ හොයාගන්නේ කොහොමද කියලා තේරෙනවා.
මේ නීති රීති ගැන හොයලා බලන්නේ නැතුව තීරණ ගැනීම වරදක් තමයි.
මහත්තයෝ ඔය බෙහෙතම සුද්දෙක් දෙන්න කියලා අනුමත කලොත් දොහොත් මුදුන් දීලා වැදලා පිළිඅරගෙන මාධ්‍ය සාකච්වඡාකුත් තියලා ප්‍රචාරයකුත් දෙනවා නේද? වහල්භාවයෙන් මිදෙන්න, උගත්කම වැඩක් නෑ බුද්ධිය නැත්නම්.
අපිට වෘත්තීය ආචාර ධර්ම පිළිබඳ පැහැදිලි කළොත් හොඳයි. ඒක ගැන දැනගන්න. හැබැයි ලියාපදිංචිය තහනම් කලොත් කීදෙනෙක් ඉතිරි වෙයිද දන්නේ නැහැ. පොතට ,මාන්නයට ,මූදලට යට නොවී මනුස්සකම සහ රොගියාගෙ යහපත සඳහා කටයුතු කිරීම ඒකට අයත් නැතිද.
මම දන්න විදියට දොස්තරලට අයිතියක් නැහැ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න. දොස්තරලගෙ රාජකාරිය ලෙඩේ හඳුනා ගැනිම පමණයි. බෙහෙත් නියම කළ යුත්තේ ඖෂධවේදීන්. ඖෂධවේදීන් ඉන්නේ දොස්තර නියම කළ බෙහෙත් තුණ්ඩුවට බෙහෙත් නිකුත් කිරීමට නෙවෙයි. ලංකාවේ සියලු බලාධිකාරයන් දොස්තරලා පවරාගෙන. මෙය නිවැරදි කළ යුතුයි. මෙයාල විදේශගත වුනොත් ඔය වැඩේ හරියන්නේ නැතිබව එයාල දන්නවා.
විද්‍යාව බැහැර කරලා අවිද්‍යාව අදහන බයියොන්ට, චන්න ජයසුමන මහතාට දෙයියෝ හීනෙන් පෙනිලා කිව්ව බෙහෙතුත් ඇත්ත වූන එකේ මේවා මොනවාද? ඇඳගෙන ඉන්න එකේ ඇදගෙනම නාන බව නම් ශුවර් ඕං. බටහිර වෙදකම කියන්නේ එකක්. ආයුර්වේදය කියන්නේ තව එකක්. හැමඑකම පටලාගත්ත අයට යා යුතු මගක් පේන්නේ නෑ. ඔහොම යං.
ඕකෙන් ලෙඩ්ඩුන්ට මොනාහරි වුනොත් වගකීම කවුද ගන්නේ?
මා හට වැටහෙන විදිහට මෙහි සැඟවුනු සත්‍යයක් ඇත. එනම් බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ වුවද බටහිර ගැති එහෙයියන් නොවන දේශීය වටිනාකම් අගයන වෛද්‍යවරු පිරිසක්ද, බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ඒ මතම නහිමින් අලුතින් යමක් නොසිතන පරගැති වෛද්‍යවරු පිරිසක්ද අපේ රටේ සිටින බවයි. බටහිර වෛද්‍ය විද්‍යාව රෝගයේ ප්‍රතිපලවලට ප්‍රතිකාර කරයි. දේශීය වෛද්‍ය ක්‍රමය රෝග මූලයට ප්‍රතිකාර කරයි. උපකරණවලට කොටුවුනු බටහිර සායනික පරීක්ෂවල ප්‍රතිපල කෙරෙහි මෙන්ම වසර සිය දහස් ගණනක අත්දැකීම් කරපින්නා ගත් දේශීය වෛද්‍ය ක්‍රමවල ප්‍රතිපල කෙරෙහිද විශ්වාස තැබිය හැකිය. කෙසේවුවද දේශීය වෛද්‍යක්‍රම සඳහා යොදාගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය බැවින් බටහිර පෙති, කරල් තරම් ශරීරයට අහිතකර වේ යැයි සිතිය නොහැක. මෙම ප්‍රතිකාර ක්‍රම දෙක තුලම අවස්ථානුකූලව වටිනාකම් ඇත. කිසිවක් නොදැන මෙලෙස නිර්දය ලෙස විවේචනය කිරීම වෛද්‍යවරයෙකුට නොගැලපෙන ලජ්ජා සහගත ක්‍රියාවකි.