(විනීතා එම් ගමගේ)
ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය.
ලී බඩු නිෂ්පාදනයේ දී අවශ්‍ය වන ලී පිටරටින් ගෙන්වීමට පියවර ගන්නා බව කී ජනාධිපතිවරයා පරිසරය වෙනුවෙන් දැඩි නීති පනවා ඇති බොහෝ රටවල මේ නීති ක‍්‍රියාත්මක වන්නේ යැයි ද කීය.
ලොව බොහෝ රටවල ලීමෝල් තහනම් බව සිහිපත් කළ ජනාධිපතිවරයා වන වගාව වැඩි කිරීමට නම් දැඩි තීරණ ගත යුතු බව සඳහන් කළේය.
තමන් පොළොන්නරුවේ ගමක මළ ගෙදරක ගිය අවස්ථාවක එහි සිටි දුප්පත් ගම්වැසියෙක් හැම තැනම දම්වැල් කියත්, මේව තහනම් කරන තුරු කැලෑ කැපිම නවත්වන්නට බැහැ යනුවෙන් තමන්ට කී බවත් ඒ අනුව කල්පනා කර බලා දම්වැල් කියත් සියල්ල ලියාපදිංචි කළ බවත් කී ජනාධිපතිවරයා පරිසර අමාත්‍යංශයේත් අදාළ ආයතනවලත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගතුන් සිටියත් මෙවැනි උපදෙසක් කිසිවිටෙකත් නොදුන් බවත් සඳහන් කළේය.
ලියාපදිංචි කිරීම ආරම්භ කර සති තුනක් ගත වනවිට 82000 ක් දම්වැල් කියත් ලියාපදිංචියට ඉල්ලූම් කර තිබු බව ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (6) පැවති ලෝක පරිසර දින ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ නීති ජනතාවට ප්‍රස්නයක් වෙන්නේ නැහැ. හේතුව ඔයා දෙසැම්බර් මාසේ ජනතාව ගෙදර යවනවනේ.
පොරවත් තහනම් කරානම් මෙයාගේ මල්ලිත් තාම ජීවතුන් අතර. කට විතරයි. වැඩ නෑ. අරෙහෙ විල්පත්තුව ඉවරයි.
මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉස්සෙල්ලාම රට ඇතුලේ රජය අනුග්‍රහයෙන් කරන වන විනාශය නතර කරන්න
ලීමෝල් කෙසේවෙතත්, වඩුමඩු තහනම් කරපුවහම පරම්පරා ගණනක් වඩු වැඩ කරපු මිනිස්සු අනාගතේ මොනවද කරන්නේ. ගෙයක් දොරක් හදන මිනිහෙක් ජනෙල් උළුවහු ටික හදාගන්නේ ජනාධිපති මැදුරෙන්ද ? පිටරටින් ගේන ඒවාට කප්පරක් බදු ගැහුවම ඒවා ගන්න මේ රටේ මිනිස්සුන්ට සල්ලි තියෙන විදියේ ආර්ථිකයක් හදලා තියෙනවද ?
කියත් නොවෙයි බදුර්ධීන් ඉන්නකම් කැලේ බේරගන්න බෑ.
ඇස්බැස්ටෝස් තහනම් කළා, ග්ලයිෆොසේට් තහනම් කළා, මරණ දඬුවම ක්‍රියාත්මක කළා, මඩු වලිගෙන් තැලුවා, අයිසිස් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමුවා, අපිත් දුන්නෙ ඡන්දෙ
විල්පත්තු විනාසේ වළක්වාගන්න බැරි කෙනා මෙතන කතා කියනවා
ජයවේවා!!!
අවශ්‍ය වන ලී පිටරටින් ගෙන්වීමට..... ආ හා නාගන්න හදන්නේ
ජනපතිතුමනි ...........රටේ සම්ප්‍රදායික කර්මාන්ත නවතා දැමිම නොව කල යුත්තේ ඒ සදහා නිසි අණ පනත් ගෙනවිත් පගාවට පරිසරය වනසන නිළධාරින් එම ස්ථාන වලින් නොව රස්සා වලින් ඉවත් කිරිමයිි .... ඔබ තුමාට මේ කර්මාන්තයේ සිදුවන හානිය දැන් තේරුම් ගන්න කාලයක් ගත වුනාට අපි මේ හානිය හෙලි කලේ දශකයකට පෙර ඉදලා... ඒ කාලයෙත් ඔබ තුමා ඇමති තනතුරක් දැරුවාට කිසිම වගක් පවසා තිබුනේ නැහැ..
පිස්සු කියන්නේ නිකන් නෙමේනේ. ඔක්කොම තහනම් කරලා ඔක්කොම රටින් ගේමු හිටන්.
එතකොට කඩු? ආ හරිනේ ඒවා ගස් කපන්නනේ
දැන්නම් තත්ත්වය හොඳටම භයානකයි වගේ... හොඳ වේලාවට දෙසැම්බර් ඡන්දේ...
ඔබ තුමාගේ අදහස්නම් දෙකේ පන්තියේ ළමයෙකුගේ වගේ ජනාධිපතිතුමනි.....
පොළොන්නරුවේ ලොකු මෝලක් හදලා, දොර උළුවහු බාල්ක හදනවා. අනිත් මෝල් වහනවා.
එතකොට ඇල්ලුම් ගහට මොක්කද්ද වෙන්නේ? දැන් ඒ මාතෘකාව ඉවරයි නේ.
පිටරටින් ලී ගෙන්න ඔය හම්බකරගත් සල්ලි ටික දෙනවනම් අපිත් කැමැතියි, තුවාලයට නියම වෙදකම නොකර උඩින් පැලස්තර ගහපු එක තමයි හැමදාම කලේ.
මෝඩ කමට බේත් නැ .නැවතත් ගල් යුගයට අරන් යන්න වගේ .වන විනාශ කරන්නන්ට විරුද්ධව දැඩි නීතිගේන්නෙ නැතිව මිනිසුන්ගේ වතුපිටි වැඩ කටයුතු අඩාල කිරිමක් සහ දුප්පත් වඩුකාර්මිකයව කබලෙන් ලිපට දැමීමක් මෙමගින් සිදුවෙනවා .
මේක මෝඩ තීරණයක්.
බොහෝ රටවල ලී මෝල් තහනම් ඒ රට වලින් එන ලී ඉරා තිබෙන්නේ කොහොමද?
කපන්න දෙන්නේ නැතිනම් ගස් වවන්නේ මොකටද?
හාල් මෝලුත් තහනම් කරන්න වැලි ගොඩ දාන එකත් තහනම් කරන්න
හාල් මොලුත් තහනම් කරලා හාලුත් පිටරටින් ගෙනෙමුද ?
හොඳ තීරණයක් ජනාධිපතිතුමනි.
ගම්වල නම් ගස් කැපිල්ලක් වෙන්නේ කලාතුරකින්. තමාගේ හදන නිවසට ජනේලයක්, උළු වස්සක් වගේ දෙකට. ඒකත් කරන්නේ ග්‍රාමසේවක හරහා බලපත්‍ර හදාගෙන. ගස් කපන්නේ දේසපාලකයෝනේ රජයට අයත් රක්ෂිත වනාන්තර වල.
විල්පත්තු කපනවා ඒවා ගැන කියන ඒවා නායකයෝ සත පහකටවත් ගණන් ගන්නේ නැ.. මිනිස්සුන්ට දේවල් නැතිනම් තට්ටු නිවාස වගේ ඒවා හදලා දෙන්න පුළුවන්. කැළේ විනාස කරන්නේ නැතුව. කැළේ විනාස කරන අයට මොකුත් ගැටළුවක් නැ. අහිංසක මිනිහෙක්ගේ තමන්ගේ වත්තේ තියන ගහවත් කපාගෙන ගෙයක් දොරක් හදන එකත් කරගන්න බැරි වෙන එකක් තමයි ඊලගට
කාටත් නොතේරෙන වෙන පැත්තක් තියෙනවා, දැන් දැන් ලී ව්‍යාපාරයත් මුස්ලිම් අය අල්ලලා ඉවරයි. අරාබියෙ ගස් නැති නිසා තරහටම ලංකාවෙ ගස් කපනවා, වඩු මඩු බාගෙට බාගයක් ඔවුන්ගේ
අපේ වත්තේ පොඩි තේක්ක ගස් ටිකක් තියෙනවා දැම්මම කපලා දාන්න ඕන. වඩු මඩු නැතිව ලී වලින් මොනවා කරන්න ද? ගෙඩි හැදෙන ලොකු තේක්ක ගහක් තියෙනවා දන්න කෙනෙක් තේක්ක ගෙඩිවලින් කෑම හදන රෙසිපි එකක් එවනවා ද?
දුප්පත් වඩු කාර්මිකයින්ගේ බඩට ගහන වැඩක්
පිටරටින් ගෙන එන ලී වලට ගසන බද්ද ඉවත් කරාම මිනිස්සු ගස් කපන එකක් නැහැ, ලංකාවේ ලී ගිනි ගණන්
කියන ඒවා එකක්වත් නොකරන එකේ හොදකුත් තියෙනවා
තව මාස කීයද? ලී මඩු ඡන්ද ගොඩත් පොහොට්ටුවට.
හොඳ තීරණයක් ජනපතිතුමනි
ගෙදර ගහක් වැටුනොත් දිරන්න අරිනවද
ඇත්තටම මේ මනුස්සය පිස්සු වැටීගෙන එනවද කොහේද හරිම භයානකයි තත්වෙ දැන්නම්
පිිටරට ඉන්න අපිට ලැජ්ජයි යකෝ අනේ කටවහගෙන හිටපල්ලකො. අපි මැරිල නුඹලාට සල්ලි එවන්නම් එකෙන් කාල බුදිය ගනිල්ල. මහෙ එවුන් අහනව තොපේ රට පාලනය කරන්නේ මන්දබුද්ධිකයෝද කියල. තුක් නොදකින්. වඩු මඩු තහනම් කරන්න නෙමෙයි යකෝ ගහක් කපන්න අවසර ඉල්ලනකොට ඒ අවසරය ලබල දෙන්න කලින් කපන ගහ වෙනුවට ගහක් හිටවන විදියේ නීතියක් ගෙනෙන්.
මුලින්ම ඔබතුමා ගෙදර තියන ලී බඩු ඔක්කොම එලියට විසි කරලා රටට ආදර්ශයක් දෙන්න
පළමුව මෙතුමාට අනුකම්පා කරන්න කියල ඉල්ලා සිටිනවා මොකොද මේ තරම් ජනතාවට බොරු කියන බොරු කරන කෙනෙක් මුළු ලෝකෙම නැති නිසා . තව ටික දවසකින් මෙතුමාට වෙන දේ මෙතුමා දන්නා නිසා දන්නා සේරම බොරු ටික කියනවා.
හිරිකිතයි අප්පා , විල්පත්තුවේ ගස් කපලා විනාශ උනාට පස්සේ දැන් කියන කතා බලන්න.
බදුරුධීන් ගස් කපනකොට සද්ද නැතුව ඉදලා , දැන් කියන කතාව.
වඩු බාස්ලාවත් හිරේ දමන්න ඕන. වඩු වෘත්තීය පමණක් නොවෙයි, කියත, මිටිය, යතු කැටය, ඉස්කුරුප්පු නියන, බුරුමය, වගේ අවි ආයුධත් තහනම් කරමු නේද?
මහදැන මුත්තා කැපුවලු එළුවාගේ බෙල්ල.
ගෙදරට වෙලා පත්තරෙන් දැනගන්න
මේපාර මොරටුව පැත්තේ ඡන්ද ටිකට මොකද වෙන්නේ මයිත්‍රී මහත්තයෝ..? ඇන ගත්තාවත්ද...? එහෙම නැතිනම් මෙය ඔබතුමාගේ ප්‍රකාශයක් නොවෙයි මේ පත්තර කාරයින්ගේ කතාවක් කියලා බේරෙන්න නම් බැරිවේවි. රටේ ඔක්කොම දැක්කා ඔබගේ ප්‍රකාශය. රටේ ජනාධිපතිවරයා වශයෙන් ඔබ කල මේ කතාවේ ප්‍රතිපල ඔබට ළඟදීම අත්දකින්නට ලැබේවි.
වඩුවන්ට රස්සා හොයාගන්න කියල අවරුදු 5 කල් දුන්නට , වඩුවෝ ටිකත් ඔබට විරුද්ධ පිලකට සෙට් වෙලා ඔබව මාස 5-6 ඇතුලත ගෙදර යවන එක අනිවාර්යයෙන් සිදුකරාවි , වඩුවෝ කියන්නේ මෝඩයන් නොවේ වඩු වැඩ කරන්න යම්කිසි පමණක ගණිත දැනුම සහ සරල ඉංජිනේරු ශාස්ත්‍රය අවශ්‍ය වෙනවා .
අන්න හරි. පැල සිටුවීමත් නවත්වමු.
එතකොට පාසල්වල වඩුවැඩ පුහුණුව අයින් කරනවද? තවත් ත්‍රී වීලර් ගෙන්වනවාද? ස්වයන් රැකියාවක් නැති කරනවාද?