
(ශාන්ත රත්නායක)
දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් පසු ගියද දක්නට ලැබුණු අතර අද ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමි තෙල් ගැනීම සදහා උදැසන සිටි දිගු පෝලිම් දක්නට ලැබුණි.
එහිදී පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔහුන් කියා සිටියේ ලාෆ්ස් ගෑස් මෙන් භුමි තෙල් ගන්නට නැත්වෙයි යන බියෙන් බවත් නමුත් දවස් තුනක සිටි මෙම පිරවුම්හලේ භුමි තෙල් ගන්නට නොතිබුණු නිසා අද උදැසන වන විට භුමි තෙල් තිබුණු නිසා මිලදී ගැනීමට ආ බව කියා සිටියේය.
දෙමටගොඩ, ඔරුගොඩවත්ත ,මරදාන ආදි ප්‍රදේශ රැසක හිස් කැන් තබා ගත් පිරිස් භුමි තෙල් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු දක්නට ලැබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල පෝලිම්වල සිටිනා බොහෝ දෙනෙකු 70 - 77 කාලයේ භූමිතෙල් ගන්නට, කිරිපිටි ගන්නට, පාන් ගන්නට, සීනි ගන්නට වෙනත් තැනක මෙවැනි ආකාරයටම පෝලිම් වල සිටින්නට ඇත. එමෙන්ම ඩේටා ලබාගැනීමට මුදල් නොමැතිව ජංගම දුරකථන අතැතිව කතාකිරීමට නොහැකිව ලතැවෙන්නා වූ වර්තමාන තරුණ ප්‍රජාවට මෙය අලුත් අද්දැකීමක් වනු ඇත.
අනේ, මෙහෙමත් කාලකණ්ණි ආණ්ඩුවක්... ආපු දවසේ ඉඳන් ජනතාවට කරදර...
අපේ මිනිස්සු පොලිම්වල ඉන්න ආසයි වගේ...
මෙහෙන් දානවා. ගෑස් නෑ. පිටි නෑ. අරවා නෑ. මේවා නෑ. කියලා එහෙන් දානවා රට වහන්නේ නැහැ කියලා... ඔක්කොම තියෙන්නත් ඕනෑ. පඩිත් ඕනෑ. දීමනාත් ඕනෑ. එන්නතුත් ඕනෑ. රට වහන්නත් ඕනෑ.
අපිට නම් ඔය කිසි කරදරයක් නැහැ. ඕනේ බඩු ටික ගෙදරටම එනවා.
එන්නත් ගැසීමටත්, අවශ්‍යතාවන් සපුරා ගැනීමටත් මෙහෙම පෝලිමේ ගියාම කෝවිඩ් පොකුරු හැදෙන්නේ නැද්ද? මේවාට විසඳුමක් හැටියට භූමිතෙල් (පෙර කාලේ කරත්ත වාගේ) බෙදන්න ක්‍රමයක් ඇතිකරන්න බැරිද?
මේ තියෙන්නේ තව පෝලිම් හදාගන්න විදිය... කෝච්චර කිව්වත් ඔලුවට ගන්නේ නෑ... ළඟටම වෙලා තුරුල් වෙන්ඩම තමයි හදන්නේ... ඉතින් කොහෙද කෝවිඩ් හොඳ කරන්නේ...? තව පෝලිම් හැදෙයි..., ඉස්සරහට.
පොලිසිය පන්නන්නේ මාස්ක් වලට විතරයිද? කෝ මේ පින්වල මීටරේ? පරතරය දැක්කෙම නැද්ද? පරතරය තියලා දිගු පෝලිම් හදන්න රජය කටයුතු කිරීමෙන් කොරෝනා වැළැක්විය හැකියි.
ඔතන වැඩි දෙනෙක් 69 ලක්ෂයේ සාමාජිකයන් බව නොඅනුමානයි...