IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලබන වසරේ සිට නොමිලේ තේ පැළ

(සුජිත් හේවාජුලිගේ )

වගා කිරිමට කැමති ඕනෑම පුද්ගලයකුට තේ පැළ ලබන වසරේ සිට නොමිලේ ලබාදීමට  කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

එසේම බිම් සකස් කිරීම සඳහා මූල්‍ය සහනාධාර ලබාදීමටද කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.

ඇමැති  රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසූවේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  පසුගියදා පැවති සාකච්ඡාවකදීය.

දැනට පවතින ක්‍රමවේදයට අනුව තේ අස්වැන්න ලබා ගැනීමට අවුරුදු තුනහමාරත් හතරත් අතර කාලයක් ගත වන  හෙයින් වගාකරුවන් අධෛර්යයට පත් ව සිටින බව පැවසූ ඇමැතිවරයා නව ක්‍රමවේදය අනුව  වගා කිරීම සඳහා තේ වගාකරුවන්  වැඩි වැඩියෙන් ඉදිරිපත් වනු ඇතැයිද  විශ්වාසය පළ කළේය.

අලුත් ඉඩම්වල තේ වගා කිරීම ආරම්භ කළ යුතු බවද  ඔහු කීවේය.

රට පුරා ඇති මුඩු ඉඩම්ද තේ වගාව සඳහා යොදාගැනීමට  ලබන වසරේ සිට බලාපොරොත්තු වන බවත් එම වැඩපිළිවෙළ හේතුවෙන් රටේ තේ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති වනු ඇතැයි  බලාපොරොත්තු වන බවත් පතිරණ මහතා පැවැසීය.

තේ  දළු නෙළීම සඳහා   යන්ත්‍ර යොදා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් වැඩිදුරටත්  සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට  රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, වතු ප්‍රතිසංස්කරණ,තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජේ එම් තිලකරත්න බණ්ඩා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (8)

ලබන වසරේ සිට නොමිලේ තේ පැළ

Hafeel Thursday, 28 October 2021 01:33 PM

ගොවීන්ට නොමිලේ පොහොර දුන්නා වගේද මේකත්? අඩු තරමින් මුදලට හෝ ගොවීන්ට පොහොර ටික දෙන්න බැරි ආණ්ඩුව, දැන් කියනවා නොමිලේ තේ පැල දෙනවලු. මහින්දානන්ද, බන්දුල, සරත් වීරසේකර වෙන්න එපා.

:       0       9

Prabha Thursday, 28 October 2021 01:50 PM

මේ යන විදියට ඒ වෙනකොට තේ කර්මාන්තය ඉතුරු වෙලා තිබුනොත් හොඳයි

:       0       10

Shashika Thursday, 28 October 2021 02:35 PM

තාත්තාටත් ලැජ්ජයි. බයිල ගහන උද්දික පුතා

:       0       9

අප්පුහාමි Thursday, 28 October 2021 04:14 PM

අමාත්‍යාංශයේ සිටින ලේකම්තුමා සහ ඉන් පෙර සිටි රංජිත් ලේකම්තුමාත් ඉතා දක්ෂ නිලධාරින් දෙදෙනෙක්.. ක්‍රියාවලිය සාර්ථක වේවි. නමුත් තේ අස්වැන්න ගැනීමට ඇත්තටම අවුරුදු තුන හමාරක්, හතරක් අවශ්‍ය නැහැ... මම කුඩා කාලයේ ඇට පැල සිටුවා එපමණ කලක් ගත්තත් විශ්‍රාම ගැනීමෙන් පස්සේ මමත් කුඩා ඉඩමක තේ සිටුවා මාස 11න් අස්වැන්න ගත්තා. අවශ්‍ය වෙන්නේ උනන්දුව හා කපවීම... පැලදීම සමග දලු කැඩීම පුහුණු කළොත් වටිනවා.. සමහර දලු කඩන අය දළුකඩන්නේ රැවුල කපනවා වගේ. එයින් අස්වැන්න අඩුවෙනවා... යන්ත්‍රයක් හඳුන්වා දුන්නොත් වටිනවා...

:       0       3

චන්දන හෙට්ටිගමගේ Thursday, 28 October 2021 04:38 PM

මේ යක්කුන්ට පිස්සුද මන්දා? කරන්න ඕනෑ දේ මගහැරලා නොකෙරෙන දේවල් කිය කියා පාරම්බානවා. අනික රැස්වීමක් තියලා කතා කරන්න ඕන ප්‍රශ්න තියන අයත් එක්ක. නිකන් කාලයයි, සල්ලියි දෙකම නාස්ති කරන වැඩ...

:       0       4

ජනතා හඩ Thursday, 28 October 2021 05:37 PM

අර විල්පත්තු කපපු කට්ටියට ගස් හිටවන්න කියලා දුන් දඬුවම වගේ, තේ වගාව විනාශ කළ එකට හරියන්න තේ පැළ බෙදා දෙනවා වගේ. මේ ආකාරයට තීන්දු තීරණ ගන්න ලෝකයේ එකම රට ලංකාවද? පාසල් දරුවන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුරු දෙගුරුන්ටත් බැරි වී ඇත්තේ අධ්‍යාපනය නිම වී වෛද්‍ය.., ඉංජිනේරු , නීතිඥ , විනිසුරු හා දේශපාලකයන් වැනි තනතුරුවල සිට ලංකාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවල නිවැරදි බව අද පාසල් දරුවන්ට පවා ගැටළු සහගත වී ඇති බැවිණි. අපේ රට කරන්නේ වියතුන්ද? නැතිනම් පෙර පාසල් වියේ නාට්‍ය රඟ දක්වන්නන් දැයි කෙනෙක් විලම්භිත විය හැක.

:       0       4

Prasad Thursday, 28 October 2021 06:09 PM

අපට ඕනේ ඉහළ මිලක්... 2015 දී කිලෝ එකට 105ක් ලැබුණා... 2021 විතර 100යි...

:       0       1

Ferna Thursday, 28 October 2021 06:47 PM

උක් පැලයකුත් බෙදාදෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 111 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site