බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර බලා ධාවනය වූ කන්ටේනර් රථයක තිබී මළ සිරුරු 39ක් හමු වී ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය කියයි.
මිය ගිය පිරිස අතර වැඩිහිටි පුද්ගලයන් 38දෙනෙකු සහ තරුණයකු සිටින බව අනාවරණය වී තිබේ. මිනිස් ජාවාරමක් සම්බන්ධ සිදුවීමක් මීට හේතුවන්නට ඇතැයි පැවසේ.
තේම්ස් නදිය සමීපයේ පිහිටි ග්‍රේස් නම් කාර්මික පුරයකදී මෙම මළ සිරුරු සහිත කන්ටේනරය හඳුනාගෙන ඇත. බල්ගේරියාවේ සිට මෙම රථය බ්‍රිතාන්‍යයට පැමිණ ඇත්තේ පසුගිය සෙනසුරාදා දින යේදී බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.
කන්ටේනරයේ රියදුරු මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අයර්ලන්තයේ පදිංචි 25 හැවිරිදි තැනැත්තෙකි.
මිය ගිය පිරිස හඳුනාගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බවද පොලිසිය කියයි.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් මෙලහකට මලකඳන් ටික TV මුදලාලිලා මාර්කට් කරලා ඉවරයි.