භාරතයේ ගීත කෝකිලාවිය වන, ලතා මංගේෂ්කාර් පසුගිය සඳුදා දිනයේ මුම්බායිහි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණද, ඇගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා ඇයව රෝහල් ගතකෙරිණි. ඇය මේ වනවිට 90 හැවිරිදි වියේ පසුවන්නීය.
රෝහල් ගතකිරීමෙන් පසු රෝහල් ආරංචි මාර්ග සඳුදා පැවසුවේ ඇගේ තත්ත්වය බරපතල බවයි. කෙසේවෙතත්, එම පවුලේ සාමාජිකයන්ගේ ප්‍රකාශයකු පැවසුවේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බවයි.
“ලතා මහත්මියට දැන් සෑහෙන්න සුවයි. ඔබ සියලුදෙනාගේම ප්‍රාර්ථනා සහ යාච්ඥාවන්ට ස්තූතියි. ඇය උපරිම සුවය ලබාවී කියායි අපි බලාගෙන ඉන්නේ. එවිට ඇයට ඉක්මණින් නිවසට එන්න ලැබේවි. අප සමඟ මේ අවස්ථාවේ සිටීම සහ අපගේ පෞද්ගලිකත්වයට ගරුකිරීම ගැන ස්තූතියි” යැයි පවුලේ ප්‍රකාශකයෙක් පැවසීය.
ලතා මංගේෂ්කාර් මහත්මිය නියුමෝනියාවෙන් සහ හෘදයේ වම් කෝෂිකාවෙහි ක්‍රියාකාරීත්වයෙහි මතු වූ ගැටලුවක් හේතුවෙන් පීඩා විඳිමින් සිටියාය.
පවුලේ සාමාජිකයන් ඉන්පසුව සඳහන් කළේ, මංගේෂ්කාර් මහත්මියගේ සෞඛ්‍ය තත්වය සැලකිය යුතු අන්දමින් සුව අතට පත්වන බවයි.
“ඇය එම රෝගී තත්වයෙන් ඉවතට පැමිණීමට දැඩි සටනක් ගත්තා. ගායිකාවක වීමෙන්, ඇගේ පෙනහලුවල රැඳී තිබූ ශක්ති ප්‍රමාණයෙන් ඇය එම රෝගයෙන් ඉවතට පැමිණියා.”
ලතා මංගේෂ්කාර් මහත්මිය ‘ඒක් ප්යාර් කා නග්මා හේ’, ‘රාම් තේරි ගංගා’, ‘ඒක් රාධා ඒක් මීරා’, ‘දිදී තේරා දීවර් දිවානා’ වැනි ජනප්‍රිය හින්දි ගීත ගණනාවක් සඳහා දායකත්වය ලබාදී ඇත. 2001 වසරේදී ඇයට ඉන්දීය රජය විසින් භාරත රත්න සම්මානය පිරිනමන ලදී.
“ශ්‍රී ලංකා... මා ප්‍රියාදර ජයභූමි” ගීතයේ මුල් ගායිකාව වන්නේද ලතා මංගේෂ්කාර් මහත්මියයි. ඇය විසින් මෙම ගීතය ගායනා කරන ලද්දේ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සැඩ සුළං’ චිත්‍රපටය වෙනුවෙනි.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)

2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
882
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලතා මංගේෂ්කාර් සුව අතට
Rohana Thursday, 14 November 2019 02:03 PM
ඔබට ඉක්මන් සුව... ලතාගෙන් 70 දශකයේ සජීවී ගීතයක් අහන්න අාසයි.