(යොහාන් භාසුර)

අන්තර්ජාල හරහා අළෙවි කරන ‘ඔන්ලයින් ලොතරැයි’ ඉදිරිපත් කිරීමට සැළසුම් කරමින් සිටින බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥා ලලිත් පියුම් පෙරේරා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

වර්තමාන මුද්‍රිත ලොතරැයි තිබියදීම ‘ඔන්ලයින් ලොතරැයි’ ක්‍රමයට යෑමේ අවශ්‍යතාව ‘කොවිඩ්’ වසංගතයත් සමඟ ඇති වූ තත්වය හමුවේ වඩාත් කැපී පෙනිණු බව කී ලලිත් පියුම් පෙරේරා මහතා ‘ඔන්ලයින් ලොතරැයි’ ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තා සකස්කරමින් සිටින බවත් සඳහන් කළේය.  

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ලොතරැයි අළෙවිකිරීමෙන් යැපෙන පවුල් 25000 ක් පමණ වන අළෙවි ජාලයට හානියක් නොවන ආකාරයට කළ යුතු බව සඳහන් කළ සභාපතිවරයා එම අළෙවි ජාලයේ මිනිසුන් රැකබලාගැනීමේ ක්‍රමයක් සකස් කර ‘ඔන්ලයින් ලොතරැයි’ ක්‍රමය ක්‍රියාත්මක කළයුතු බව ද කීය.

‘ඔන්ලයින් ලොතරැයි’ ක්‍රමයට නොයන්නේ ඇයි දැයි ‘කෝප් කමිටුව’ තමන්ගෙන් විමසූ බවත් වර්තමාන අළෙවි ජාලය ආරක්‍ෂා කරගනිමින් ඒ සඳහා යායුතු බව එහිදී පෙන්වා දුන් බවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥා ලලිත් පියුම් පෙරේරා මහතා වැඩි දුරටත් සදඟන් කළේය.