(අජන්ත කුමාර අගලකඩ)

ගෑස් සමාගම් විසින් වෙළඳ පොළට අලුතින් හඳුන්වා දෙන ලද ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී තිබේ .

මෙම නව ගෑස් සිලින්ඩරය වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ රුපියල් 1395 ක මිලකට ය .

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1495 කට තිබියදී ලිටර්18 ගෑස් සිලින්ඩරය රුපියල්1395 ක මිලකට අලෙවි කිරීම අසාධාරණ බව වෙළෙඳ ඇමැතිවරයා පෙන්වා දී ඇත.

මේ අතර නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් සටහන් කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත .