
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන්ට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කල ගෑස් සමාගම් සහ වගකිව යුතු රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කල රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හර්ෂ අමරසූරිය මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නියමිත සංයුතියක් මේ වනවිට නොමැති බවත් , එහි තිබිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේය.
ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මේ වන විට වෙළෙඳපොළට මුදාහරිමින් තිබෙන බව ඔහු පැවසුවේය.
ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න, වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන්නැයි පොලිස්පතිට නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ලාෆ්ස් හෝල්ඩින්ග්ස් ලිමිටඩ්,ලිට්ට්රෝ ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න, වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න, රජයේ ප්‍රධාන තක්සේරුකරු ඇතුළු දස දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
COMMENTS
මෙතුමා ජනතාව වෙනුවෙන් සෑහෙන නඩු ප්‍රමාණයක් දමාගෙන තියෙනවා..
පන්සලේ පිං කැටේ කඩපු මිනිහාටත් දැන් පුළුවන් ආයේ කඩන්නේ නෑ කියලා අධිකරණයට පොරොන්දු වෙන්න.
දැන් සියල්ලම හරිද ? වැරදි කරුවන් ? මෙම විනශයට වගකිය ඈයෝ ? දඩයම් ? පොරොන්දුවකින් හමාරද ?
අපි TV එකේ දැක්කා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය කිව්වා ඒ ගොල්ලන් ගෑස් සිලින්ඩරයේ ප්‍රමිතිය විතරයි බලන්නේ..., ගෑස්වල අඩංගු සංයුතිය බලන්නේ නැහැ කියලා. එහෙම වුනොත් නැවතත් ගෑස් උඳුන් පුපුරලා මහජනතාවට මරණ බියෙන් තමයි ඉන්න වෙන්නේ...
සිද්ධිකා කියන්නේ අර ජනතාව වස ටිකටික කෑවට කමක් නැහැ, හරියට කළොත් සමාගම් බංකොළොත් වෙනවා කියලා කියපු කාන්තාව නේද?
මේවා තමයි සෞභාග්‍යයේ දැක්ම... හැබැයි වෙන රටක නම් කට්ටිය ඔක්කොම හිරේ...
නාගානන්ද මැතිතුමනි, පාහර හොර කල්ලියට එරෙහිව එඩිතරව නඩු පැවරීම ගැන ඔබට ජාතියේ ප්‍රණාමය...! ඔබ ජාතියට සම්පතකි.
වෙන රටක නම් මේ ලොක්කෝ සියල්ල අනියම් මිනීමැරුමකට... දේපළ විනාශයට විශාල වන්දියකුත් ගෙවලා අවුරුදු 30-40 ක් හිරේ...
වියත් මගේ මීහරක් දාගෙන මේ කම්පැනි විනාශ කරා
පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා ඇතුළු දැනට චෝදනා ලබා ඇති රාජ්‍ය නිලධාරින් වගකිව යුතු වන්නේ නම් මෙම මරණවලටද ඒ හා සමානව රජ්‍ය පාර්ශවය අනිවාර්යයෙන් වගකිව යුතුයි. පාස්කු ප්‍රහාරයේදි අදාළ පාර්ශව වගකීම පැහැර හැර ඇත්තේ නම් මෙතන සිදුවී ඇත්තේද එයමයි. එහෙත් කිසිවෙක් අත්අඩංගුවට පත්වි නොමැත්තේ රට ආරක්ෂා කිරීමට පැමිණි රජයකින් එය සිදුවී ඇති නිසාද?
ප්‍රධාන වගඋත්තර කරු ජනාධිපති විය යුතුයි නේද ?