
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකම ගෑස් සැපයුම තව දුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව අද (03) පස්වරුවේ කළ විමසුමකදී පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් 42 ක සහ 14,000 ක් වන සෙසු අළෙවි නියෝජිතයන් අඛණ්ඩව සැපයුම් කරන බව කී ලිට්‍රෝ සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා අළෙවි නියෝජිතයන් සතුව ඇති ගෑස් සහිත සිලින්ඩර් නැවත එකතු කිරීමක් මේ දක්වා සිදුවෙන බව ද සඳහන් කළේය.
කෙරවලපිටිය පිරවුම් මධ්‍යස්ථානය නඩත්තු සහ ප්‍රමිතිය තහවුරු කිරීමේ කටයුතු සඳහා තාවකාලිකව වසා දැමූ බව ලිට්‍රෝ සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා අද පස්වරුවේ පැවසීය.
ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ සැපයුම අත්හිටුවන ලෙස දැනුම්දීමක් කර නොමැතිවීම නිසා සැපයුම අත්හිටුවා නොමැති බවත් ගෑස්වල ගන්දනය අති කරන ‘එතිල් මර්කැප්ටන්’ ප්‍රමාණය වැඩි කරන ලෙස පමණක් දැනුම් දී ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාෆ් කාරයා ගෑස් දෙනවා කියන්නේ මෙච්චර කල් දුන්නා වගේනේ. කහ සිලින්ඩරයක් දකින්නවත් නෑ. වෑගපිටියා ගෑස් දෙනවලු. අපේ සිලින්ඩරවල සල්ලි දෙන්න.
ලෝකෙට පරකාසේ.., ගෙදරට මරගාතේ කියනවා.. ඒවගේ ලාෆ් මුදලාලිගේ දිස්ත්‍රික්කයේ නම් ලාෆ් ගෑස් දැක්ක කාලයක් මතක නැහැ...