(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතය මධ්‍යයේ ජනතාවට බරක් නොදීම සඳහා කටයුතු කිරීමෙන් ලිට්‍රෝ ගෑස් සමාගම උපයාගෙන තිබූ මූල්‍ය සංචිතයෙන් රුපියල් බිලියන 10ක් හෙවත් කෝටි 1000ක් මෙම වසර තුළ පමණක් වැය කර ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති නීතිඥා තෙෂාර ජයසිංහ මහතා පැවසීය.
රටේ හැදෙන වැවෙන දේවල් අඩු මිලට දෙන්න බෑ කියන වර්තමානයේ රාජ්‍ය ආයතනයක් ලෙස ලිට්‍රෝ සමාගම වෙනත් රටකින් ගේන දේයක් මේ ආකාරයට පාඩු ලබා ජනතාවට ලබාදීම ගැන ආයනයක් හැටියට සතුටු විය හැකි යැයි පැවසූ සභාපතිවරයා ලාභ ලැබූ රාජ්‍ය ආයතනයක් ලෙස ලිට්‍රෝ සමාගම වසර 10 ක පමණ කාලයක් ඉතිරි කරගෙන තිබූ මුදල් මේ වැය කළ බවත් සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම වර්තමාන මිලට ගෑස් සැපයීමෙන් දිනකට මිලියන 80ක් හෙවත් ලක්‍ෂ 800ක් පමණ පාඩු ලබන බවත් මේ ආකාරයට තව දුරටත් පැවතිය හොත් ලිට්‍රෝ සමාගමට ද ණය ඉල්ලීමට සිදුවිය හැකි බවත් තෙෂාර ජයසිංහ මහතා කීය.
ආයතනය අඛණ්ඩව පත්වාගෙන යෑම සඳහා ගෑස් මිල වැඩි කරන ලෙස කාලයක සිට ඉල්ලීම් කළ ද මේ දක්වා හොඳ ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් කළ සභාපතිවරයා පැවසුවේ ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 368 ක් තිබියදී 2019 වසරේ අගෝස්තු මස පාරිභෝගික කටයුතු අධිකාරිය වර්තමාන මිල නියම කර ඇති බවත්ය.
අද වන විට ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 665 ක් දක්වා ඉහළ ගොස් ලබන මාස වන විට එය ඩොලර් 740 ක් වැඩි වනු ඇති බවට විශ්වාස කරන බව ද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති නීතිඥා තෙෂාර ජයසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලිට්‍රෝ ගෑස් මූල්‍ය සංචිතයෙන් කෝටි 1000ක් වැයකරයි