IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලංගම දෛනික ආදායම කෝටි 5 දක්වා ඉහළට

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම කෝටි 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී ලංගම දෛනික ආදායම රුපියල් කෝටියක පමණ අගයක පැවති බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගතයට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දිනකට රුපියල් කෝටි නමයක පමණ ආදායමක් ඉපයූ බවත් නොබෝ දිනකින් එම ඉලක්කයට ළඟාවීමට හෙළිවනු ඇති බවත්  ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට ලංගම කඩා වැටී ඇති බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

සංචරණ සීමා පණවා තිබූ කාලය තුළ සෞඛ්‍ය අංශ,  යුධ හමුදා සහ පොලීසිවල නිලධාරීන් ප්‍රවාහනය කිරීමෙන් කෝටි 90 ක පමණ මුදලක් ලංගමට ලැබීමට ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

ලංගම දෛනික ආදායම කෝටි 5 දක්වා ඉහළට

සුගතන් Thursday, 11 November 2021 06:13 AM

මෙහෙම තියෙද්දි භාණ්ඩාගාරයෙන් වැටුප් ආදියට මුදල් ගෙවනවා නම් ප්‍රයෝජනයක් නැහැ...

:       0       0

Hafeel Thursday, 11 November 2021 11:31 AM

දැන් මෙහම ලාභ ලැබුණ කියල කිව්වට, පාර්ලිමේන්තු කෝප් කමිටුවට ආවුත් පාඩු ලබන ආයතනය බවට පත් වෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site