IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලග්ගලට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ

(අංජුල මහීක වීරරත්න)

ලග්ගලට ඇතිවී තිබෙන අසාධාරනකම් ඊළඟ වසර දෙක තුනේදී නිදොස් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලග්ගලදී අද (28) පැවැසීය.

ලග්ගල වතුර ලග්ගල තියා ගන්නත් කලුගඟ ව්‍යාපාරයෙන් අසාධාරණයක් නොවන ආකාරයට  වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ලග්ගල ප‍්‍රධාන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී විජේරත්න මහත්මිය ලග්ගලට සිදුවී තිබෙන අසාධාරණකම් තමන්ට දැනුම් දී ඇති බවත් කී අග‍්‍රාමාත්‍යවරයා ඊළඟ වසර දෙක තුනේදී මේ සියලු අසාධාරණ නිදොස් කරන බවද කීය.

    ‘‘ලග්ගලට අසාධාරණයක් වෙන්න බැහැ. අනික් ඕනෑම ප‍්‍රදේශයකට උදව් කලාට කමක් නැහැ. ලග්ගල වතුර ඒ ප‍්‍රදේශයටත් ප‍්‍රයෝජනයට ගත යුතුයි යනුවෙන්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසූවේ ලග්ගල ප‍්‍රදේශවාසීන් සඳහා ඉඩම් ඔප්පු සහ සමෘද්ධි ප‍්‍රතිලාභ බෙදාදීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.



අදහස් (12)

ලග්ගලට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ

Bamunuarachchi Friday, 28 June 2019 04:08 PM

අවුරුදු දෙක තුනේදී කොහොම විසඳන්නද? මේ අවුරුදු හතරාමාරටම රටට වැඩක් නොකළ ඔහෙලා... තව මාස 6 කදී තොලොංචි වෙලා යන්න ලැහැස්ති වෙන්න...

:       212       767

Prabha Friday, 28 June 2019 05:18 PM

මෙයා හිතන් ඉන්නේ තව අවුරුදු දෙක තුනක් ඉන්න....

:       20       326

Dan Friday, 28 June 2019 06:41 PM

කටෙන් බතල විතරයි වැඩ නැහැ. තව මාස 6කින් කොහොමටත් ගෙදර... ජනාධිපතිවරණයට ඉල්ලුවොත් මාස හතරකින්ම ගෙදර. සජිත්ට තමයි පක්ෂ නායක කමයි, විපක්ෂ නායක කමයි ලැබෙන්නේ...

:       78       427

Shanaka Friday, 28 June 2019 10:05 PM

කොහොමද ඒක? තව අවුරුදු 2ක් 3ක් ඉන්න ලෑස්තිය...

:       0       0

JANAHITHA Saturday, 29 June 2019 03:45 AM

යූ.එන්.පී, විපක්ෂ ... පරාජය පිළිගන්න වෙලා.. පාරම්පරික දේශපාලනය අත හරින්න කාලය ඇවිල්ලා.

:       16       112

Bandara Saturday, 29 June 2019 06:13 AM

මට නම් මෙයා හරියන්නේ නැහැ.

:       28       76

Sumith Saturday, 29 June 2019 09:44 AM

මේ සැරේ මනාපය ගන්න එක ලේසි නැහැ..

:       7       59

Chathuri Saturday, 29 June 2019 10:59 AM

අපේ රටේ දේශ පාලකයින්ගෙන් උගත්, බුද්ධිමත් ලොව ප්‍රසිද්ධ කෙනකුට ඉන්නේ ඔබතුමා පමණයි. එ්ත් මොකද මේ අපේ රටට වෙලා තියෙන්නේ? ජනාධිපතිටත් වැඩි බලයක් තියෙන්නේ... මොනදේ කරන්නත් කලින් රටක නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. එක හොරෙකුට දඬුවම් දුන්නද? අදටත් නැහැනේ... මුළු ලෝකයම හිනහවෙන්නේ... උගතුන් පිරි රටක්, ඒ රට වලපල්ලට යනහැටි. කිසිම දවසක මෛත්‍රිට නෙමේ බනින්නේ. ඔබතුමාට කෝටිගණන් මුදල් ලැබුණත් ජනතා සම්මානය තරම් ඔය කිසිවක් වටින්නේ නැහැ.. සුද්දෝ පාලනය කරන රටවල ඒ නායකයින් මුදල් පස්සේ, ඡන්ද පස්සේ දුවන්නේ නැහැ. ජනතාවගේ හිත සතුටු කරන්න. වැඩ කරන්නේ නීතිය රජ කරමින්... ඒකයි ඒ රටවල් දියුණු...

:       75       91

AnandaSaturday, 29 June 2019 01:10 PM

මොහු පොතේගුරෙක්, බුද්ධියක් තිබෙන බවක් ඇත්තෙම නැහැ. බුද්ධිමත් නායකයෙකු සහ මෝඩයෙකු අතර වෙනස මොහුගෙන් ඉගෙන ගත හැකි... හැමදාම කලේ බොළඳ බස් කියමින් ජනතාව රැවටීම සහ රට විනාශ කිරීමයි. මොහු තනිකරම රටට පිළිලයකි.

:       139       452

Nuwan Saturday, 29 June 2019 04:01 PM

දන් තම සමෘදිය බලන්නේ. ඡන්දය ළඟ නිසා දුක හිතිලවගේ

:       0       0

Gamage Saturday, 29 June 2019 04:29 PM

ජනතාව දැන් තේරුම් අරන් ඉන්නේ. කොහොමත් විපක්ෂයට යාමට වරම් හිමි වෙනවා.

:       0       0

රුකී Sunday, 30 June 2019 07:38 AM

ගල කියලා මොනයම් ස්ථානයක් වේද, එතැනට එතුමගේ සහයෝගය ලැබෙනවා.

:       0       111

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site